කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සහ එහි ඉදිරි දැක්ම පිළිබඳව (Advocata Institute) ඇඩ්වොකාටා ආයතනය මඟින් සිදු කරන ලද ස්වාධීන විශ්ලේෂණය.
ප්‍රධාන රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධ විශේෂඥයින්ගේ සහ විද්වතුන්ගේ දැනුම උපයෝගී කර ගනිමින් මෙම විශ්ලේෂණ ලිපිය සකස් කරන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙත යැවූ මෙම ලිපියෙහි ඇඩ්වොකටා අයතනය මඟින් නිරීක්ෂණ කරන ලද කරුණු ඉස්මතු කරමින් සහ කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ආර්ථික ප්‍රතිඵල උපරිම කරගත හැකි ආකාරය පිළිබඳව යෝජනාවන් ඉස්මතු කරන ලදි.
මෙම ලිපිය පිළිබඳ වැඩු දුර තොරතුරු දැන ගැනීම සඳහා, පහත සඳහන් link එක වෙත පිවිසෙන්න
ඇඩ්වොකාටා ආයතනය මඟින් නිර්මාණය කරන ලද මෙම වීඩියෝව හරහා බලාපොරොත්තු වන්නේ මේ කාරණය හා සම්බන්ධ දැනුමක් ලබා දීමයි. PORT CITYය චීන කොලනියක්ද?
වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත පිළිබඳ ජනතා නියෝජිතයින් වෙත විවෘත ලියමනක්
2021 - මැයි - 03
ගරු මත්ත්‍රීතුමනි /තුමියනි, ඇමති තුමනි /තුමියනි
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ඉදිරි දැක්ම සහ යෝජනා
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව Advocata Institute (ඇඩ්වොකාටා ආයතනය) පහත නිර්දේශ ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු. දැනට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතේ කරුණුවල සංයුතියට අනුව අපගේ නිරීක්ෂණය වන්නේ කොළඹ වරාය නගරයෙන් උපරිම ආර්ථික වාසි ශ්‍රී ලංකාවට ලබා ගැනීමට නම් එහි ඇති සමහර දුර්වලතා මග හරවා ගැනීම කෙරෙහි අනිවාර්ය අවධානය යොමුවිය යුතු බවයි. දැනට පවතින ආර්ථික සහ දේශපාලන තත්වය සැලකිල්ලට ගැනීමේදී වරාය නගරය විශේෂ පරිපාලන කලාපයක් ලෙස ඉදිරියට ගෙනයාමෙන් ශ්‍රී ලංකාව වැනි රටකට බැහැර විය නොහැකි බව අපගේ අදහසයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රගමනය ගැන ප්‍රමුඛත්වය යොමුකරමින් ඉහත පනත පිළිබඳව අප ආයතනය සිදුකර ඇති විශ්ලේශණය පිළිබඳ අවධානය යොමුකරන ලෙස ගරු පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් සහ මන්ත්‍රීවරියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
1. විශේෂ ආර්ථික කලාප වලින් ශ්‍රී ලංකාවට ඇති වැදගත්කම
1.1 ලොව පුරා සිදු කර ඇති අත් හදා බැලීම වලට අනුව සනාථ වන්නේ නිසි ආර්ථික විද්‍යාත්මක මූලධර්ම වලට අනුව ක්‍රියාත්මක කරන විශේෂ ආර්ථික කලාප [Special Economic Zones (SEZs)] රටවල් වල පවතින ආර්ථිකයන්ට ධනාත්මක බලපෑම් ඇති කරන බවයි. මෙම විශේෂ ආර්ථික කලාප වලට ඉක්මන් ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට වැඩි හැකියාවක් පවතී. චීනයේ ෂෙන්ජෙන් (Shenzhen) ප්‍රාන්තය, ඩුබායි අන්තර්ජාතික මූල්‍ය කේන්ද්‍රය (Dubai International Financial Centre), මැලේසියාවේ ලැබූවන් IBFC (Labuan IBFC) ලෝකයේ ඉතා වේගයෙන් සංවර්ධනය වන මූල්‍ය, නිශ්පාදන සහ තාක්ෂණික කේන්ද්‍රස්ථාන බවට පත්ව ඇති විශේෂ ආර්ථික කලාප කිහිපයකි. නිසි ප්‍රතිපත්ති සහ අන්තර්ජාතික වශයෙන් පිළිගත් රෙගුලාසි සහ නීති පද්ධතියක් හදුන්වා දුනහොත් කොළඹ වරාය නගරයටද එවැනිම සුවිසේෂී දියුණුවක් අත්පත් කර ගැනීමේ හැකියාව පවතී.
1.2 අපගේ විශ්ලේශණයට අනුව විශේෂ ආර්ථික කලාප පහත දැක්වෙන පරිදි ආර්ථික ප්‍රතිලාභ ගෙන දෙයි,
සෘජු විදේශ ආයෝජන (Foreign Direct Investment - FDI) ආකර්ශණය කරගන්නා මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීම.
නිසි අරමුණක් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ඇති ආර්ථික සහ මහජන ප්‍රතිපත්ති අත්හදා බැලීමෙන් අනතුරුව එම ප්‍රතිපත්ති ඉහළ පරිමාණයෙන් අනෙක් කලාපවලත් මෙහෙයවිය හැකි බවට පරීක්ෂා කරන පරීක්ෂණාගාරයක් ලෙස කටයුතු කිරීම.
දේශීය ආර්ථිකය විවිධාංගීකරණය කල හැකි උත්ප්‍රේරකයක් ලෙස කටයුතු කිරීම.
