කම්කරු දිනයේ නිහඬ පැති
ළිං මැඩි සංකල්පය පසෙක ලා ජාත්‍යන්තරයට විවර වෙමු.
ඇත්තටම අපි අවුරුද්දට හරියට සමරනවද ?
සුර්‍යා මීන රාශියේ ඉදං මේශ රාශියට ගමන් කරන මේ කාලේ අනාදිමත් කාලයක ඉදං අපේ පැරැන්නෝ නව වසර උදාව හරිම සතුටෙන් අභිමානයේ සශ්‍රීකව සැමරුවා. වසන්තේ උදාවත් සමග ගමේ නගරයේ වෙනසක් නැතුව අලුත් අවුරුද්ද පිළිගන්න හැමෝම ලෑස්ති උනා , අතු මල් බර උනා ඵල බර උනා , අළුත් සහල් මංගල්ලේ හරි උජාරුවට සමරපු අපේ අය එළබෙන වසරටත් සෞභාග්‍ය උදා කරගැනීමේ උවමනාවෙන් අලුත් අවුරුද්දට ලහි ලහියේ ලක ලෑස්ති වෙන කාලේ තමා මේ බක්මහ කියන්නේ. බක් මහ එහෙම නැත්තං භාග්‍යවන්ත මාසේ විදියට සලකන සිංහලයා මේ මාසේ තමන්ගේ එදිනෙදා ජිවිතය අලුත් කරගන්න ලැබෙන අවස්ථාවක් ලෙස සැලකුවා . ගේදොර අලුත් උනා කෑම බීම අලුත් උනා සිතුවිල්ලේ ඉදං නැවුම් මාසිකත්වයක් මේ මාසේ පුරාවට අපි පවත්වා ගන්න උත්සහා කලා. ඉතින් මේ අලුත් අවුරුද්ද කියන්නේ අපේ සමාජයට නිකම්ම නිකං උත්සවයක් නෙමේ හින්දු හා සිංහල සංහිදියාව අගයන තරහා මරහා අමතක කරලා අලුතෙන් ආරම්භයක් ගන්න විවිධ සංස්කෘතික සම්මිශ්‍රනය වන මෞලි මංගල්ලයක් කිව්වොත් වඩා නිවැරදී.
ඉතින් මේ අලුත් අවුරුද්ද අපේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද ? ඇත්තටම අලුත් අවුරුද්ද කියන්නේ කාටත් නොදැනුනාට දැවැන්ත ආර්ථික ක්‍රියාකාරකමක් . සංස්කෘතික වශයෙන් වගේම ආර්ථික වශයෙන් අපිට ඉතා වැදගත් දේවල් ටිකක් අලුත් අවුරුද්දත් සමග අපට කියා දෙනවා. හැබැයි ඔය කියා දීපු පාඩම් අපි හරියට පාවිච්චි කරාද කියන එකනම් ගැටලුවක් තමා.
අලුත් අවුරුද්ද අලුත් දේට තැන දෙන්න අලුත් වෙන්න වෙනස් වෙන්න අපිට කියලා දෙනවා අපි අපේ ජීවිතය ප්‍රතිසංස්කරණය කරලා යාවත්කාලීන කරගන්නේ කොහොමද? අපේ ආර්ථිකය අලුත් කරගන්නේ කොහොමද? අපේ සංස්කෘතික ජීවිතය වෙනස් කරගන්න ඔනේද ? වගේ පුද්ගල බද්ද ප්‍රශ්න සමුදායක්ම අලුත් අවුරුද්ද අපෙන් අහනවා. අපි හරියට ඒ ප්‍රශ්න වලට උත්තර දෙනවනං අලුත් ජීවිතයක් ලගා කරගන්න පුළුවන්. නමුත් රටක් විදියට අපි අලුත් වෙලාද යාවත්කාලීන වෙලාද අපේ නීති, අපේ ආර්ථිකය , රාජ්‍ය සේවය , අපේ වෙළදපල අලුත් වෙලා ප්‍රතිසංස්කරණය වෙලා වෙනදට තිබ්බට වඩා සාදනී්‍ය හොද දියුණු තැනකට ඇවිල්ලද? ඇත්තටම අපේ අලුත් වීමේ ප්‍රවනතාව මන්දගාමීනේද ආර්ථිකමය, අධ්‍යාපනික හා සමාජීය අතින් බැලුවම අපි ලෝකෙට වඩා දශකයක් විතර පස්සෙන් නේද ඉන්නේ ලෝකේ අපිව දාලා දුවලා. තාම අපි ඉබි ගමින්.
සමස්ථ ලෝකයම එකම ආර්ථික දාමයක වැලක පුරුක් වගේ ගැට ගැහෙන කොට අපි ඒකෙන් ඈත් වෙලා . පෙර අපර දෙදිග මුහුදු කේන්ද්‍රයේ ස්ථානගත වෙලා ඉන්න අපි ලෝකයේ සැපයුම් දාමය තුල නෑ . ඒක මොනතරම් ඛේදජනක කතාවක්ද, අපි අපි ඇතුලෙම හිරවෙලා අපි දූපත් මානසිකත්වයකට වැටිලා ව්‍යාපාර වලට වෙළදපලට අනවශ්‍ය නීති දාගෙන ලෝකයෙන් ඈත්වෙලා වගේම පරවේනිගත යල්පැනපු ආර්ථික ක්‍රමයක් පවත්වාගනිමින් අතිවිශාල අකාර්‍යක්ෂම රාජ්‍ය සේවයක් පවත්වා ගෙන යනමින් ලෝකෙට බැන බැන ඉන්නවා අපිව දුප්පත්කලා කියලා.
ඇත්තටම මේ දුප්පත් දූපත් මානසිකත්වයෙන් ගැලවීලා නවීන නැවුම් දියුණු රටක් සෑදීමට අපි අපේ ආර්ථික ප්‍රතිපත්ති වල දැවැන්ත ගැඹුරු ව්‍යුහාත්මක වෙනස් කම් කරන්නම ඔනේ අපේ තාක්ශණය හා වෙළදපල යාවත්කාලීන නිදහස් අවකාශයකට ගෙන යන්න ඔනේ නැතුව මේ සමරන අලුත් අවුරුද්දකින් කිසිම වැඩක් නෑ. අපේ පැරැන්නෝ හැමදාම විස්වාස කලේ අලුත් වීම “අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොව නොනගී” කියපු අපි අද පරණ හනමිටි කරේ තියන් ලොකෙන් ඈත්වෙලා තිබීම හරිම කනගාටු දායක සිද්දියක්.
ඒ වගේම අපිට මේ අවුරුද්ද තව දෙයක් අපිට කියලා දෙනවා ,හරි දේ හරි වෙලාවට හරි තැනදී කරන්න කියන පුරුද්ද අපිට අලුත් අවුරුද්දෙන් කියලා දෙනවා අපි හැමෝම මුලු රටක් වශයෙන් එකතු වෙලා එකම වෙලාවට එකම දෙයක් කරනවා ඉතින් එහෙම එකතු වෙලා කරන්න පුළුවන් දේවල් වල වැදගත් කමත් අපිට මේකෙන් කාලාන්තරයක් තිස්සේ කිව්වත් තවමත් අපිට ඒවා දැනිලා නැති තරම්. අපි අපේ ආර්ථිකයට කරන්න ඕන ප්‍රතිසංස්කරණ හරි වෙලාවට හරි තැනේදී හරි විදියට කලෙත් නෑ ඒක අපි එකතු වෙලා කලෙත් නෑ අපිට එහෙම කරන්න ඔනෙ කියලා අදහසකුත් තිබ්බේ නැ අන්තිම එක එක වෙලාවට එක එක්කෙනාට ඔන ඔන ඒවා කරලා ආර්ථිකය කඩං වැටිලා රට බංකොලොත් භාවයට වැටුනා . බලන්න මේ චාරිත්‍ර වල වැදගත්කම ගැඹුර නමුත් අපි ඒක චාරිත්‍රයකට විතරක් නැකතකට විතරක් අවුරුදු දවසට විතරක් සීමා කරලා අපේ ජීවිතයේ වැදගත්ම පාඩමක් මග ඇරගත්ත ජාතියක් වෙලා ඉවරයි ඉතින් මේ අවුරුද්දෙවත් හරි ආර්ථික ප්‍රතිසංස්කරණ හරි විදියට හරි වෙලාවට හැමෝම එකතු වෙලා කරමු අපේ ආර්ථිකය ගිලගනිමන් ඉන්න පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාරට හැකි ඉක්මනින් ප්‍රතිව්‍යුහගතකරණය කරලා ඒවා රටටත් ආර්ථිකයටත් අපිටත් බරක් නොවෙන තැනට ගේමු ඒ දේට හැමෝම සහභාගී වෙමු නැතුව රටක් විදියට අපිට හැමදාම ඉන්න වෙන්නේ නොනගතේ තමා.
තව දුරටත් මේ අලුත් අවුරුද්ද ආර්ථිකයට කොච්චර සම්බන්දද කියනවනං බලන්න වර්තමානය දිහා අලුත් අවුරද්දත් එක්ක කොච්චර වෙළදපල පිබිදීමක් එනවද නිශ්පාදනය කොපමණ වැඩි වෙනවද නමුත් මේ අවුරුද්ද දැඩි ආර්ථික අහේනියකට ලක්වෙච්ච අවුරුද්දක් නිසා වෙළදපල හැකිලිලා අපේ ක්‍රයශක්තිය අඩුවෙලා දැඩි උද්දමනකාරී වෙළදපලක් ඇතුලේ තමා අපිට අවුරුද්ද සමරන්න වෙලා තියෙන්නේ . මේක වෙළදපලේ තියන ප්‍රශ්නයක් නෙමේ අපේ අදුරදර්ශි ආර්ථික උපායමාර්ග නිසා අපිට උදාවෙච්ච දෙයක්. කොකිස් කන්න වගේ සල්ලි අච්චු ගැහැව්වම වෙළදපලේ මුදල් සංසරණය වැඩ වෙනවා නමුත් ඊට සාපේක්ශව නිශ්පාදනය නැති නිසා ඉල්ලුම ඉහල යනවා ඒ මදිවට පෝර හා කෘමි නාශක තහනම් ප්‍රතිපත්ති හා අනෙකුත් ආනයන තහනම් නිසා නිශ්පාදකයින්ට ඉල්ලුමට සාපේක්ශ සැපයුම දීගන්න බැරිවෙනවා වෙළදපල මිල ගණන් සිඝ්‍රලෙස අසාමාන්‍ය ලෙස ඉහල ගිහින් රටේ භාණ්ඩ හා සේවා මත උද්දමනය ඉහල යනවා ඉතින් බලන්න රජයක් හෝ ඕනෑම පාර්ශවයක් වෙළදපල නිදහස් ක්‍රියාකාරීත්වට අත තිබ්බම වෙනදේ සම්පූර්ණ පද්දතියම අවුල් වෙලා බිදවැටෙනවා. ඉතින් අවුරුද්දක් හරි හමන් විදියට සමරන්න නං අපි අනිවාර්යෙන් අපේ වෙළදපල හොදින් ක්‍රමවත්ව නිදහස්ව තියාගන්න ඔනේ.
ඒවගේම තමා අලුත් අවුරුද්දත් සමග බැදිච්ච වැඩ ඇල්ලීම ,ගනුදෙනු කිරිමේ හා ආහාර අනුභවය කියන කාරනය. අපේ පැරැන්නෝ බොහොම සරළව වගේම ලස්සනට අපිට ලොකු ආර්ථික විද්‍යා පාඩමක් කියා දෙනවා .