අපගේ කලාපයේ පවතින අවාසිසහගත ආර්ථික තත්වයන් වලින් වාසි ලබාගත හැකි රැකියා අවස්ථා උත්පාදනය කරන කේන්ද්‍රස්ථානයක් ලෙස කටයුතු කිරීම.
1.3 කෙසේවෙතත්, විශේෂ ආර්ථික කලාප වල සාර්ථකත්වය තීරණය කල හැකි වන්නේ එම කලාපය දේශීය ආර්ථිකය සමග කොතරම් සම්බන්ධ වන්නේද යන පදනම මත පමණි. සාර්ථක ආර්ථික ප්‍රතිපත්තිමය මෙවළම් ලෙස විශේෂ ආර්ථික කලාපයන් හදුනා ගත හැක්කේ එම කලාප වලට එකතුවන දැනුම් පද්ධතිය සහ තාක්ෂණය දේශීය ආර්ථිකය හරහා ගමන් කිරීමෙන් දේශීය ආර්ථිකයේ කාර්යක්ෂමතාවය වැඩි වුවහොත් පමණි. එම කරුණු සැලකිල්ලට ගෙන කොළඹ වරාය නගරයේ කාර්යක්ෂමතාවය සහ අපනයන විවිධාංගීකරණය ඉහළ දමන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධන කිරීම අනිවාර්ය වේ.
1.4 විශේෂ ආර්ථික කලාපවල කාර්යක්ෂමතාවය සහ හැකියාව රඳාපවත්වා ගත හැක්කේ නිශ්පාදන ක්‍රියවලිය සඳහා අවශ්‍ය සියලුම සාධක (factors of production) මෙහෙයවීම මත සහ සීමිත අයවැයක් සහිත රජයන් මගින් එලෙස ලබාදෙන අවස්ථාව මත වේ. පරිපූර්ණ විශේෂ ආර්ථික කලාපයක නම් ඕනෑම ව්‍යාපරයක දියුණුවට අවශ්‍ය සියලුම සාධක එකම ස්ථානයකින් ඉටු කර ගත හැකියි. කිසියම් කර්මාන්තයක් හෝ කර්මාන්ත ක්ශේත්‍රයක දියුණුවට එකිනෙකට සම්බන්ධ සාධක ගණනාවක් අවශ්‍ය වන අතර (පොදු පහසුකම් සහ භෞතික පහසුකම් - Public assets) විශේෂ ආර්ථික කලාප වලට කර්මාන්ත වල දියුණුව සඳහා අවශ්‍ය සාධක නිසි පරිදි සපයන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කිරීමට හැකියාව තිබේ,ය මේ මඟින් සපයන පහසුකම් වනුයේ කර්මාන්ත සඳහා ගැලපෙන ඉඩම්, යටිතල පහසුකම්, අදාල ආර්ථික කලාපයටම සුවිශේෂී වූ ප්‍රතිපත්ති සහ අනුමත කරන ලද විවිධ බලපත්‍ර සහ රෙගුලාසි වේ. එලෙසම එකම විශේෂ ආර්ථික කලාපයක ඇති විවිධ කර්මාන්ත වලට එකම කර්මාන්ත කලාපයේ පිහිටීම නිසා ව්‍යාපර කරගෙන යාමට විශේෂ පහසුවක් සැපයේ. ව්‍යාපාරවල සැපයුම්කරුවන් සහ ගණුදෙනුකරුවන් එක් භූමි ප්‍රදේශයකම පිහිටීම සහ ව්‍යාපාර කිරීමට යන වියදම් අවම වීම වැනි තත්වයන් තුළ විශේෂ ආර්ථික කලාප ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සෘජුව දායක කරගත හැක.
1.5 විශේෂ ආර්ථික කලාප සාර්ථක කරගැනීමට නම් අදාල කලාප වලට යම්තාක් දුරකට ප්ලෙනිපොටෙන්ෂරි බලතල (plenipotentiary powers) ‘හෙවත් පූර්ණ බලතල සහිත තානාපතිවරයකු පත් කිරීම’ වැදගත් වේ. ප්ලෙනිපොටෙන්ෂරි බලතල (plenipotentiary powers) නැතහොත් පූර්ණ බලතල සහිත තානාපතිවරයකු' යනුවෙන් අදහස් වන්නේ රජය නියෝජනය කිරීමට පූර්ණ බලතල සහ පරමාධිකාරය ඇති නියෝජිතකවරයකු යන අදහසයි. විශේෂ ආර්ථික කලාපයකට එවැනි බලතල ලබාදීමෙන් අදාළ කලාපයට රජයෙන් බලපෑමක් නොමැතිව කටයුතු කරෙගෙන යාටමත්, ඵලදායී ලෙස අරමුණු සාක්ෂාත් කර ගැනීමට සහ රටේ පවතින අනෙකුත් කලාප වලට වඩා ඉක්මනින් ආර්ථික තීරණ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සැලසෙයි. විශේෂ ආර්ථික කලාප වලට ආර්ථික සංවර්ධන වේගවත් කිරීමටත්, සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත් හැකියාව ලැබෙන්නේ ඒ අනුවයි.
1.6 ප්‍රතිපත්තිමය මෙවලමක් ලෙස ශ්‍රී ලංකාව මීට පෙර අවස්ථා 3කදී plenipotentiary powers හෙවත් පූර්ණ බලතල සහිත තානාපතිවරයකුගේ බලතල ලබාදීම සිදුකර ඇත.