අපි ඉස්සෙල්ලාම හරි වෙලාවට හරියට වැඩ ඇල්ලීම කරන්න ඔනේ වැඩ ඇල්ලීමට අපේ සීයලා අප්පච්චිලා කුඹුරට ගියා එහෙම නැත්තම් කොරටුවට ගියා එදා අපේ ආර්ථිකය ගැට ගැහිලා තිබ්බෙ කෘෂිකර්මාන්තයත් එක්ක හැබැයි දැන් වෙන කොට කෘෂිකර්මාන්තයට විශාල විදියට බාධා ඇතිවෙලා තියනවා කෘෂි යෙදයුම් වලට විශාල මිල ඉහල යෑම් හා සමහර පෝශක වල හිගතාවයන් තියනවා තවත් ප්‍රධාන බාධාවක් තමා අපේ සැපයුම් දාමයේ අක්‍රමවත් වීම අස්වැන්නෙන් 30%-40% ප්‍රමානයක් අපතේ යනවා මේ හේතුවෙන් ගොවියට නිසි මිලක් ලැබෙන් නෑ වගේම පාරිබෝගිකයට සාදාරන මිලට භාන්ඩය ලැබෙන්නෙත් නෑ. ඒවගේම මේ ගොවි බිමි වල තිබෙන නීති රෙගුලාසි නිසා ගොවියන්ගේ නිදහස සීමා වෙලා තියනවා අඩුමතරමේ ඔවුන්ට ඔවුන්ගේ ඉඩමේ අයිතියවත් නෑ ඔවුන්ට කැමති බෝගයක් වගාකරන්නත් බෑ ඒ හැමදේටම රජය මැදිහත් වෙනවා. ඉතින් මේ හේතුවෙන් අපේ කෘෂි කර්මාන්තය එන්න එන්නම පටු වෙමින් තියනවා ඒ ආශිතව විවසායකයින් හා ගොවින් අඩුවෙමින් යනවා අනාගතේ දවසක කෘෂිකර්මාන්තය කියන්නේ පැරණි පොත්පත්වල චිත්‍රකාතාවක් වෙන්නත් බැරිකමක් නෑ.
අලුත් අවුරුද්දේ අපි කරන්න ඔනේ අපේ මේ කර්මාන්ත පද්දතිය යාවත්කාලීන කිරීමට අවශ්‍ය තාකශ්නය හදුන්වාදීමයි ඒකට අපේ මේ තියන නීති පද්දතිය වෙනස් විය යුතුමයි.කෘෂි කර්මාන්තය වේවා අපනයන බෝගකර්මානතය වේවා වෙනත් ඕනෑම කර්මාන්තයක ඒකාදීකාර කිසිම ලෙසක පවත්වා ගෙන යෑම හෝ පැවතීම සිදු නොවිය යුත්තක් ඉතින් අපිට මේ කර්මාන්ත හා නිශ්පාදන පද්දතිය වඩා දියුනු තැනකට පත් කිරීමට ව්‍යුහාත්මක වෙනස්කම් කල යුතුයි කෘෂි විවසායකයින්ට ඔවුන්ගේ ඉඩම් අයිතිය ලබා දෙමින් ආයෝජකයින්ට වඩා පහසු හිතවත් ව්‍යාපාර පරිසරයක් සකස් කරමින් අපනයකරුවාට ඇති බාධා ඉවත් කරමින් ව්‍යාපාර පහසුවෙන් කරගෙන යෑම සදහා සුදුසු පරිසරයක් නිර්මාණය කලයුතුයි නැතුව රජය පාඩු පිට පාඩු ලබ ලබ බදු සල්ලි ඒවලට පුච්ච පුච්ච ව්‍යාපාර කර කර ඉදලං වැඩක් නෑ ඉතින් මේ අවුරුද්දේ ගනුදෙනු සාර්ථක වෙන්නනම් අපේ වැඩ ඇල්ලම හරියටම කරන්න ඔනේ නැත්තං අපේ ආහාර අනුභවයට තියන කෑම වේල එන්න එන්න කුඩා වෙනවා.
ආහාර අනුභව නැකතනම් අපි කොයි කවුරුත් ආසාවෙන් බලාගෙන ඉන්න නැකතක්නේ. ඉතින් අපේ කෑම මෙසෙ ගත්තත් අපේ ආර්ථිකයට සෘජු ලෙස සම්බන්දයි. බලන්න අපේ කෑම මේසේ පුරාවට තියන කැවිලි පෙවිලි. කොකිස් ආවේ ලන්දේ යුගයේ පැණි වලලු ඉන්දියාවෙන් අපේ මේ සැරට හදන ලුනු මිරිසේ මිරිස් ලතින් ඇමරිකාව, කේක් බිස්කට් එංගලන්තෙට නෑකම් කියනවා කොයි පැත්තෙන් කොහොම ආවත් අද අපේම දේවල් වෙලා අපි ලොකේ තියන හොද දේවල් අපේ විදියට අපේ කරගන්න හැටි මේ අවුරුද්දෙන් අපිට කියලා දෙනවා. ඒ වගේම බලන්න මේ කැවිලි පෙවිලි හදන්න මුළු ලෝකෙම එකතු වෙලා නැද්ද කියලා පාන් පිටි ඇමරිකාවෙන්, සිනි ඉන්දියාවෙන්, පැණි ගම්පහෙන් , ගෑස් සිංගප්පූරුවෙන් , හාල් අම්පාරෙන් ඉතින් බලන්න මේ කැවිලි පෙවිලි මේසේ මේ විදියට හදාගන්න මිනිස්සු කීදෙනෙක් එකතු වෙනවද මේ දේ කරන්න පුළුවන් වෙළදපලකට විතරයි. වෙළදපලක් තියනවනං ඒ වෙළදපල නිදහස්නම් මේ විදියට විචිත්‍රවත් රස කෑම මේසයක් විතරක් නෙමේ රටකුත් අපිට ලැබෙනවා. අපේ වෙළදපලට තියන බාධා අනවශ්‍ය නීති රෙගුලාසි ඉවත් කරලා සංකීර්ණ තීරුබදු නැති කරලා ,මිල පාලන වගේ මායාවන්ගේ ඈත්වෙලා ඉල්ලුම සැපයුම අනුව වෙළදපට නිදහසේ ප්‍රසාරනය වෙන්න දුන්න නම් ඉතින් හැමදාම අවුරුදු වගේ තමා.
ඉතින් මේ අවුරුද්දෙවත් අපිට වසර දහස් ගනනක් තිස්සේ කියලා දීපු ඒ ආර්ථික විද්‍යා පාඩමෙන් මේ පාරවත් හරියට වැඩක් ගමු නිසි ආර්ථික ප්‍රතිසංස්කරණ නිසි වෙලාවට නිසි තැනේදී කරලා යාවත්කාලීන දියුනු වෙළදපලක් නිදහස්ව බාධාවකින් තොරොව වැඩෙන්න දෙමු. දූප්පත් දූපත් මානසිකත්වයෙන් මිදිලා වීශ්වීය මිනිසෙක් විදියට ලෝකය දකින්න පටන් ගමු අන්න එකොට ලංකාවේ රාශි ටික හරියට කැරකිලා දුප්පත් රාශියේ ඉදං පෝසත් රාශිය හැකි ඉක්මනින් ගමන් කරන්න පුළුවන් වෙනවා.
ජනත් පෙරේරා
Janath Perera
18/4/2023
උඩ පැන්නොත් බිම වැටෙන IMF
මිල පාලනයෙන් උඩ ගිය රන් කිකිළිගේ බිජු
"බිත්තර හරි ගනන්නේ" , මේ දවස්වල පාර තොටේ ටීවී එකේ දේශපාලන වේදිකාවේ හැම තැනකම නිමක් නැතිව කතාබහට ලක්වෙන ප්‍රධාන මාතෘකාවක් තමයි බිත්තර මිල. ඔයාලා අහල තියෙනවනෙ රත්තරන් බිත්තර දාන රන් කිකිළිගේ කතාවත්, මේ දවස් වල රත්තරන් බිත්තර දාන රන් කිකිළිගේ බිත්තරවලටත් වඩා ලංකාවේ බිත්තර මිල අහස උසට වැඩි වෙලා.ආර්ථික අර්බුදයෙන් හෙම්බත් වෙලා ඉන්න මිනිසුන්ට වේල් තුන පිරිමහ ගන්නවා කියන එකත් අභියෝගයක් වෙලා කියලා අපි දන්නවනේ.
ලංකාවේ ප්‍රධාන ආහාරය වන පෝෂදායි බත් වේලකට මස් කෑල්ලක් මාළු කෑල්ලක් එකතු කරගන්න බැරි දුප්පත් මිනිහාගේ එකම පිහිට වූනෙත් රුපියල් 12 13 ට පැවති බිත්තරනේ…ඉතිං බිත්තරෙන් ශරීරයට ප්‍රෝටීන් එකතු කර ගත්තත් අද වෙනකොට එය මිලට ගන්නවා තියා ඒ දිහා ඇහැක් ඇර බලන්නවත් බැරි මට්ටමකට මිනිසුන් පත්වෙලා.
කඩේට ගිහින් බිත්තරයක් අතට අරන් එය නැවතත් බිමින් තියලා එන මිනිස්සුත්,ඉස්සර පඩි අරන් තම දරුවන්ට බිත්තර 10ක් විතර අරන් ගෙදරට යන මිනිස්සුත් මේ දවස්වල බිත්තර එක දෙක අරගෙනයන අවස්ථා ඕනෑතරම් කඩපිල් වලට ගියාහම බලාගන්න පුලුවන්. ඒකට හේතුව ඉතිං වෙන මුකුත් නෙවෙයි. අද කඩේක බිත්තරයක් රුපියල් 60-65 අතර තමා විකිණෙන්නේ...ඉතිං බලන්නකෝ අද ඉස්පිරිතාලෙ ලෙඩෙක්ට බිත්තරයක් දී ගන්න බැරි මට්ටමකට බිත්තර අහේනියක් ඇති වෙලා.බේකරි කර්මාන්තය,කේක් කර්මාන්තය ආදී සුළු පරිමාණ ව්‍යාපාර මේ හේතුවෙන් නැත්තටම නැතිවී යන තත්ත්වයකට පත්වෙලා.
ඇත්තටම මේ වගේ තත්ත්වයක් ලංකාව තුළ ඇති වෙන්න ලොකුම හේතුව තමයි මිල පාලන හේතුව. ඉතිං මේ පිළිබඳ 2018 දී ඇඩ්වොකාටා ආයතනය "ශ්‍රී ලංකා දේශපාලන රඟහලේ මිල පාලනය,Price controls in sri lankan political Theatre" පර්‍යේක්ෂණ වාර්තාවෙන් පෙන්නලා දීලා තියෙන්නේ,"මිල පාලනය කියන්නේ හුදෙක් දේශපාලන කටයුත්තක් විතරයි කියලා එමගින් භාණ්ඩ වල මිල අඩුකිරීමක් කිසි දවසක සිදුවෙලත් නෑ සිදුවෙන්නෙත් නෑ කියලා…
ඉතිං මොකද්ද මේ මිල පාලනය කියන්නේ…අම්බෝ රජය බඩුවලට මිලක් දාල දැන් වෙළෙන්දොන්ට ඕන ඕන විදියට නටන්න බෑ… හරී ෂෝක් අප්පා…ආණ්ඩුව හරී හොදාදායි… ඔහොමනේ ඔයාලා හිතන්නේ…ඇත්තටම මිල පාලනය කියන්නේ ආර්ථික විද්‍යාවට අනුව සරලවම කිව්වොත්,"වෙළෙඳපොළ මිල යාන්ත්‍රණය යටතේ තීරණය කරන සමතුලිත මිල පාරිභෝගිකයාට අසාධාරණයක් යැයි රජයට දැනුනූ විට ඔවුන්ට සාධාරණයක් ඉටු කිරීම හේතුවෙන් රජය විසින් නියම කරනු ලබන මිලයි."ඇත්තටම ඔයාලා හිතන්නේ මේ ක්‍රියාව රජය මහජනයාගේ යහපතට සිදුකරනවා කියලා ද? නැහැ. එහෙම හිතන්නත් එපා. ඒනිසා සිදුවන්නේ තව තවත් බඩුවල මිල ඉහළ යාමක්. මතක? රජය විසින් කැසට් වගේ ගහන විවිධාකාර ගැසට් මඟින් පසුගිය කාලයේ දී (සහල්, සීනි, පොල් තෙල්, ගෑස්, සිමෙන්ති) මිල පාලනයක් සිදු කලා. ඔයාලට මතක ඇතිනේ..ඒවිතරක් නෙවෙයි, ඔයාලට මතක ඇති පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව පොල් ගෙඩියටත් උපරිම මිලක් නියම කළා…2019 වසරේ කොවිඩ් කාලයෙත් මෙවැනි මිල පාලනයක් දැම්මා මතක ඇති ඔයාලට.
බිත්තරයක් රුපියල් 10 ට දුන්නා, ටින් මාලු එකක් රුපියල් 100ට දුන්නා.ඉතිං මෙවැනි මෝඩ තීන්දු තීරණ නිසා රජය පැන වූ සහන මිල අවුරුද්දක් යන්නත් කලින් හතර පස් ගුණයෙන් වැඩි වුණා. අද වෙනකොට බිත්තරයක් කටේ තියාගන්න තියා අතට ගන්න බැරි තැනටම මිල පාලනය පටිසන් දීලා කියලා බිත්තරේ 60ට 65ට කද්දි ඔයාලට දැනෙනවා ඇති.
ඡන්ද ගන්න මිනිසුන් අන්දවලා හොද හිත දීනා ගන්න දේශපාලකයෝ කරන කූට පැලැස්තර අතීසාරයට අමුඩ ගැසීමක් විදියටත් සලකන්න පුලුවන්. මේ දේමයි බිත්තර කර්මාන්තයට සිදු වුණෙත්. රජයට ඕන ඕන විදිහට භාණ්ඩවල මිල තීරණය කරන්න බැහැ. ඒ නිසා සිදුවන්නේ සාමාන්‍ය මිලට වඩා කළු කඩ මිලක් දක්වා භාණ්ඩ මිල ඉහළ යාමක්.ඉතිං මේ කාරණයෙන් තේරුම් යන්නේ අපි ජීවත්වෙන විවෘත ආර්ථිකය තුළ භාණ්ඩවල මිල තීරණය වෙන්නේ සාපේක්ෂව ඉල්ලුම හා සැපයුම මත බවයි. එබැවින් වෙළඳපොළට රජය අනිසි ලෙස මැදිහත් වීම වැළැක්විය යුතුයි. එය ආර්ථික විද්‍යාවට අනුව හොඳ දෙයක් නම් නොවෙයි.
ඉතින් බිත්තරවලට වුනෙත් පාරිභෝගික කටයුතු අධිකාරිය පැන වූ මිල පාලනය නිසා බිත්තර මිල වේගයෙන් ඉහළ යාමක්..ඔයාලට මතක ඇති අගෝස්තු මාසයේ බිත්තරේට පාලන මිලක් දැම්මා රුපියල් 42ට විකුණන්න ඕන කියලා…එම පාලන මිල දැම්මත් එක්කම වෙළඳපොලේ ඇති බිත්තර අතුරුදහන් වුණා. එය බිත්තර හා කුකුල් මස් කර්මාන්තයට විශාල අභියෝගයක් වුණා. අභිජනනය කළ කුකුළු ෆාම් විදුලිය නොමැති කම පදනම් කරගෙන වසා දැම්මා,බිත්තර දමන කිකිළියන්ට කෑමට අවශ්‍ය සෝයා ආශ්‍රිත ආහාර නොමැති වීමෙන් මසට විකිණුවා, කුඩා පරිමාණ කුකුළු නිෂ්පාදකයින් රුපියල් 42ට පැන වූ පාලන මිලට බිත්තර විකිණීමෙන් පාඩු පිට පාඩු ලැබීමට ඇති හැකියාව නිසා ඔවුන්ට තම කුකුළු කර්මාන්ත කරගෙන යාමට නොහැකිවුණා.මේ ඔස්සේ පැහැදිලිවන්නේ රජය විසින් දුරදිග නොබලා සිදුකරන මෝඩ වැඩ තමයි.
ඒ නිසා බිත්තර සැපයුම දිනකට බිත්තර මිලියන 7 සිට මිලියන 4 දක්වා පහතට වැටුණා. අර කලින් කියූ කළු කඩ මිල ඉහළ ගොස් අද දරුවකුට දෙන්න බිත්තරයක් මිලට ගන්න බැරි තත්ත්වයකට පත්වෙලා තියෙනවා.ඉතින් ඒ නිසා රජය බිත්තර ආනයනය කිරීමට තීරණය කරලා තියෙනවා.ඒකට හේතුව තමයි, රටකින් බිත්තර ගෙනල්ලා රුපියල් 25-30 විකීණීමට හැකියාවක් තියෙන නිසා අපේ රටේ බිත්තර නිෂ්පාදනයට වඩා ආනයනික බිත්තර වෙළෙඳපොළට බෙදා හැරීමේ වාසි දායක තත්ත්වයක් තියෙනවා.ඊට හේතුව ඉන්දියාව, පකිස්තානය වැනි රටවල් කුකුළු කර්මාන්තය සිදු කරන්නේ සුළු පරිමාණයෙන් නෙවෙයි.ඔවුන් මහා පරිමාණයෙන් කර්මාන්තය සිදුකරගෙන යාම නිසාත් කර්මාන්තයේ කාර්‍යක්ෂමතාවය වැඩි නිසාත් විශාල වශයෙන් බිත්තර නිපදවා ගත හැකි වෙලා තියෙනවා.ඉතින් හිතන්නකො අපේ රටේ කර්මාන්තයේ කාර්යක්ෂමතාවයට කෙතරම් විහිලු සහගතද කියලා.
ඒ නිසා නිෂ්පාදන කාර්යය කාර්යක්ෂමව සිදු කළ හැකි ක්‍රමවේදයක් ගොඩ නැගිය යුතු වෙනවා.වෙළඳපල එකිනෙකට සම්බන්ධ වී ඇති නිසා ගෝලීය වෙළදාම තුළ තරඟකාරීව හැසිරීමට වෙළදුන්ට මං මාවත් විවර කළ දිය යුතු වෙනවා. එමගින් උඩ ගිය බිත්තර මිල නැවත යතා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වෙනවා වගේම ආර්ථික අර්බුදය යම්තාක් දුරට ප්‍රගතිශීලී මාවතකට රැගෙන යාමට අපිට හැකියාවක් ලැබෙනවා.
දුෂාණි එදිරිසිංහ
2023.01.13
ත්‍රෛලෝක විජය පත්‍ර ඩොලර් වලින් පවන් සලයිද ?
කාලෙන් කාලෙට සතියෙන් සතියට අළුත් අළුත් මාතෘකා වේදිකාවට එනවා. ඉතින් කාලයක් තිස්සේ ලංකාවෙ තැන් තැන් වල කතා කරපු දෙයක් තමා දැන් දියවන්නාව පැත්තෙන් ඇහෙන්නෙ.
ඒ තමයි ගංජා ගැන කෙරෙන සාකච්ජාව. ගංජා නොහොත් කංසා එහෙම නැත්තං මරුජුවානා නැත්තං ඉතින් ත්‍රෛයිලෝක වියජ පත්‍ර. නම් නං හැට හුටාමාරක්ම තියනවා ඔය මොන නමකින් කතා කලත් ඕකෙන් අපේ ආර්ථිකය ගොඩ දාගන්න පුළුවන් වෙයිද ?
එහෙම හිතන එකත් අර කොහෙවත් ඉන්න දියසෙන් කෙනෙක් ඇවිත් රට ගොඩදාලා අපිව තුසිතෙ එක්කං යයි වගේ සීන් එකක්ද කියලා සමහරුන්ට හිතෙයි. ඇත්තටම ඔය කියන තරම් ගංජා වලින් අපිට ඩොලර් පැටව් ගස්ස ගන්න පුළුවන් නම් ඇමරිකාව තිරුඟු වගාකරන එක නවත්තලා ජාතික පුෂ්පය ගංජා මල කරලා පේටන් එකත් මේ වෙද්දී අරං.
subject එක ගැන දන්නෙ නැති කට්ට්ය මවන ෆැන්ටසි කතාව තමා ගංජා economyයක් හදලා අපි දියුණු වෙමු කියන කථාව. ඕක ඔය කියන තරම් ලේසි වැඩක් නෙමෙයි. ගංජා ලොකේ වැඩි ප්‍රවනතාවයිකින් භාවිතා කරන්නේ මත්ද්‍රව්‍යක් ලෙස ජාන විකෘති කරලා හදන කැනබි variant වල THC අගය වැඩියි ඒ් කියන්නේ මත්වෙන ප්‍රතිශතය වැඩී තවත් සරලව කිව්වොත් තනකොළ ගලවං යන්න වදිනවා කියන එක.
ඒ වගේ variant හදන්නේ රසායානාගාර ආශ්‍රිතවයි.දැඩි පාලිත තත්වයන් යටෙත් විශාල ආයෝජනයක් කරලා කරන්න ඕන වැඩක්,කැනඩාව හා ඔස්ට්‍රේලියාව වගේ රටවල විශාල වශයෙන් ඒ වගේවගේ රසායනාගාර ගංජා නිශ්පාදනය කරනු ලබනවා. ඕක ගැන දන්න කට්ටිය දන්නවා කුඹින්ගෙන් දැලඹුවෝ මියෝ තව තව කෘමින් ගෙන් බේරගන්න නං ළමයි බලාගන්නවා වගේ පැළ බලාගන්න ඕනේ කියලා.
අනිත් වැඩිපුර යොදාගන්න කාණ්ඩය තමා ඖෂධ ලෙස යොදා ගන්න ගංජා කාණ්ඩය. මෙහි මත්කාරක අඩු ප්‍රතිශතයක් තමා තියෙන්නේ. පිලිකා රෝගින්ට, මානසික ආතතිය ඇති රෝගින්ට යුරෝපයේ වෛද්‍ය නිර්දේශතව ලබාගන්න පුළුවන් ආයුරුවේදය හා සිංහල හෙළ වෙදකමේදි ඉතා බහුලව ගංජා භාවිතා වෙනවා. වස්ති, මදන මෝදක, අරිශ්ඨ ගුලි ,කලල්ක, ඉසකුඩිච්චි, දුම්හට්ටි හා කැද වලටද යොදාගනු ලබන ගංජා ප්‍රධානම ඖෂදයක් ලෙස භාවිතා කරනු ලබනවා
Martket product විදියට ගත්තම බෙහෙත් හා මත්ද්‍රව්‍ය වලට අමතරව සබන්, අයිස්ක්‍රීම්, සුවද විලවුන්, හදුම්කුරු, බිස්කට්,රූපලාවන්ය හා චොක්ලට් වගේ එකි මෙකි නොකි බඩු ගොඩක් ගංජා ආශ්‍රිතව හදනවා ඒවගේම ලොකයේ වෙළඳපළ පංගුව විදියට ඩොලර් බිලියන 13.2 ක් 2021 වසෙර්දි සදහන් වෙනවා.