1948 අංක 51 දරන ගල් ඔය සංවර්ධන මණ්ඩල පනත,
1975 අංක 4 දරන ගංගා නිම්න සංවර්ධන මණ්ඩල පනත
1978 අංක 4 දරන මහා කොළඹ ආර්ථික කොමිෂන් පනත එම අවස්ථා තුනයි.
මෙම අවස්ථාවන් වල පවරා තිබූ plenipotentiary powers හෙවත් පූර්ණ බලතල සහිත තානාපතිවරයකුගේ බලතල පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ඇමුණුම 1 වෙත ඔබගේ අවධානය යොමු කරනු කැමත්තෙමි. ඒ අනුව මෙම වරාය නගර පනතේ දක්වා ඇති plenipotentiary powers හෙවත් පූර්ණ බලතල සහිත තානාපතිවරයකුගේ බලතල භාවිතා කිරීම ශ්‍රී ලංකාවේ උදාවූ නව තත්වයක් නොවේ. 1978 අංක 4 දරන මහ කොළඹ ආර්ථික කොමිෂන් පනතට අනුව එහි පරමාධිකාරී බලතල මෙහෙයවන ආයෝජන මණ්ඩල පනත (Board of Investments - BOI) ආර්ථික සංවර්ධනය ලබා ගැනීමට ස්වාධීනව අපනයන සංවර්ධන කලාපවල වැඩ කිරීමට අවශ්‍ය නීතිමය රාමුව සපයනු ලබයි. 2007 වර්ශයේ එකසත් ජාතීගේ සංවිධානයේ ESCAP අයාතනයේ සමීක්ෂණ වාර්තාවකට අනුව අපනයන සංවර්ධන කලාප වලින් අපනයන කර්මාන්තවලට දක්වා තිබූ දායකත්වය 1980 වන විට 8.8% ක් පමණ වූ අතර 1991 වන විට එය 44% ක දක්වා වර්ධනයක වී තිබුණි. 2007 වන විට අපනයන සැකසුම් කලාප Export Processing Zones (EPZs) ශ්‍රී ලංකාවේ මූලික අපනයන කාණ්ඩ 9 ටම දායකත්වය දැක්‌වූ අතර එය 38% ක ප්‍රතිශතයක්. ජපාන සංවර්ධන ආයතනයේ සමීක්ෂණයකට (2011) අනුව අපනයන සැකසුම් කලාප Export Processing Zones (EPZs) වල ව්‍යාපෘති 1796 ක්, අපනයන සැකසුම් කලාප 12ක් තුල ක්‍රියාත්මක වන අතර රැකියා අවස්ථා 346,516 ක් උදාවී ඇත. ඒ අනුව අපගේ දැක්මට අනුව කොළඹ වරාය නගර පනතේ සදහන් කර ඇති plenipotentiary powers හෙවත් පූර්ණ බලතල සහිත තානාපතිවරයකුගේ බලතල ලබාදීම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ඇති කාලීන අවශ්‍යතාවයකි.
2. බදු සහන
2.1 රජයට ආදායම් ලැබෙන මූලිකම මාර්ගය වන්නේ ‘බදු ආදායම්' වන අතර ජනතාවට අවශ්‍ය මහාපරිමාණ පොදු පහසුකම් හා සේවා සැපයීමට මුදල් සැපයෙන්නේද බදු මගිනි. එය එසේ වුවත් 2020 වර්ශයේදී ශ්‍රී ලංකාවේ බදු ආදායම දළ දේශීය නිශ්පාදිතයෙන් 8.1%ක් දක්වා අඩුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ පවතින මූල්‍ය තත්වය තවත් අවදානම් තත්වයකට පත් කරමිනි. වසර ගණනාවක් තිස්සේ පැවතෙන විශාල අය වැය පරතරය සමඟ ශ්‍රී ලංකාවේ ණය වාරික සහ පොළිය කාලයක් තිස්සේ විශාල ලෙස එකතුවීම නිසා අදවන වින අපගේ ණය ගෙවීමේ ස්ථාවරත්වය අභියෝගයට ලක්ව ඇති බව රහසක් නොවේ. 2020 වර්ෂය වනවිට ශ්‍රී ලංකාවේ මධ්‍යම රජය ලබාගෙන තිබෙන ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 101% ක දක්වා ඉහළ ගොස් ඇති අතර එම අගය තව දුරටත් ඉහළ යනු ඇති බව අපේක්ෂා කරයි.