අතීතයේ අපිත් ගංජා කුළුබඩුවක් විදියට පාවිච්චි කරපු විදිය රොබටර් නොක්ස්ගෙ එදා හෙළදිවෙන් හොයාගන්න පුළුවන්.නිකං පරණ මනුස්සයෙක් ගෙන් ඇහැව්ව් කියයි මස් බුරුල් වෙන්න හොද්දට කොළයක් දෙකක් දානවා කියලා. ඉතින් ගංජා කියන්නේ අවිවාදයෙන්ම multi use කරන්න පුළුවන් පට්ට material
ඒ්වගේම ගංජා කියන්නේ අපේ සමාජෙට නුහුරු නුපුරුදු දෙයක් නෙමයි. එත් ඔය හේන් වගා කරලා ගංජා තෙල් බෝතල් කරලා රට යවලා ආර්ථිකේ ගොඩදාන කතා නං ඉතින් ෆැන්ටසි තමා.
අවුරුදු 150ක් විතර පරණ Ceylon Tea එක Brand කරගන්න බැරුව market එක කෙල කරගත්තු අපි ගංජා වලින් ලෝකය ජයගනි කියලා හිතන්න නං එපා. ඒ්ක ඒහෙන් පිටින්ම තඩි මුලාවක්.
ඉස්සෙල්ලාම අපිට නිසි අධ්‍යන හා පර්යේෂණය අවශ්‍යයි ප්‍රාමානික වෘතිකයින්ට මේ වැඩේ බාර දෙන්න ඔනෙ. ඒවගේම නීති සම්පාදනය විය යුතුයි මොකද මේක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. ගංජා තෙල් දාලා ටොපි, ලොසිංජර, කිරිටොපි පාසල් ළමුන් අතට බොහෝම ඉක්මනින් පත්වෙන්න පුළුවන්. සකල සිරිං පිරි සිරි ලංකාවේ ඒ් වගේ වැඩ නං හෙනම වේගෙන් සිද්ද වෙනවා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැනේ. ඒක නිසා නිසි ක්‍රමවේදයක් හා දිගුකාලින සැලැස්මක් යටතේ ක්‍රියාත්මක වෙන්න ඔනේ නැත්තං කූඥ්ඥෙ ගෙලෝපු රිලවට වෙච්ච දේ තමා අපිටත් වෙන්නෙ කියලා හොදට මතක තියා ගන්න ඔනේ.
අනිත් අතට ගත්තත් ලොකයෙ ගංජා වෙළදපල ඉතා විශාල එකක් නෙමේ. ඒ වගේම එයට අති විශාල පාරිබෝගිකයින් සංඛාවකුත් නෑ පාන් පිටි, සිනි, ආයුධ ,මෝටර් රථ ,ඉලෙක්ට්‍රොනික් වෙළදපළපළ පංගුව එක්ක සදන්නවත් බැ. උදාහරණයක් ගත්තොත් සිනි ප්‍රධාන අමුදව්‍ය කරගත්තු කොකා කෝලා වල market cap එක ඩොලර් බිලියන 235.77 ක අගයක් ගන්නවා.ගංජා වලට ඒ තැනට යන්න සෑහෙන ගේමක් දෙන්න වෙනවා කියලා ඔයාලට තේරෙනවනේ.ඉතින් අපි බලන්න ඔනේ හොද ශක්‍යතා අධ්‍යනයක් කරලා ගංජා economy එක අපිට ගැලපෙනවද කියලා. එහෙම නැතුව කඩි මුඩියේ ගංජා වලින් ඩොලර් ගේමු කියලා ගංජා නීති ගත කරලා පිස්සු කෙලියොත් ඒකත් හරියට හරිත කෘෂි කර්මෙට වෙච්ච නස්පැතියම තමා උරුම වෙන්නේ. එක හරියට ගොනත් ඇනලා ගහෙන් වැටිලා ඉද්දි දුවං ගිහිං තඩි වලකට පැන්න සීන් එකක් වගේ වෙනවා
එක එක් කෙනාට ජනප්‍රියවෙන්න මාතෘකා හදාගන්න එක පැත්තකින් තියලා ශාස්ත්‍රීය අධ්‍යනයක් මගින් නව නිර්මාණ හා නවෝත්පාදන අතිවිශාල ප්‍රමානයක් ගංජා ආශ්‍රිතව සිදුකරන්න පුළුවන්. එහෙම නැතුව අදුරෙ අතපත ගාන වැඩ නොකර නිසි ක්‍රමවේදයක් යටතේ ගංජා නෙමේ ඔනෑම බෝග වගාවකින් ජාත්‍යන්තර වෙළඳපලෙන් විශාල පංගුවක් අයිතිකරගන්න අපිට පුළුවන්. මේ කතාව ලත් තැනම ලොප් නොකර නිසියාකාර ක්‍රම හා වැඩපිලිවෙලක් යටතේ ගෙනගියොත් අපිට ඩොලර් ගේන එක simple case එකක්.
ජනත් පෙරේරා
Janath Perera
19/10/22
මඩ සෝදාගත් කල ගොවියා රජ වෙයිද ?
අපි දන්න කාලේ ඉදං අපිට මතක කාලෙ ඉදං ගොවියොන්ගෙන් ඇහුනේ දුක්ගැනවිලි විතරමයි
විශේෂයෙන් පහුගිය දවස් ටිකේ ඒ ප්‍රශ්න තවත් උග්‍ර උනා කුඹුරට වැඩිය පාරවල් වල හිටිය ගොවියො ටික ටික ගොවිතැනෙන් ඈත් වී ගෙන ගියා.
එයාලා නිතර කියන දේයක් තමා එයාලගේ අස්වැන්නට නිසි මිලක් ලැබෙන්නෑ ,කූඹුරට තාක්ශනේ ලැබෙන්නෙ නෑ, තෙල් පෝර කෘමිනාශක නෑ , කිසිම ලාබයක් නෑ , වගා හානී වගේ එකි මෙකි නොකි නා නා විද ප්‍රශ්න කප්පරක්.
මේ විදියට අපේ බත් පත සපයන ගොවියා මොකද හැමදාම දුකෙන් දුප්පත්වෙලා ඉන්නේ ඒක පට්ට අවුලක්නේ,
මේක ගොවියගේ ප්‍රශ්නයක්ද රටේ අවුලක්ද නැත්තං බත් කන අපේ අවුලක්ද ?
ඔය ප්‍රශ්නෙට උත්තර හොයන්න අපි කාලෙන් කාලෙට එක එක ආණ්ඩු පත් කරගත්තා ගොවියෝ රජ කරවලා අපිටත් හොද ආතල් එකේ ඉන්න,
ඒයාලා බලය ඉල්ලුවේ නොමිලේ පෝර දෙනවා , ගොවි ණය කපනවා , වගා ඉඩම් අයිතිය දෙනවා, වැඩි මිලක් වී වලට දෙනවා වගේ හෙන සුරංගනා කථා කියලා අපිත් ඉතින් ඉවක් බවක් නැතුව අපිම කපලා මහලා ඇදගත්තා, ඊට පස්සේ බලයට එන මිනිස්සුන්ට ඒවා අමතකයි හැබයි බැදගත්ත බෙරේ යංතං හරි ගහන්න එපැයි නැත්තං ඊගාව චන්දෙට ඒයාලා ගෙදර, ඒ නිසා ඒ හැම ආණ්ඩුම කලේ තව තව ණය පිට ණය අරං සහනාදාර දි දී දුප්පත්කම maintain කරපු එක.
වගාබිමට අවශ්‍ය නව තාක්ශණය, වැඩි අස්වැන්නක් සහිත බීජ , ගොවිමහතුන්ට අවශ්‍ය නව කෘෂි අධ්‍යාපන, වගා භූමියේ අයිතිය වගේ දෙවල් පැත්තකට දාලා අපි කලේ නොමිලේ නොමිලේ කිය කිය පෝර ටොන් ගනං බෙදපු එකයි කිසිම පූර්ණ කාලීන සැලසුමක් ක්‍රමවේදයක් නැතුව ගේන කාබනික වගා සංග්‍රාමය, පෝර කෘමි නාශක තහනම වගේ දුරදිග නොබලා ගත්ත තීරන වලට පට්ටට වියදං කරපු ඒකයි විතරයි,
අන්තිමට ඒකෙන් උනේ ගොවියා විතරක් නෙමේ බත් කන අපිත් කබලෙන් ලිපට වැටිලා ලිප ගිනිගත්ත එකයි.
අද ලංකාවේ උද්දමනය 70% පැනලා ලෝක බැංකු වාර්ථාවලට අනුව ආහාර උද්දමනය අතරින් ලංකාව ලෝකෙන්ම 3න්වෙනි තැන මේක කොහෙන් ගිහින් නතර වෙයිද කියලා සකරයගේ පුතා වෙච්ච වෛමවත් දන්නේ නැතුව ඇති.
කෘශි කර්මාන්තෙ තියා පොදු වැසිකිලියක් වත් හරියට කරන් යන්න දිගුකාලින සැලසුම් ලංකාවේ නෑ හදපු ඒවත් හමස් මලුවල ඔබලා එන එන ඇමතිට ඔන සභාපතිට ඔන දේවල් කරනවා, ඒදා ඉදන්ම කිසිදු නිස්චිත ක්‍රමවේදයක් නොදිබිච්ච අපේ රටේ තරුණ තරුණියෝ System Change ඉල්ලුවම සමහරු උඩ බිම බලන්නේ ඒක නිසා, Change කරන්නත් System ඒකක් තියෙන්න ඒපැයි.
ඉතින් එදිනෙදා ටුවර්ස් වගෙ පෙළපාලියක් යනකොට උද්ගෝෂනයක් ඒනකොට වැඩ වර්ජන ඒහෙම දකින කොට පට් ගාලා පාලකයෝ කලේ
“ආ මෙහෙ එන්න මෙහෙ එන්න ආ මේක ගන්න බොරුවටනේ කලබල වෙන්නෙ කියලා”
වගා ණය, වන්දි, සහනාදාර, පඩි වැඩිකිරීම් කරලා අපේම බදු සල්ලි එයාලගේ වගේ අපිටම බෙදුවා බෙදපු බෙදිල්ලේ තරම කියන්නේ දැන් රට බංකොලොත් ලෝකෙන් ගත්ත ණය ගෙවාගන්නේ බැරුව ඒහෙට මෙහෙට ඇඹරි ඇඹරි IMF ඒක පස්සෙන් ලෝකබැංකුව පස්සෙනුයි යන්න වෙලා.
දැන් අර ඉස්සර හරක්ට පුන්නක්කු බෙදන්නා වගේ බෙදන්න සල්ලිත් නෑ ණය ගන්න විදියකුත් නෑ අනික කෘෂිකර්මාන්තය ගැන ගත්ත මෝඩ තීරන නිසා වැඩේ තවත් අල වෙලා උග්‍ර ආහාර අර්බුදයකට මූණදෙන්න වෙලා මහ බැංකුවට අනුව අගෝස්තු මාසේ ආහාර මත උද්දමනය 84% පසු කරලා වාර්තා දත්ත දිහා බල බල ඉන්න දෙයක් නෑ නේ කඩේට ගියාම අපිට තාරුකා පාත්වෙන ගානට බඩුමිල නැගලා කියලා හොදටම පේනවනේ.
ආපහු පරණ ප්‍රශ්ණ ටිකම ඇවිත් ගොවි ණය, පෝර නෑ ,කෘෂි රසායන අධික මිලයි ,බඩුමිල , ප්‍රවාහනය අධික මිලයි,තෙල් නෑ , වී මිල අඩුයි වගේ පරණ තැටියම ආපහු ඇහෙනවා හැබැයි මේපාර ගිය පාරවල් වල වගේ
“මා වැනි දිලින්දා වර වර ලගට කැන්දා දුක් සැප කිමන්දා අසන නිරිදෝ “
ලොවෙත් නැති වෙලා ලොවි ගහෙත් නැතිවෙලා තියෙන්නේ, නිරින්දෝ තෙල් හොය හොය ණය හොය හොය ආධාර හොය හොයා ලෝක වටේ දුවනවා හුරේ තියං ,
නිසි කළමණාකරනයක් ක්‍රමවේදයක් නැති වෙච්ච නිසා කොරෝනා කියන මහා රූස්ස ගහනේ වැටිච්ච අපිට උද්දමනය කියන ගොනා බිමදාගෙන ඇනගෙන ඇනගෙන යනවා අපිට කරන්න කිසිම දෙයක් නෑ.
ගොවියට ඉතින් දැන් වෙන්නේ මඩෙන් ගොට එන්න එයාගේ ලමයින් නං කවදාවත් කුඹුරක් දිහා ඇහැක් ඇරලා බලන එකක් නම් නෑ.මේකෙන් වෙන්නේ අපේ වී නිෂ්පාදනය ඇතුළු ආහාර නිෂ්පාදනය අඩාල වෙන එක, දැනටත් හාල් මිල දරන්න බැරි ගණන් වලට ඉහල ගිහිං ඉවරයි කළුකඩ ඇති වෙලා මොල් මාෆියාවක් ගැන කතාකරනවා ,පෞද්ගලික ව්‍යාපාරිකයව පතුරු ගහනවා හූරං කනවා කියලා ඒ තත්වෙට පරිසරේ හදපු අය සුදු රෙද්දෙන් මූණ වහං තාමත් පරණ සෙල්ලම් ටික ඒ විදයටම කරනවා ඒයාලට මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න පුංචිම හරි උවමනාවක් තියනවා කියලනං පෙන්නෙ නෑ.
තමන්ගේ ප්‍රධාන ආහාරය නිස්චිත මිලකට ප්‍රමාණවත්ව සපය ගන්න බැරි රටක ආර්ථිකයක් ගැන කතාකරලා වැඩක් නෑ ,ගොවියා රජ කරවන්න කලින් කකුල් දෙකෙන් ස්වයංව නැගිට්ටවන්න ක්‍රමයක් හදාගන්න ඔනේ
හැමදාම පිනට කන ජාතියක ඉරනම අති භයානකයි, ඒ ෆිල්ම් එකේ ට්‍රේල එක තමා අපි මේ දකින්නේ අපිට පිනට කන්න පුරුදු කරපු අය බුරුතු පිටින් ලමා ලපටිත් අරං යන්න යාවි එයාලගෙ රටවලට අන්තිම අපිට ඉතුරුවෙන්නේ හපකරලා දාපු රොඩ්ඩක් විතරයි.
හැමදාම උනේ කුඹුර මඩටම යට වෙච්ච එකයි ඒ මඩෙන් ගොවියට ගොඩවෙන්න බැරිවෙච්ච එකයි ව්තරයි ,කුඹුර වෙළඳපොළත් එක්ක සම්බන්ද වෙන්න ඕන. එහෙම වුණාම ඔය ඔක්කොම වැඩ කරනවා. මෙතන තියන ලොකුම ප්‍රශ්ණය ඇවිල්ලා කුඹුර දළු දාලා නිල්ල ගහන වෙළදපොළක් වෙන්නෙ නැතිකම. ඒක නිකංම නිකං සහනාධාර දෙන මුඩ් බිමක් වගේ. ගොවි බිම් වල අයිතිය ගොවින්ට දෙන්න ඔනේ නැත්තං කවදාවත් මේ ප්‍රශ්න වලට විසදුමක් නම් ලැබෙන්නෑ ගොවිතැන් කරන්න දිරිමත් කරනවා වෙනුවට අපි හැමදාම කලේ බාදක දාපු එක ඒ බාදක නැති කරලා නීතිමය අයිතිය ගොවියට ලබා දෙන්න ඔනේ. අන්න එතකොට කුඹුර ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා එතෙකාට තමා වෙළදපලට සම්බන්දවෙලා පද්දතියක් විදියට දුවන්න පටන්ගන්නෙ.
ඒ වගේම සෑම වසරකට අපි වෙළදපලට නිශ්පාදනය කරන බෝගවලට නිසි සැලැස්මකට ක්‍රමෙව්දයක් යටතේ තොග කල්තියාගන්නෙ කොහාමද ආරක්ශිත තොග කොච්චරක් ඔනෙද ප්‍රවාහනයේදි ගබඩා කිරිමේදි සිදුවෙන හානිය අවමකරගන්න නවීන ක්‍රම මොනවද, ප්‍රවාහන විදම් අඩු කරන්න ජාලගත ක්‍රමයක් හදන්න ඔනේ ඒකෙන් භාණ්ඩ මිල අඩුවෙන් තියාගන්න පුළුවන් ඒතකොට තමා වෙළද පල ප්‍රසාරනය වෙන්නේ වැඩි ඉල්ලුමක් ඇති වෙන්නේ ඒ වගේම වැඩි ආදායමකුත් එන්නෙ.
අද ලෝකය ඩිජිටල් වෙලා එත් අපේ දත්ත තියෙන්නෙ අමාත්‍යංශවල පුස්කාපු අල්මාරි අස්සෙ ඒ අල්මාරි අස්සේ තියන දත්ත එලියට අරං ඩිජිටල් දත්ත ගබඩාවක් නිර්මානය කරලා දත්ත මත පදනම් කරගත් තීන්දු තීරන ගන්න ක්‍රමවේදයක් හා ඒවා යාවත්කාලීන කරන විදියකුත් අපි හදාගන්න ඔනේ, අපිට ඉදිරියට යන්න නම් දිගුකාලින වැඩපිලිවලක් හා ප්‍රායෝගික ක්‍රමයක් අත්‍යාවශයි නැත්තං රජකරවන්නවත් ගොවියො ගෙන්න වෙන්නෙ චීනෙන් හරි ඉන්දියාවෙන් හරි තමයි.
ජනත් පෙරේරා
Janath Perera
2022.10.16
හාල් ගැරීම සහ හාල්වලින් ගැරීම
හාල් ගැරීම සහ හාල්වලින් ගැරීම
මං ඉස්කෝලේ යන කාලේ ගියපු විද්‍යා පන්තියේ පුංචි තුණ්ඩු කෑල්ලක ප්‍රශ්න ලියලා සර්ට යවන්න පුළුවන්. මේ ප්‍රශ්න කියවන්නෙ ඉස්සරහම පේලියේ හිටපු ළමයෙක්. එක දවසක් ප්‍රශ්නෙ කියවපු ගමන් මුළු පන්තියටම බකස් ගාලා හිනා ගියා. ප්‍රශ්නෙ තමයි ‘ආච්චිට හාල් ගරන්නේ කෙසේද?’
අපි පුංචි කාලේ හාල් කඩෙන් ගෙනාවාට පස්සේ, කුල්ලෙන් පොළලා වී ඇට, දහයියා අයින් කරලා, නෑඹිලියක දාලා කළු ඇට අයින් කරලා ආයෙත් පාරක් හාල් සුද්ද කරලා, ගල් කැට, වැලි කැට අයින් කරලා (ගරලා) තමයි උයන්න ගන්නේ.
පස්සේ කාලේ හාල් මෝල් දියුණු වෙනවත් එක්කම හාල් පිරිසිදු කරලා කළු ඇට අයින් කරලා ගල්කැට අයින් කරලා උසස් තත්ත්වයෙන් හාල් එකපාරම උයන්න පුළුවන් විදියට මිලදී ගැනීමේ හැකියාව ලැබුණා. අන්න ඒ නිසා දැන් ඉන්න අපේ ආච්චිලට හාල් ගරන්නේ නැතුව හෝදලා එකපාරම උයන්න පුළුවන් වුණා. අද කතාව හාල් සහ ලංකාවේ ගොවිතැන ගැන. සහල් වල පාලන මිල ඉවත් කිරීමත්, ඒ මිල වී මෝල් හිමියන් තීරණය කළා කියන චෝදනාවත් එක්ක සමාජයේ විශාල කතා බහක් ඇති වෙලා. සුපුරුදු විදියට අපේ අදහස දේශපාලන කෝණයෙන් මිදිලා ආර්ථික විද්‍යාත්මකව මේ ප්‍රශ්නය දිහා බැලීමයි.
අපි දත්ත (Data) දිහා සහ විසඳුම් (Solution) දිහා පොඩ්ඩක් බලමු.
1. ශ්‍රී ලංකාවේ අවුරුද්දකට එක පුද්ගලයෙක් හාල් 108kg පරිභෝජනය කරනවා. ලෝකය අනෙක් රටවල් වල සාමාන්‍ය මනුස්සයෙක් (Average rice consumption) හාල් පරිභෝජනය කරන්නේ අවුරුද්දට 54Kg විතරයි. සරලව කියනවා නම් ලංකාවේ මිනිස්සු සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා දෙගුණයක් බත් කනවා.
එතකොට එන ප්‍රශ්නය තමයි මෙච්චර හාල් කන රටේ අවුරුදු ගාණක් තිස්සේ ගොවියෝ දුප්පත් වුණේ කොහොමද කියලා. අන්න එතකොට අපි ඔක්කොම එකතු වෙලා බනිනවා හාල් මෝල් අයිති පුද්ගලයන්ට . අතරමැදියා සල්ලි හොයනව - ගොවියා දුප්පත් වෙනවා කියල . ඒ මතයේ ඇත්ත නැත්ත බලන්න කලින් අපි පොඩ්ඩක් ප්‍රශ්නය ගැඹුරට යන්න ඕන.
ගොවියන් නිතරම කියන්නේ හාල් මොල්වල අය අපෙන් වී මිලදී ගන්නේ ඉතාම අඩු මිලකට රජය ඒ නිසා සහතික මිලකට අපෙන් වී මිලදී ගන්න කියල. නැත්තං මෝල් හිමියන්ට වී මිලදී ගන්න අවම මිලක් තීරණය කරන්න කියලා. ගොවියන්ගෙන් මේ ඉල්ලීම් වැඩිපුරම එන්නේ ඇස්වහක් කටවහක් නැතුව ගංවතුරක්, නියඟයක් නැතුව ඉතා හොඳ අස්වැන්නක් ලැබෙන කාලෙට. ඇත්තටම මෙතනදි වෙන්නේ හොඳ සහල් අස්වැන්නක් ලැබුණු ගමන්ම වෙළෙඳපොළටලට සහල් සැපයුම වැඩි වෙන නිසා නිකම්ම මිල පල්ලෙහාට එනවා. ඒ නිසා වැඩි අස්වැන්නක් ලබා ගත්තා කියලා ගොවියන්ට වැඩි මුදලක් ලබාගන්න පුළුවන් කමක් නෑ .