2.2 ඉදිරිපත් කර ඇති පනතේ යෝජනා කර ඇති බදු සහන සමස්ත ආර්ථිකයේ බොහෝ විකෘතිතා ඇති කල හැකි අතර බදු ආදායමට දැඩි ලෙස හානි කරමින් මූල්‍ය අස්ථාවර බවක් ඇති කිරීමට ඉඩ විවර කරනු ලබයි . ශ්‍රම වෙළඳපොළ උදාහරණයක් ලෙස සැලකිල්ලට ගතහොත් වරාය නගරයෙන් පිටත පිහිටා ඇති ව්‍යාපාර සඳහා බදු සහන නොලැබීයාමෙන් එම ව්‍යාපාරවල සේවක සේවිකාවන්ට ලැබෙන වැඩි වේතන අනුපාත ගෙවීමට සිදුවීමෙන් අවාසිදායක තත්වයන් උදාවිය හැක. එලෙසම වරාය නගරය තුල තිබෙන ව්‍යාපාර එකිනෙකට සමූහකරණය වී ක්‍රියාත්මක වීම හේතුවෙන් ලැබෙන වාසි මෙන්ම අන්තර්ජාතික මට්ටමේ ඇති ප්‍රවාහන සේවා, මූලික උපයෝගීතා සේවා (Utilities - ජලය, විදුලිය හා සන්නිවේදන සේවා) සහ අධිවේගී මාර්ගවලට පහසුවෙන් ඇතුලු වීමට ඇති හැකියාව නිසා වැඩි වාසියක් සහ පහසුවක් සැපයේ. ඒ අනුව එම වරාය නගරය තුල ක්‍රියාත්මක වන ව්‍යාපාර සඳහා වැඩි ලාභ සහ ආදායම් උපයා ගැනීමේ හැකියාවක් ඇති අතර තවදුරටත් බදු සහ මූල්‍ය සහන ලබාදීම අවශ්‍ය නොවේ. වරාය නගර විශේෂ ආර්ථික කලාපය අනෙක් කලාප වලට වඩා අනිවාර්යයෙන් කාර්යක්ෂම විය යුතු වුවත් දැනට 2017 අංක 24 දරන දේශීය අදායම් බදු පනතේ ලබා දී ඇති බදු සහන වලට ඔබ්බෙන් තවත් බදු සහන ලබාදීම බදු ක්‍රමයේ ඇති ප්‍රගතිශීලී බව මෙන්ම සියලුම ව්‍යාපාරවලට එකම තරඟකාරී බිමක් නිර්මාණය විය යුතුය යන මූලික ව්‍යාපාරික ධර්මතාවයක් බිද දැමීමකි. (competitive neutrality).
2.3 සමහර අවස්ථාවලදී මූල්‍ය දිරිගැන්වීම් (බදු සහන, මූල්‍ය ප්‍රඳානයන්) ව්‍යාපාර ආකර්ෂණයේදී සුදුසු විය හැකි අවස්ථා තිබිය හැක. උදාහරණයක් ලෙස යොදවන ලද ප්‍රාග්ධනයට සාපේක්ෂව ව්‍යාපාරකින් ලැබෙන පුද්ගලික ප්‍රතිලාභ අවම වුවත් එමගින් සමස්ථ සමාජයටම ලබෙන ප්‍රතිලාභ වැඩිවන අවස්ථාවලදී බදු සහන සහ මූල්‍ය දිරිගැන්වීම් යෝග්‍ය විය හැක. මෙම නිසා දැනට පවතින දේශීය ආදායම් බදු පනතට අනුව මූල්‍ය දිරිගැන්වීම සඳහා ඉඩ ලබාදී තිබෙන නිසා බදු සහ මූල්‍ය දිරිගැන්වීම් සම්බන්ධව තීරණ ගැනීමේ බලය මුදල් අමාත්‍යංශය යටතේ පවත්වා ගැනීමට අපි නිර්දේශ කරනු කැමැත්තෙමු. ඒ අනුව ඉදිරිපත් කර ඇති වරාය නගර පනත් කෙටුම්පතට මූල්‍ය වගවීම සහ විනිවිදභාවය පවත්වා ගැනීම මුදල් අමාත්‍යංශය යටතේ පවත්වා ගැනීමට අදාල සංශෝධන සිදු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
2.4 ආර්ථික සමීක්ෂණ වලින් තහවුරු වී ඇති පරිදි සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය (Foreign Direct Investment - FDI) සඳහා බදු සහන වලින් ඇතිකරන සඵලතාවය ඉතාම අඩු අගයකි. සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය සඳහා අයෝජකයින් සැලකිල්ලට ගනු ලබන කරුණු ඇමුණුම 2හි දක්වා ඇත. බදු සහන සහ දිරිගැන්වීම් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණෙයේදී අනෙකුත් සාධක සමඟ සැසඳීමේ දී වැදහත් වන්නේ ඉතා සුළු වශයෙනි.
3. මූල්‍ය රෙගුලාසි
3.1 අංග සම්පූර්ණ පරිබාහිර මූල්‍ය කේන්ද්‍රස්ථාන (Offshore Financial Center) සංවර්ධනය කිරීමේදී මුදල් සංසරණයට අදාල නීති රීති ලිහිල් කිරීම සහ ප්‍රාග්ධන සංසරණය ලිහිල් කිරීම (relaxation of capital controls) වැනි නීතිමය වෙනස් කිරීම ගෝලීය වශයෙන් තරඟකාරී වීමට අත්‍යවශ්‍ය කරුණකි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ දැනට ඇති ණය ගෙවීම පිළිබඳව ඇති ස්ථාවරභාවය, අන්තර්ජාතික මූල්‍ය ශ්‍රේණිගත කිරීම් ආයතන වලින් අපගේ ණය ශ්‍රේණිය පහත දැමීම සහ විදේශ විනිමය අර්බුදය වැනි කරුණු නිසා අංගසම්පූර්ණ මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම මේ අවස්තාවේදී කාලෝචිත නොවිය හැකිය. දැනට පවතින දැඩි විදේශ විනිමය පාලන නීති රීති දැනට පවතින ආර්ථික තත්වය හමුවේ ලිහිල් කිරීමට ඇති සම්භාවිතාව ඉතාම අවමය. එමනිසා කොළඹ වරාය නගරය මූල්‍ය නගරයක් ලෙස මේ මොහොතේ ස්ථානගත කිරීම එතරම් ප්‍රඥාන්විත නොවන බව අපගේ අදහසයි.