ගංවතුර නියඟය ඇවිල්ලා අස්වැන්න අඩු කාලෙට වී වල මිල ඉහළ යනවා හැබැයි ඒත් එතකොට සම්පූර්ණයෙන් නිපදවන වී කිලෝ ගණන අඩුනිසා මිල වැඩි උනත් ගොවියන්ට ලැබෙන මුළු මුදල් ප්‍රමාණය ලොකු වෙනසක් වෙන්නේ නෑ. සරලවම කියනවා නම් අස්වැන්න වැඩි වුණත් ගොවියන්ට ලැබෙන්නේ එකම මුදල. අස්වැන්න අඩු වුණත් ගොවියන්ට ලැබෙන්නේ එකම මුදල. ඒක නිසා අස්වැන්න වැඩි කරගන්න වැඩි වැඩියෙන් මහන්සි වෙන්න ගොවියන්ට ධෛර්යවත් වෙන්න හේතුවක් නෑ (No incentive). ඕකට විසඳුමක් විදිහට බොහෝ වෙලාවට බලයේ පවතින ආණ්ඩු කරන්නේ අස්වැන්න වැඩි කාලෙට වී මොල් හිමියන් ගොවියන්ගෙන් වී මිලදී ගත යුතු අවම මිලක් තීරණය කරනවා. එතකොට හාල් මෝල් හිමියන් ගොවියන්ගෙන් වී මිලදී ගන්න එක අඩු කරනවා. එතකොට ගොවියට අයෙත් බඩට පහරක් වදිනවා.
එහෙම නැත්තම් සහල් මිලදී ගන්න පනවපු පාලන මිලත් ( සහතික මිලත් ) එක්කම පාරිභොගිකයගේ අවසාන සහල් කිලෝවක් විකුනන මිලට එකතු කරනවා. එහෙම කරපු ගමන් වෙළෙඳපොලේ හාල් මිල 120ට 140ට යනවා. එතකොට විපක්ෂයේ ඉන්න අයගෙන් සහ ජනතාවගෙන් විශාල විරෝධයක් එනවා.
එතකොට ආණ්ඩුව කරන්නේ සහල් විකිණීම සඳහා මිල පාලනයක් දානවා. එතකොට වී මෝල්වලින් හාල් හංගනවා. මොකද ඔවුන්ට එම මුදලට සහල් විකිණීමෙන් ඔවුන් බලාපොරොත්තු වෙන ලාභය ලබන්න බැරි නිසා. මේ අතර මැද්දට සහල් මෝල් හිමියන් සහල් ගබඩා කරගෙන ඒකාධිකාරියක් ගොඩනඟාගෙන සහල් මිල පාලනය කරනවා.
එහෙම නැත්තන් ආණ්ඩුව කරන්නේ ආණ්ඩුව සහතික වැඩි මිලකට වී /හාල්ටික මිලදී අරගෙන ගබඩා පහසුකම් අඩු නිසා මත්තල ගුවන් තොටුපොළ වගේ තැන්වල වී ගබඩා කරලා ආයෙමත් ගත්තට වඩා අඩු මිලකට තමන්ගේ දේශපාලන හිතවත්කම් මත අර සහල් මෝල් හිමියන්ටම ඒ වී ටික විකුණලා ලබන පාඩුව බදු ගෙවන ඔබගෙනුයි මගෙනුයි අය කරගන්නවා.
මගේ අවබෝධය හැටියට ඕක තමයි සහල්වල විෂම චක්‍රය. සරලවම කියනවනම් මෙතන වෙළෙඳපොළක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. වෙළෙඳපොළ ක්‍රියාත්මක නොවෙන ඕනම තැනක තියෙන්නේ ප්‍රශ්න විතරයි.
දැන් බලමු මේකට විසඳුම් මොකක්ද කියලා. ඔය විෂම චක්‍රය කෑලි එහෙට මෙහෙට කරලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. අපි වවමු රට නගමු, පුරන් කුඹුරු අස්වද්දමු වගේ වැඩ ඉතා හොඳ වැඩ. ඒත් මේ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙයි කියල හිතන්න අමාරුයි. අපි වසර ගණනාවක් ඒව අත්හදා බැලුවත් විසඳුමක් නොලැබුණේ ඒ නිසයි.
මුලින්ම සහල් වල මිල ගණනය කිරීමේදී අපි ගණනය කරන ක්‍රමය ඉතාම වැරදියි. සාමාන්‍යයෙන් හාල් කිලෝ එකක් නිෂ්පාදනය කරන්න වතුර ලීටර් 2500 විතර ලබා දීල ඒකෙන් ලීටර් 1,400 ක් විතර ශාක පාවිච්චි කරනවා. අපි සාමාන්‍යයෙන් වතුර ලීටර්යකට සත 20 ගණන් තිබ්බාත් (වෙළෙඳපොලේ කාර්මික ජලයට අයකරන මුදලට වඩා ඉතා අඩු අගයක්) දැනට තියන හාල් කිලෝ එකට අවම තවත් රුපියල් 280 එකතු වෙන්න ඕන. එහෙම බැලුවම පේනවා අපි කන හැම හාල් කිලෝ එකක මිල කොච්චර වැඩියිද කියලා. පවතින දේශගුණික විපර්යාස එක්ක වතුරට ඉල්ලුම වැඩි වෙද්දී අපි ලොකු ප්‍රශ්නයකට මුහුණ පානවා.
ඒ වගේම අපි විශාල පොහොර සහනාධාරයක් ගොවියන්ට ලබා දෙනවා. ඒවට ගෙවන්නෙත් බදු ගෙවන ජනතාවමයි. එම මිලත් හරිනම් සහල් වලට මිලට එකතු වෙන්න අවශ්‍යයි. එහෙම එකතු වුණාම අපේ සහල් කිලෝවක නිෂ්පාදන වියදම එනව රුපියල් 280ක් කිට්ටුවට. අපි අකමැති වුණත් ඒක තමයි යතාර්ථය.
ගොඩක් අය හිතන්නේ ආණ්ඩුව මේ වැඩේ කරන්න පටන් ගත්තොත් වැඩේ ඔක්කොම හරි කියලා. ආණ්ඩුව වැඩේ කරනවා කියලා කියන්නේ තියනවටත් වඩා ප්‍රශ්නය වැඩි වෙනවා කියන එකයි. (ආණ්ඩුව කියලා අදහස් කළේ පවතින ඕනෑම රජයක්).
මේකට මගේ අදහසේ හැටියට පේන විසඳුම තමයි සහල්, කර්මාන්ත ක්ෂේත්‍රයට පාවිච්චි කරන අමුද්‍රව්‍යයක් (Industrial raw material) බවට පත් කරන්න ඕනේ. සරල කරල කියනවනම් ගොවියන්ගෙන් වී මිලදී ගන්න එකම ගැණුම්කරුවා වී හාල් මෝල් කරුවන් නොවිය යුතුයි. (රජයේ හාල් මෝල් ද ඇතුළුව) තව ටිකක් පැහැදිලිව කියනවා නම් ලෝකෙ සහල් අද පාවිච්චි කරන්නේ කන්න විතරක් නෙවෙයි. හාල් වලින් කිරි හදනවා. හාල්වලින්, වයින්, බියර්, whisky සුවඳ විලවුන්, තෙල් හදනවා.
බොහෝ අය ඉන්න අනිත් මිත්‍යාව තමයි අපි වැඩිපුර හාල් හැදුවොත් අපිට අපනයනය කරන්න පුළුවන් කියලා. අපි නොදන්න කාරණය තමයි ලංකාවේ වවන්නේ කෙටි බීජ (Short grain) සහල් . ඒත් ලෝකෙ වැඩිපුරම ඉල්ලුමක් තියෙන්නේ දිග බීජ Thai (Long grain) සහල් වලට.
සහල් වෙළෙඳපොළේ තරග කරන රටවල් ගොඩක් වවන්නේ දිග බීජ [Long grain] සහල්. අන්න ඒ නිසා ඊළඟ විසඳුම තමයි ලෝක වෙළෙඳ පොළේ වැඩි ඉල්ලුමක් තියෙන සහල් වර්ග වගා කරන්න අපේ ගොවියන් නැඹුරු කිරීම. ඒ වගේම අඩු වතුර ප්‍රමාණයක් පරිභෝජනයය කරන හාල් විශේෂ ඉදිරිපත් කරන්න ඕන. ශ්‍රී ලංකාවටම ආවේනික වෙච්ච සුවදැල්, පච්ච පෙරුමාල්, හීන්ටි, රතු නාඩු, කුරුලු තුඩ වගේ වී වර්ගවල ප්‍රතිඔක්සිකාරක (Antioxidants) වැඩිපුර තියෙන බවට ශ්‍රී ලංකාවේම ශිෂ්‍යයෝ දෙදෙනෙකු කරපු පරීක්ෂණ වාර්තාවකින් අදහස් පළකරලා තිබුණා. ඒ වගේ බීජ වර්ග මහා පරිමාණයෙන් වගා කරන්න පුළුවන්ද කියලා පරීක්ෂණ කරලා බලන්න ඕන. අනිත් එක තමයි පාරිභෝගිකයෝ විදියට අපි පරිභෝජනය කරන සහල් ප්‍රමාණය අඩු කරන්න ඕන. අපේ පරිභෝජනය අඩු කරල ඉතුරුවෙන ප්‍රමාණයෙන් තමයි කර්මාන්ත සඳහා සහල් පාවිච්චිය වැඩි කරන්න පටන් ගන්න ඕන. [Lion Beer සමාගම බියර් නිෂ්පාදනය සඳහා මිල වැඩි malt වෙනුවට සහල් භාවිතාව වසර කිහිපයකට පෙර ආරම්භ කරා] අපේ මුතුන්මිත්තෝ බත් විතරයි කෑවෙ කියල තුන් වේලටම බත් කන්න පුළුවන් ජීවන රටාවක් නෙවෙයි දැන් අපිට තියෙන්නේ. අපේ ජීවන රටාවත් එක්ක එතරම් කාබෝහඩ්ට්‍රේට ප්‍රමාණයක් අපේ ශරීරයට හිතකර නෑ.
ශ්‍රී ලංකාවේ වී වගාව කර්මාන්තවල පාවිච්චි වෙන අමුද්‍රව්‍යයක් වෙච්ච දවසට අස්වැන්න වැඩිවෙන්න වැඩිවෙන්න ගොවියට ලැබෙන මිලත් වැඩිවෙනවා. මිලදීගන්න ගැනුම්කරුවන්ව ක්ෂේත්‍ර ගණනාවකට පැතිරුණාම නිකම්ම ඒකාධිකාර බිඳවැටෙනවා.
2. ඊළඟ කතාව තමයි ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) සරලවම කියනවනම් ලංකාව හදන ඔක්කොම බඩුවලින් කෘෂිකර්මය දායක වෙන්නේ 7%-8%ට විතරයි. ඒත් අපේ ශ්‍රමබළකාය නැත්තම් අපේ වැඩ කරන ඔක්කොම මිනිස්සුන්ගෙන් 25%ක් ඉන්නේ කෘෂිකර්මාන්තයේ. බොහෝ දෙනෙක් මේකට දෙන උත්තරේ තමයි ගොවියන්ගේ ඵලදායිතාවය වැඩි කරන්න අපි තාක්ෂණය ගේන්න ඕන. අපේ ගොවීන්ට වඩාත් කාර්යක්ෂම විදියට වගා කරන්න ඉඩ පහසුකම් සපයන්න ඕන කියන තර්කය. අර මම උඩදි කිව්ව වගේ අලුත් බීජ අත්හදා නොබලන්න, අඩුවෙන් ජලය පාවිච්චි වෙන වගා ක්‍රම ඉදිරිපත් නොකරන්න, වී වලට වඩා වැඩි ඵලදාවක්- මිලක් ලබා දෙන බෝග වගා නොකරන්න, හරිතාගාර තුළ සිදුකරන වගා ක්‍රම අත්හදා නොබලන්න, තාක්ෂණය කුඹුරුට නොඑන්න හේතුවක් තියෙනවා. එය තමයි වී වගාව සම්බන්ධව ඉඩම්වල තිබෙන ප්‍රශ්නය. මේක ඉතාම සංවේදී ප්‍රශ්නයක්. තවත් සරලව කියනවා නම් ඉතාම හොඳ දේශපාලන පාපන්දුවක්. ලංකාවේ තියෙන ඉඩම් වලින් 82% ක්ම අයිති ආණ්ඩුවට. සරලවම කියනවනම් ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණය වෙච්ච හෙක්ටයාර මිලියන 6.561 න් හෙක්ටයාර මිලියන 5.4 ක්ම අයිති ආණ්ඩුවට.
(ආණ්ඩුවට ඇති ඉඩම් ප්‍රමාණයෙන් 30% විතර වනාන්තර තිබෙන බවත් අමතක කරන්න එපා.) මේ ඉඩම්වල අයිතිය ගොවීන්ට නැහැ. ඒ නිසා ඔය කුඹුරු ඉඩම් වල වී ඇරෙන්න වෙන දෙයක් වගා කරනවා නම් ආණ්ඩුවේ කන්තෝරුවට ගිහිල්ලා වෙනම ලයිසන් එකක් ගන්න ඕනේ. ඒක අවුරුද්ද ගානේ අලුත් කරන්න ඕන. ඊට අමතරව කුඹුරු ඉඩම් වල කිසිම ඉදිකිරීම්ක් කරන්න බෑ. කුඹුරු ඉඩම් වලට බැංකුවෙන් ණයක් ගන්න පුළුවන් හැකියාව ඉතාම අඩුයි. ආයෝජනය කරන්න බැරි, තමන්ටම කියලා අයිතියක් නැති ඉඩමකට කොහොමද ඉතින් හරිතාගාර තාක්ෂණය එන්නේ. ගොවියන්ට කුඹුරුවල අයිතිය ලබා දෙනවා කිව්වාහම දේශපාලන වේදිකාවේ කියවෙන ප්‍රධානම තර්කය තමයි අම්මෝ ඔය ඉඩම් වල අයිතිය ගොවියන්ට දුන්නහම ගොවියෝ ඒ ටික විකුණල ඒකෙන් අරක්කු බොයි, ගොවියෝ විකුණන ඉඩම් ටික විදේශිකයෝ අරගෙන ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට මහා බලපෑමක් ඇතිවෙනවා, සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ඉඩම් වල අයිතිය පිටරට අයට හිමිවෙනවා කියන මතය. ගොඩක් Conspiracy theory විශ්වාස කරන අය තමයි ඕක කියන්නෙ. (ඒ වගේම තමයි ඔය කුඹුරු ඉඩම් ගොඩක් තියෙන්නේ ඉතා කුඩා කොටස් වශයෙන් මහා පරිමාණ වගාවක් කරන්න අමාරුයි). මගේ නම් මතය ඉඩම්වල අයිතිය ආණ්ඩුවට තියෙන තාක් කල් ඉඩම්වල අයිතිය ජනතාවට ලැබෙන්නේ නැහැ කියන එකයි. තවත් සරල කරලා කියනවා නම් මේ සටහන කියවන කාට හරි ඔය ආණ්ඩුවට අයිති 82% ප්‍රමාණයේ කිසිම දෙයක් කරන්න පුලුවන්ද? බැහැ කියන එක තමයි පිළිතුර. විදේශිකයෝ ඉඩම් අත්කර ගනී කියන මතයට අනුව ගත්තොත් විදේශිකයො ඉඩම් අත්පත් කරගනී කියලා වැඩිපුරම බය වෙන්න ඕනේ ඔස්ට්‍රේලියාව, ඇමරිකාව වගේ රටවල්. මොකද ලංකාව, ඉන්දියාව වගේ රටවල් ගණනාවක මිනිස්සු ඒ රටට ඇවිල්ලා පුරවැසි භාවයත් අරගෙන ඉඩනුත් සල්ලි දීලා ගන්නවා. එහෙම පොඩි හරි බයක් තියෙනවා නම් ශ්‍රීලාංකිකයන්ට හරි මේ ඉඩම් මිලදී ගැනීමට අවස්ථාව තියෙන්න ඕන කියන එකයි මගේ අදහස . ඉඩම් විකිණීමේදී ගහන බද්දෙන් රජයට විශාල ආදායමක් උපයා ගන්නත් පුළුවන්. හාල් ගැන කතාව ඉතාම දිගයි. කෙටි කාලීනව විසඳුම් නෑ. සහල්වලට මිල පාලනය දාලා හාල් මෝල් අයිති අයගේ ගබඩා වලට ඇවිල්ලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි මේක. එහෙම කරපු ගමන්ම ඔවුන්ගේ ධාරිතාව අඩු කිරීමෙන් වෙළෙඳපොළේ සහල් අඩු වෙලා ඉල්ලුම සහ සැපයුමට අනුව නිකන්ම සහල් මිල ඉහළ යනවා.
හාල් වගාකිරීමට තියන Incentive ප්‍රශ්නේත් ගොවියන්ට තිබෙන ඉඩම් ප්‍රශ්නේත් විසඳලා මේ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ලබාගන්න පුළුවන් කියන එකයි මගේ විශ්වාසය. එහෙම නැත්තම් ආච්චිට හාල් ගරන්නේ කෙසේද කියල ඇහුව වගේ හැමදාම වී මෝල් හිමියන් අපෙන් ගරනවා කියල තමයි ඉන්න වෙන්නේ.
2021 ඔක්තෝම්බර් 01 දින අරුණ පුවත්පතේ පලවූ ලිපිය
පොල්තෙල් පිටිපස්සෙ තියන ආර්තික විද්‍යාව
අවුරුදු කාලය කිට්ටු වෙනවත් එක්කම නිතරම ආහාර පාන වල මිල ගණන් ගැන කතාවෙනවා. අවුරුදු සමයත් එක්ක මේ පාර විශාලම කතා බහට ලක් වෙලා තියෙන්නෙ පොල්තෙල් පිළිබඳව. ශ්‍රී ලංකාවෙ සෞඛ්‍ය අංශ, සමහර ආනයනික පොල්තෙල් වල ඇෆ්ලටොක්සින් (Aflatoxin) යන පිළිකා කාරක සංයෝගය අඩංගු බව අනාවරණය කිරීමත් සමඟම තමයි මේ පිළිබඳව කතාව තීව්‍ර වුණේ. දැනට පවතින තත්වය තමයි රජයේ මහජන සෞඛ්‍ය නිලධාරීන් සහ පාරිභෝගික අධිකාරිය රට වටේම විශ පොල්තෙල් හොයමින් පරීක්ෂණ කරනවා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට විශාල විවේචනයක් එල්ල වෙලා. සාමාන්‍ය ජනතාව අවුරුද්ද අත ළග තියාගෙන කැවිලි පෙවෙලි හදන්න පොල්තෙල් ගන්න ක්‍රමයක් කල්පනා කරනවා. බොහෝ පාරිභෝගිකයන් පවා මෙතෙක් හිතාගෙන ඉදල තියෙන්නෙ අපි පාවිච්චි කරන පොල්තෙල් ලංකාවෙ නිෂ්පාදනය කරන පොල්තෙල් කියල.
ඒ අතර රජය පසුගියදා පාම් ඔයිල් හෙවත් කටුපොල් වලින් ලබා ගන්නා තෙල් සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබූවා. බොහෝ දෙනෙක් පොල්තෙල් පිටුපස කතාව දේශපාළනීකරනය කරනවා විනා එහි පිටුපස ආර්ථික විද්‍යාවක් ඇති බව පිලිගන්නා බවක්වත් පෙනෙන්නට නැහැ. ආර්ථික විද්‍යාව දිහා නොබලන නිසා ලබාදෙන විසඳුම්වලින් බොහෝ වෙලාවට වෙන්නෙ ප්‍රශ්ණය විසදෙන එකට වඩා වෙන්නෙ ප්‍රශ්ණය තවත් වැඩි වෙන එක.
අද අපි බලන්නෙ පොල්තෙල් පිටිපස්සෙ තියෙන ආර්ථික විද්‍යාව ගැන. අපි හැමෝම දන්න විදියට පොල්තෙල් වලට වැඩිපුරම අවශ්‍ය අමුද්‍රව්‍ය තමයි පොල්. පොල් ගැන කතා වෙන්නෙ පොල්වල මිල ගණන් වැඩි වුණු වෙලාවට විතරයි නමුත් මේ ගැන මීට වඩා ගැඹුරින් බලන්න අවශ්‍යයි.
පොල් සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමාට අනුව ලංකාවේ පරිභෝජනය සදහා දළ වශයෙන් පොල්තෙල් 180,000 MT පමණ අවශ්‍යයි.එයින් 50% නැත්තම් 90,000 MT පමණ ගන්නෙ කර්මාන්ත ක්‍ෂේත්‍රයට. ඉතිරි 50% පරිභෝජනය කරන්නෙ ගෘහස්ත වශයෙන්. පොල්තෙල් සදහා අවශ්‍ය පොල් වගාව කාලගුණික සහ දේශගුණික වශයෙන් හරිම සංවේදීයි. හොද ඵලදාවක් ගන්නනං හොද කාලගුණයක් තිබීම ඉතාම වැදගත්. පසුගිය කාලවල කාලගුණයට එල්ල වුණු බලපෑම නිසා පොල් ඵලදාව කලින් ශ්‍රී ලංකාව තුල නිපදවූ 40,000 MT පමණ පොල්තෙල් ප්‍රමාණය 25,000MT දක්වා අඩු වෙලා තිබෙන බවයි අධ්‍යක්ෂක ජෙනරාල් තුමා ප්‍රකාශ කලේ. ඒ අනුව ඉතා විශාල පොල්තෙල් ප්‍රමාණයක් සහ ඊට ආදේශක තෙල්වර්ග වන පාම් තෙල්, සූරියකාන්ත තෙල්, සෝයා තෙල් වැනි තෙල් වර්ග අපි භාවිතයට ගනු ලබනවා.
පොල්තෙල් ආනයනයේදී පිරිපහදු කල පොල්තෙල් සහ පිරිපහදු නොකරන ලද පොල් තෙල් ලෙස කාණ්ඩ දෙකකින් පොල්තෙල් ආනයනය කරන අතර ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය නිසා කල් යාමේදී සහ භාවිතයේදී පිළිකා ඇති කල හැකි විවිධ සංයෝග නිපදවිය හැකි බවයි ප්‍රකාශ වන්නේ.
පොල්තෙල් 1Kg එකක් නිශ්පාදනය සදහා දල වශයෙන් පොල්ගෙඩි 8ක පමණ ප්‍රමණයක් අවශ්‍ය බව සැලෙකෙනවා. ඒ අනුව ගත්තහම ශ්‍රී ලංකාවේ ගෘහස්තව කෑම පිසීම සදහා (පොල් සම්බෝල, පොල් කිරි සහ අනෙකුත් පොල් භාවිතා වන අවස්ථා) හැර පොල් තෙල් සදහා පමණක් දල වශයෙන් පොල් ගෙඩි බිලියන 1.5කට ආසන්න ප්‍රමානයක් අවශ්‍ය වනවා. වැඩිපුරම පොල් අප භාවිතා කරන්නේ ගෘහස්ථ පරිභෝජනය සදහායි. සංඛ්‍යා දත්ත අනුව ශ්‍රී ලංකාවෙ වසරකට ලැබෙන පොල් ඵලදාව පොල්ගෙඩි බිලියන 2.6ත් බිලියන 3ත් අතර වනවා. එම ඵලදාව ලබා ගැනීමට අප අපේ වගා කල හැකි භූමියෙන් 20.6%ක් පමණ කැප කර තිබෙනවා. ඒ අනුව පොල් සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙනරාල් තුමාට අනුව අවම වශයෙන් අපගේ අවශ්‍යතාවය සැපිරීමට අපට පොල් ගෙඩි තවත් මිලියන 600ක්වත් වසරකට වගා කල යුතුයි.