3.2 සාර්ථක මූල්‍ය නගරයක් බවට පත්වීමේ හැකියාව රඳා පවතින්නේ අදාල මූල්‍ය කේන්ද්‍රය ආයෝජකයන් සහ ව්‍යාපාරිකයන් අතර ඇති කරන්නාවූ විශ්වාසය සහ පැහැදීම මතයි. ආයෝජකයන්ගේ විශ්වාසය සහ පැහැදීම ඇති කිරීමට ප්‍රධාන සාධක දෙකක් බලපානු ලබයි. ඉන් පළමුවැන්න නම් මූල්‍ය වෙළඳාම සහ සේවා පරිපාලනය කරන පරිපාලන සැකැස්ම (governance structure) එනම් නීති පද්ධතිය සහ බලපැවෙත්වෙන රෙගුලාසි මොනවාද යන්නයි. දෙවැන්න නම් අදාල නීති පද්ධතිය සහ රෙගුලාසි බලාත්මක වීම සහ ක්‍රියාත්මක වන්නේ කෙසේද යන සාධකයයි. (regulatory authority/ies apply and enforce the regulations). එලෙසෙම අදාළ නීති සහ රෙගුලාසි අන්තර්ජාතික වශයෙන් පිළිගැනෙන භාවිතාවන් සහ අනුකුල වීමද ඉතා වැදගත් වේ. උදාහරණයක් ලෙස මෙම මූල්‍ය රෙගුලාසි Basel Committee on Banking Supervision (BCBS) සහ Financial Action Taskforce (FATF) හි මුදල් විශුද්දි කරණයට එරෙහි සහ ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයිමට එරෙහි නිර්දේශයන්ට අදාළ [anti-money laundering and combatting the financing of terrorism and proliferation (AML/CFT)] නිර්දේශ වලට අනුකූල වීම අනිවාර්ය වන්නේ අතර්ජාතික මට්ටමේ පිළිගැනීමක් මූල්‍ය මධ්‍යස්ථානයකට ලබා ගැනීමටයි. එවැනි රෙගුලාසි වලින් සහ අන්තර්ජාතික ප්රමිතීන් මඟහැරීමට උත්සහ දැරීම ශ්‍රී ලංකාවේ පවතින අනෙකුත් මූල්‍ය ආයතන සඳහාද අවාසිසහගත ලෙස බලැපෑමක් එල්ල කල හැක. කෙසේ වෙතත් දැනට පවතින කොන්දේසි මත (rules based financial regulation) පවතින මූල්‍ය ආයතන පරිපාලනය වෙනුවට ප්‍රතිපත්ති මත පදනම් වූ (principle based financial regulation) මූල්‍ය පරිපානයක අවශ්‍යතාවය පවතී. එවැනි නවෝත්පාදන දැක්මක් තිබීම ගෝලීයව පවතින ක්‍රියාශීලි මූල්‍ය වෙළඳපොල ප්‍රසාරණයට සම්බන්ධ වීමට වැඩි ඉඩක් සපයනු ලබයි. එළෙසෙම පවතින ගෝලීය ආර්ථික තත්වය හමුවේ ඒකාබද්ධ මූල්‍ය රෙගුලාසි මගින් මූල්‍ය සේවාවන් නියාමනය (unified regulation of financial services) කිරීමේ (සියලුම මූල්‍ය සේවාවන් සහ ආයතන සඳහා බලපාන එකම නීති පද්ධතියක්) අවශ්‍යතාවයක් සඳහා ද පරිසරය ගොඩ නැඟී ඇත. මෙම පනත මගින් සැලකිල්ලට ගනු ලබන්නේ බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපොළ ආයතන වෙත පමණි. රක්ෂණ ක්ෂේත්රය සහ රක්ෂණ සමාගම් පවතින අධිකරණ සීමා යටතේ බල පැවැත්වෙනවාද සහ රක්ෂණ ක්ෂේත්රය නියාමනය කරන ආකරය පිළිබඳව පනතේ සඳහනක් නොමැත. වරාය නගරය ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති මූල්‍ය නගරයක් බවට පත් කිරීමට මෙම කරුණ පිළිබව වැඩි සැලකිල්ලක් දැක්වීම අනිවාර්ය වේ.
3.3 දැනට ඉදිරිපත්කර ඇති යෝජිත පනත් කෙටුම්පතට අනුව රටෙන් පරිභාහිර බැංකු (offshore banking businesses) බලපත්‍ර [42 කොටස අංක (4)] සහ නියාමනය [45 කොටස] සිදු කරනු ලබන්නේ පිහිටුවනු ලබන කොමිෂන් සභාව සහ මූල්‍ය මණ්ඩලය (Monetary Board) 1988 අංක 30 දරන බැංකු ආඥා පනතට අනුව එකිනෙකට සමගාමී ලෙසය. කෙසේ වෙතත් ඉදිරිපත් කර ඇති පනත අනුව එවැනි ආයතන පරීක්ෂා කිරීම (විමර්ශනය) සිදු කරනු ලබන්නේ වරාය නගර කොමිෂන් සභාව විසින් පත්කරනු ලබන [49 කොටස] ‘නියමිත අධිකාරිය’ වන අතර මූල්‍ය මණ්ඩලය කොමිෂන් සභාව [කොටස 49] විසින් කැදවනු ලබන්නේ අදාල ආයතන වල තොරතුරු සහ වාර්තා ලබා ගැනීම සඳහා වේ. ඉදිරිපත් කර ඇති පනතේ වරාය නගර කොමිෂන් සභාව අදාල ආයතන පරීක්ෂා කිරීම සඳහා පත්කරනු ලබන ‘නියමිත අධිකාරියට අයත් පුද්ගලයන්ගේ සුදුසුකම් සහ විශේෂඥ දැනුම පිළිබඳව කිසිදු සටහනක් නොමැත. එම කරුණ සැලකිල්ලට ගෙන අපගේ නිර්දේශය වන්නේ පරිභාහිර මූල්‍ය ආයතන නියාමනයට වෙනම මූල්‍ය රෙගුලාසි සහ පරිපාලන ව්‍යූහයක් වරාය නගරය තුල ස්ථාපිත කරන තුරු [Financial regulatory framework for the OFC (Offshore Financial Center)] දැනට බැංකු සහ මූල්‍ය ආයතන නියාමනයට සහ අධීක්ෂණයට පවතින නියාමන ක්‍රමය යටතේම වරාය නගරය තුළ පවතින මූල්‍ය ආයතන අධීකෂණය සහ නියාමනයට විධිවිධාන සැලසීමයි.