මේ දත්ත දෙස බැලීමේදී අපට ප්‍රශ්ණයේ එක් අන්තයක් පැහැදිලියි. ඒ තමයි අපගේ පොල් ඵලදාව අපගේ අවශ්‍යතාවයට සරිලන තරම්වත් ප්‍රමාණවත් නොමැති බව. එයට ප්‍රධාන හේතු ගණනාවක්ම තිබෙනවා. ශ්‍රී ලංකාවේ එක් පොල් ගසකින් වසරකට සාමාන්‍යයෙන් ලැබෙන්නේ පොල් ගෙඩි 62කට ආසන්න ප්‍රමාණයක්. නමුත් අපිත් සමඟ තරගකරන සමාන දේශගුණයක් ඇති ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය, පිලිපීනය සහ ඉන්දුනීසියාව වැනි රටවල එක් ගසකින් ලැබෙන පොල්ගෙඩි ප්‍රමාණය 150 තරම් ඉගළ අගයක්. එම ප්‍රමාණය අපේ රටේ පොල් ගසකින් ළැබෙන පොල් ගෙඩි ප්‍රමාණයට වඩා දෙගුණයකටත් වැඩි අගයක්. ශ්‍රී ලංකාවේත් නිසි පරිදි කළමණාකරණය කරන පොල් වගාවන් වල ගසකින් දල වශයෙන් පොල් ගෙඩි 120ක් පමණ ලබා ගත හැකියි. කේරළය, මැලේසියාව සහ පිලිපීනය වැනි රටවල පොල් හෙක්ටයාරයකින් පොල්ගෙඩි 11,000-14,000 අතර පමණක් ලබා ගත හැකිවුවත් ශ්‍රී ලංකාවේ පොල් හෙක්ටයාරයකින් දැනට ලබා ගන්නේ පොල්ගෙඩි 6000කට ආසන්න ප්‍රමාණයක්. ඉන්දුනීසියාව වැනි රටවල හෙක්ටයාරයකින් ලබා ගත හැකි පොල්ගෙඩි ප්‍රමණය 15,000 ඉක්මනවා. ශ්‍රී ලංකාවෙ පොල් ඵලදාව අඩු වීමට හේතුව එහෙම නැත්තම් ඵලදායිතාව අඩු වෙන්නෙ මොකක්ද හේතුව කියන එක බොහෝ දෙනෙක්ට අදහසක් නෑ.
එක හේතුවක් තමයි අපේ පොල් වගාවන් වල තිබෙන ගස් ඉතාම පරණයි. සාමාන්‍යයෙන් ගසක් පරණ වෙද්දි විද්‍යාත්මකව ඵලදාව එන්න එන්නම අඩු වෙනවා. ඒ වගේම අපේ ගස් නඩත්තුව ඉතාම අවමයි. පුත්තලම, හලාවත වැනි ප්‍රදේශවල පොල්වතු අයිතිකරුවන් බොහෝ වෙලාවට පදිංචිව සිටින්නේ කොළඹ ප්‍රදේශයේ. ඉතින් වගාවක් ලෙස පොල් වගාවට දෙන අවධානය ඉතාම අඩුයි. මේ කාරණ දෙකට බලපාන ලද තවත් හේතුවක් විය හැක්කේ 1970 මුල් භාගයේ අක්කර 50ට වැඩි පුද්ගලික ඉඩම් රජය සතුකර ගැනීමයි. වගාවන් වල ප්‍රමාණය කුඩා වන තරමට වාණිජ වගාවක් ලෙස ක්‍රියාත්මක කිරීම අපහසුයි. එවිට යන වියදමත් වැඩියි. ලාභය අඩුයි. එලෙසම රජයට පවරා ගත් පොල් ඉඩම් වල ඵලදාව පුද්ගලික ඉඩම් වල ඵලදාවට වඩා ඉතාම අඩුයි. මේ සියලුම හේතු වල සංකලනයක් ලෙස ලංකාවේ පොල් වගාව ඉතාම අකාර්යක්ශම වගාවක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම පොල් ගස් නඩත්තු කිරීමට සහ පොල් කැඩීමට අවශ්‍ය ශ්‍රමය සොයා ගැනීම ඊටත් වඩා ප්‍රශ්ණයක්. ඒ වගේම පොල් ප්‍රධාන අපනයන භෝගයක්. ශ්‍රී ලංකාවෙ පොල් වගාව ප්‍රමාණයෙන් සහ කාර්යක්ශමතාවයෙන් අඩු වුවත් ශ්‍රී ලංකාවේ පොල්වල ඇති සුවිසේෂී රසය සහ සුවද නිසා සමහර අපනයන ක්ශේත්‍ර සදහා ශ්‍රී ලංකාවෙ පොල් වලට ඉතා විශාල ඉල්ලුමක් තිබෙනෙවා. නමුත් එම ඉල්ලුම සැපයීමට තරම් අපිට හැකියාවක් නැහැ.
මේ සියලු ප්‍රශ්න පොල් වගාව පිලිබද හෙවත් පොල් සැපයීම පිළිබද ප්‍රශ්ණ.
අනෙක් අන්තයෙන් පොල් ඉල්ලුම සදහාත් විවිධ බලපෑම් එල්ල වෙනවා. ලෝකයේ හෘද රෝග පිළිබඳ අවධානය වැඩි වීමත් සමඟ ආහරයට ගන්න විවිධ තෙල් වර්ග පිළිබඳව පාරිභෝගිකයන්ගේ අවධානය යොමු වුණා. ඒ අනුව පොල් තෙල් වලට ආදේශක තෙල් වර්ග ලෙස පාම් තෙල්, සූරිය කාන්ත තෙල්, සෝයා තෙල් ලෙස විවිධ තෙල් වර්ග වලට වෙළදපොලේ අවධානය යොමු වුණා. මේ සියලු වෙළදපොල තත්වයන් සහ නිශ්පාදන තත්වයන් සැලකිල්ලට ගෙන අපේ පොල් කර්මාන්තය දියුණු කිරීම වසර ගණනාවක් පැවති රජයන් ගෙන තිබෙන පියවර මොණවාද?
බොහෝ රජයන් වලින් සිදු කර තිබෙන එකම ප්‍රතිපත්ති තීරණය වන්නේ පොල් මිල වැඩි වන විට පොල් මිල පාලනය කර ගැසට් පත්‍රයක් මධ්‍යම රාත්‍රියේ මුද්‍රණය කිරීම පමණයි. එහි ප්‍රතිඵලය ලෙස වෙළදපොලේ ඇති පොල් කලු වෙලදපොළට (Black market) හුවමාරු වන අතර පාරිභෝගිකයාට තිබුණාටත් වඩා වැඩි මිලට පොල් මිලදී ගැනීමට සිදුවෙනවා. පොල් මිල වැඩිවීමේදී පොල් අපනයන කර්මාන්තයේ යෙදී සිටින කර්මාන්තකරුවන්ට විශාල අභියෝගයක් එල්ල වන්නේ ඔවුන් වෙනත් රටවල් වල සිටින ව්‍යාපාර සමඟ ස්ථාවර මිල ගනන් යටතේ ගිවිසුම් අත්සන් කර ඇති නිසයි.
ඊට අමතරව පාම් තෙල් තහනම් කිරීමෙන් පොල්තෙල් වෙනුවට තිබූ තවත් අදේශක තෙල් වර්ගයක් වෙළදපොලෙන් බැහැර වීමෙන් සැපයිය නොහැකි පොල්තෙල් ඉල්ලුමට තව අමතර ඉල්ලුමක් එල්ල වීමෙන් මිල ගණන් තවත් ඉහළ යනවා. එවිට බේකරි කර්මාන්තයේ මෙන්ම කුඩා වෙළදසැල් හිමියන්ට විශාල බලපෑමක් එල්ලවෙන අතර ඔවුන් පරණ වූ පොල්තෙල් වතාවන් ගණනාවක් භාවිතා කිරීමට ඇති නැඹුරුව වැඩි වීමෙන් නැවත පිළිකාකාරක සංයෝග සහ ශරීර සෞඛ්‍යයට අහිතකර තෙල්වර්ග වැඩි වීමට අවස්ථාව ඉතාම වැඩියි. කටු පොල් වගාව පොල් වගාව සපේක්ෂව කාර්යක්ෂමයි. නමුත් පරිසර ගැටලු රාශියක් එනම් විශේෂයෙන්ම ජලය උරා ගැනීම ගැන ගැටලු පැන නැගී තිබුණා. නමුත් පාම් තෙල් එකවර තහනම් කිරීමෙන් එම තෙල් අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන පැණිරස කැවිලි කර්මාන්තයට (Confectionary industry) විශාල බලපෑමක් එල්ල වෙනවා. පාම් වගාව සදහා අවශ්‍ය ප්‍රමාණයට ජලය සැපයිය හැකි ක්‍රමයක් සකස් කලානම් මීට වඩා සාර්ථක ප්‍රතිපල ලබා ගැනීමට ඉඩ තිබුණා.
මෙම තත්වය සදහා දැනට යෝජනා කර ඇති විසඳුම් එතරම් සාර්ථක විසඳුම් නොවෙයි. ආරක්ෂිත පොල්තෙල් ලෙස රජයේ තරු 5ක සංකේතයක් සහිතව වෙළදපොළ සැපයුම් කරුවන් 7 දෙනෙකුට පමණක් රජයේ නිරීක්ෂනය යටතේ පොල්තෙල් සැපයීමට ඉඩ ලබාදී තිබෙනවා. සැපයුම්කරුවන් 7දෙනෙකුට පමණක් අවස්ථාව ලබාදුන් විට සිදුවන්නේ අනිවාර්යයෙන්ම ඔවුන් මිල ඉහළ දැමීමයි. අනෙක් අන්තයෙන් පාම් ඔයිල් ආනයනය සදහා බලපත්‍ර ක්‍රමයක් යෝජනා කර තිබෙනවා. එවිට සිදුවන්නේත් දේශපාලන බලපෑම් වලට සහ හිතවතුන්ට පමණක් විශාල අල්ලස් මත මෙම බලපත්‍ර හිමි වීමයි.
පොල් ප්‍රශ්නය සදහා තිබෙන විසදුම වන්නේ පොල් වගාවේ කාර්යක්ශමතාව වැඩි කිරීමයි. ඒ සදහා පුද්ගලික වැවිලි කරුවන්ට ඉඩම් ලබාදීම, නව පොල් පැල සිටුවීමට වගා කරුවන් වෙත දිරිදීමණා ක්‍රම ඉදිරිපත් කිරීම, වැනි ප්‍රතිසංස්කරණ කටයුතු කල යුතුයි. එය අපගේ අපනයනයට මෙන්ම පාරිභෝගිකයාට ගෙවන්නට තිබෙන මිල අතිනුත් පහසු වේවි. ඒ වගේම අනවශ්‍ය රාජ්‍ය ආයතන වෙනුවට පාරිභෝගිකයා සුරකින නිසි වෙළදපොළ නියාමන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමක් නොකොට අප සොයන්නේ පොල්තෙල් ප්‍රශ්ණයට සාර්ථක විසදුමක් නොවෙයි. අපි කරන්නේ තවත් අලුත් මාතෘකාවකින් ජනතාවගේ අවධානය ඉවත් වන තුරු කාලය මැරීම පමණයි.
2021 අප්‍රියෙල් 09 දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්