3.4 දැනට පවතින කෙටුම්පතේ 5 වන කොටස සඳහා (clause 5) k අනුකොටසක් ලෙස (subsection (k) “මුදල් විශුද්දිකරණයට සහ ත්‍රස්තවාදී ක්‍රියා සඳහා අරමුදල් රැස් කිරීමට එරෙහිව නීති ඉදිරිපත් කිරීම සහ ඉහළට ඔසවා තැබීම” යන්න පවතින කෙටුම්පතට එකතු කරන ලෙස මුදල් විශුද්දිකරණයට එරෙහි සහ ත්‍රස්තවාදීන්ට මූල්‍ය අරමුදල් සැපයිමට එරෙහි අන්තර්ජාතික නිර්දේශයන් සැලකිල්ලට ගෙන] පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරුන්ගෙන් සහ මන්ත්‍රීවරියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
4. කම්කරු රෙගුලාසි
4.1 කොළඹ වරාය නගරය, ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ ප්‍රධාන වෙළඳ හා සේවා කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කරන සේවා නැඹුරු විශේෂ ආර්ථික කලාපයක් ලෙස ක්‍රියාත්මක වීමට අපේක්ෂා කරයි. ඉහළ මට්ටමේ තොරතුරු තාක්‍ෂණ, මූල්‍ය සේවා ආයතන සහ ඉතාමත් නව්‍ය ව්‍යාපාර වර්ග සහ ආර්ථික ක්‍රියාකාරකම් ආකර්ෂණය කර ගැනීමට වරාය නගරය බලාපොරොත්තු වේ. එවැනි සමාගම් වලට වර්ධනය වී සමෘද්ධිමත් වීමට නම් ඒවා හට අසාර්ථක වීමට, වැරදි කිරීමට සහ ඉහළ අනුපාතකයකින් අත්හදා බැලීමට ඉඩ සලසන ශ්‍රම නීතිමය වාතාවරණයක් තිබීම ඉතා අත්‍යවශ්‍ය වේ.
4.2 මේ සඳහා නම්‍යශීලී අඩු අතිරික්ත සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ පිරිවැයක් (low redundancy and restructuring costs) සහිත නම්‍යශීලී ශ්‍රම වෙළඳපොළක් (flexible labour market) අවශ්‍ය වන අතර එමඟින් වෙළඳපොළ වෙනස්වීම් වලට අනුවර්තනය වීමේ හැකියාව වැඩි කරයි. ප්‍රාග්ධනයට වඩා ශ්‍රම විසඳුම් වලට ප්‍රමුඛත්වය දීම රැකියා උත්පාදනයට හේතු වන අතර එය රටට බොහෝ ලෙස ප්‍රයෝජනවත් වන බව නොඅනුමානය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන කම්කරු රෙගුලාසි මේ සඳහා ඉඩ සලස්වා දෙන්නේ නැත.
4.3 නිදසුනක් ලෙස, 1970 වසරේ හදුන්වා දුන් කම්කරුවන් රැකියාවෙන් පහ කිරීමේ පනත (Termination of Employment of Workmen Act (TEWA)) මගින් බලාත්මක කරන ලද්දේ එවකට බලයේ සිටි රජයේ සංවෘත ආර්ථික (inward-looking economic policies) ප්‍රතිපත්ති වේ. මෙම පනත සේවකයින් 15 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇති සේවා යෝජකයින් විසින් සේවකයින් සේවයෙන් පහ කිරීම නියාමනය කරන අතර එය අදාළ වන්නේ ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 15% කට පමණි. මෙම පනතෙහි ප්‍රධාන ගැටළු දෙකක් හදුනා ගෙන ඇත; සේවකයින් සේවයෙන් පහ කිරීම ඉතා දුෂ්කර හා මිල අධික වීම. එම ප්‍රධාන කරුණු දෙකයි. විධිමත් අංශය (formal sector) සඳහා සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගෙවීම් සහිතව පනවනු ලබන ඉහළ සේවයෙන් පහකිරීමේ ගාස්තු ආයෝජකයින් හට දරාගන්නට බොහෝ අවස්ථා වලදී අපහසුය. එබැවින්, මෙම පනත ශ්‍රම වෙළඳපොළේ විධිමත් සංවර්ධනයට හානි වන අතර පුද්ගලික අංශය ගෝලීයකරණය වූ ආර්ථිකයට හැඩගැසීම වළක්වයි. මෙම පනත විසින් පනවා ඇති දැඩි කොන්දේසි ශ්‍රී ලංකාවේ සමස්ථ රැකියා වලින් 70% කට ආසන්න ප්‍රමාණයක් වන විශාල අවිධිමත් අංශයක් (informal sector) නිර්මාණය කිරීම සඳහා උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කර ඇත.
4.4 අවිධිමත් අංශයට සාපේක්ෂව එහි පිරිවැය ඉක්මවා යන ප්‍රතිලාභ රැසක් විධිමත් අංශයේ සේවක සේවිකාවන් සදහා ලබා දෙයි. ඒවා නම් ඉහළ ඵලදායිතාව, අඩු ප්‍රාග්ධන පිරිවැය, මූල්‍යමය කටයුතු සඳහා සාධනීය ප්‍රවේශය, සෞඛ්‍ය රක්ෂණය වැනි සමාජ රක්ෂණ ප්‍රතිලාභ, විශ්‍රාම වැටුප් සහ සාපේක්ෂව ඉහළ වැටුප් වේ. එබැවින් වරාය නගරය තුළ අනුකූලතා ප්‍රමිතීන්ට (compliance standards) ගැලපෙන ලෙස වඩාත් නම්‍යශීලී විධිමත් රැකියා අවස්ථා ජනනය වීම දිරිමත් කළ යුතුය. විරැකියාව යනු සමාජ ගැටළුවක් වන අතර, එහි බර සහ ආර්ථික පිරිවැය සමස්ථ සමාජය විසින්ම දැරීම සිදු කල යුතු අතර ඒ වෙනුවට විරැකියාවේ මුලු බරම ආයෝජකයින් විසින් පමණක් නොදැරිය යුතුය. එවැනි වියදම් ආයොජකයන් සහ සේවායෝජකයින් දුර්වල කරන අතර ඔවුන්ගේ සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීමට හා පුළුල් කිරීමට ඔවුන්ට සපයන අවස්ථා ප්‍රමාණය අඩු කරනු ලබයි. එබැවින්, සේවක අර්ථසාධක අරමුදල් සඳහා කරන දායකත්වය (EPF) සහ සේවක භාරකර අරමුදලේ දායකත්වයට (ETF) සමාන ලෙස මාසික දායක මුදල් වලින් සෑදුනු විරැකියා රක්‍ෂණ යෝජනා ක්‍රමයක් විරැකියා සේවයකින් සඳහාත් සේවා යෝජකයන් සඳහාත් වඩා ප්‍රතිලාභ දෙන යාන්ත්‍රණයක් වේ.
5. පාර්ලිමේන්තු අධීක්ෂණය සහ වගවීම පිළිබඳ නිර්දේශ
5.1 දැනට ඉදිරිපත් කර ඇති වරාය නගර පනත් කෙටුම්පතේ පාර්ලිමේන්තු අධීක්ෂණය සහ වගවීම පිළිබඳව සදහන් වන්නේ කොමිෂන් සභාවේ මෙහෙයුම් වල තත්ත්වය, ආදායම සහ වියදම පිළිබඳ වාර්ෂික වාර්තාවක් කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරයාට හෝ විෂය භාර අමාත්‍යවරයාට ඉදිරිපත් කළ යුතු බවත් කොමිෂන් සභාවේ ගිණුම් විගණනය කිරීමේ අවශ්‍යතාවය පවතින බවත් ය. කෙසේ වෙතත්, රාජ්‍ය ගිණුම් හා පොදු ව්‍යවසායන් හා සම්බන්ධව වගකිව යුතු රජයේ ආයතනවල ක්‍රියාකාරකම් පරීක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක වන ප්‍රධාන පාර්ලිමේන්තු අධීක්ෂණ යාන්ත්‍රණයන් වන්නේ රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවයි. (COPA and the COPE) එහෙයින්, වරාය නගර කොමිසම මෙම කමිටුවලට වගකිව යුතු යැයි අපි නිර්දේශ කරමු.
5.2 කොමිෂන් සභාවේ සංයුතියට අදාළව, මූල්‍යමය වගවීම සඳහා ඉඩ සැලසෙන බැවින් භාණ්ඩාගාර ලේකම්වරයා කොමිෂන් සභාවේ නිලබලයෙන් පත්වන නිලධාරියෙකු (ex-officio) ලෙස පත් කිරීම අපගේ නිර්දේශයයි.
5.3 ගෝලීය වශයෙන් කුසලතා ඇති වෘතිකයන් ආකර්ෂණය කරගැනීමට කොමසාරිස්වරුන්ගේ ජාතිකත්වය (nationality of the Commissioners) නියම නොකළ යුතු බව අපි විශ්වාස කරමු. එවැනි නියාමනයක් පනවන්නේ නම්, එහි උපරිම සීමාව විය යුත්තේ කොමසාරිස්වරුන්ගෙන් බහුතරය ශ්‍රී ලාංකිකයන් විය යුතුය යන්නයි. කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ගෝලීය මට්ටමේ ව්‍යාපාර මෙහෙයවීමේ දක්ෂතාවය සහිත ඉහළ ශ්‍රේණියේ විධායක දක්ෂතාවය හෙබි පුද්ගලයෙකු විය යුතු බවත්, එබැවින් ශ්‍රී ලාංකිකයෙකුට පමණක් එය සීමා නොවිය යුතු බවත් අපි විශ්වාස කරමු.
5.4 කමිටුවට කඩින් කඩ පත්වීම් (අලුත් පත්කිරීම් සිදු කිරීමේදී, සියලුම පත්වීම් අළුතින් පත් කිරීම වෙනුවට කොමිෂන් සභාවේ සමාජිකයන් අනුක්‍රමයෙන් පත් කිරීම - staggered appointments (සමාරම්භක කමිටුවට අදාළ නොවේ) ලබා දීමට හැකියාව ඇති කිරීම මගින් ආයතනික ස්ථාවරත්වය, කලක් තිස්සේ ආයතනයේ ක්‍රියාපටිපාටි පිළිබඳ මතකය යාවත්කාලීන කිරීම හා දේශපාලන නියෝජනය සුරැකෙනු ඇතැයි අපි විශ්වාස කරමු. මෙම ක්‍රියාවලිය මඟින් සෑම වසරකම පුරප්පාඩුවක් ඇතිවෙන අතර, බලයේ සිටින රජයට ක්‍රියා පටිපාටිවලට යටත්ව පත්වීමක් ලබා දීමට ඉඩ සලසයි.
5.5 අන්තර්ජාතික පාලන ප්‍රමිතීන්ට අනුකූල වීම සඳහා, සුදුසුකම් ලත් කාන්තාවන් අවම වශයෙන් එක්කෙනෙකු හෝ, දෙදෙනෙකු (වඩාත් ගැලපේ) කොමිෂන් සභාවට පත් කිරීම අපගේ නිර්දේශයයි.
ශ්‍රී ලංකාවේ පවත්නා තත්වය සලකා බලමින්, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත දෙස විශ්ලේෂණාත්මක දෘෂ්ටි කෝණයකින් අධ්‍යනය මගින් ශ්‍රී ලංකාවට උපරිම ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා Advocata Institute (ඇඩ්වොකාටා ආයතනය) මගින් ඉහත නිර්දේශ සහ ප්‍රතිසංස්කරණ කෙරෙහි ඔබතුමාගේ/ ඔබතුමියගේ අවධානය යොමු කරන ලෙස ඉතා කාරුණික ඉල්ලා සිටිමු.
මෙයට විශ්වාසි,
මුර්තසා ජැෆර්ජී (සභාපති , Advocata Institute) & ධනනාත් ප්‍රනාන්දු ( ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, Advocata Institute)
ඇමුණුම
ඇමුණුම 1
1948 අංක 51 දරන ගල් ඔය සංවර්ධන මණ්ඩල පනත
ප්ලෙනිපොටෙන්ෂරි බලතල (plenipotentiary powers) හෙවත් පූර්ණ බලතල සහිත තානාපතිවරයකුගේ බලතල මගින් ගල් ඔය සංවර්ධන මණ්ඩලයට හැකි වූයේ:
(5) වන වගන්තිය - නිලධාරීන් සහ සේවකයින් පත් කිරීම සඳහා මණ්ඩලයට පූර්ණ බලය ලබා දීම.
(9) වගන්තිය - මාර්ග හා වාරිමාර්ග පිළිබඳ අධිකාරිය
(10) වන වගන්තිය - ජල සැපයුම සඳහා ගාස්තු සහ බදු තීරණය කිරීම.
(14) වන වගන්තිය - අදාල ආයතනයට ගැලපෙන දෙපාර්තමේන්තු පිහිටුවීමට තීරණ ගැනීමට ඇති බලය
(15) වගන්තිය - රාජ්‍ය ඉඩම්වල බලය
(16) වගන්තිය - ඉඩම් අත්පත් කර ගැනීමේ බලය.
(21) සහ (22) වගන්තිය මගින් නීති සහ අතුරු ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ බලය.
1975 අංක 4 දරන ගංගා නිම්න සංවර්ධන මණ්ඩල පනත
ප්ලෙනිපොටෙන්ෂරි බලතල (plenipotentiary powers) මගින් ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයට හැකි වූයේ:
(4) වගන්තිය - නිලධාරීන් සහ සේවකයින් පත් කිරීමේ බලය
(20) වගන්තිය - අඩුවෙන් සංවර්ධිත ප්‍රදේශවල පරිපාලනය පිළිබඳ විශේෂ බලතල
(21) වගන්තිය - නීති රීති සම්පාදනය කිරීමේ බලය
(22) වගන්තිය - නීති සම්පාදනය කිරීමේ බලය
1978 අංක 4 දරන මහා කොළඹ ආර්ථික කොමිෂන් පනත
ප්ලෙනිපොටෙන්ෂරි බලතල ((plenipotentiary powers)) හෙවත් පූර්ණ බලතල සහිත තානාපතිවරයකුගේ බලතල මගින් මගින් මහා කොළඹ ආර්ථික කොමිෂන් සභාවට මෙසේ බලතල පැවරීය:
16 වන වගන්තිය
කොමිෂන් සභාවේ අරමුණු ක්‍රියාත්මක කිරීම
ඉඩම් අත්පත් කර ගැනීම, බදු දීම හෝ විකිණීම
කාර්මික වතුයායවල් විකිණීම හෝ බදු දීම සඳහා පැවරීම
ව්‍යාපාර සමඟ ගිවිසුම් ඇති කර ගැනීම
විසර්ජන කිරීමට හැකි බලතල සහ රාජකාරී
සාමාන්‍ය රාජකාරි ඉටු කිරීම
17 වන වගන්තිය
(1) අධිකාරිය තුළ සහ ඉන් පිටත ඕනෑම ව්‍යාපාරයක් සමඟ ගිවිසුම්වලට එළඹීමට සහ B උපලේඛනයේ සඳහන් ඕනෑම නීතියකින් නිදහස් කිරීම් ලබා දීමට බලය.
25 වන වගන්තිය
(1) බැංකු කටයුතු කරගෙන යන ඕනෑම ව්‍යාපාරයකට බලය පැවරීමේ බලය.
(2) බැංකු ව්‍යාපාරයේ ක්‍රියාකාරිත්වය අනුමත කිරීම.
ඇමුණුම 2
ආයෝජකයින් සඳහා බදු දිරිගැන්වීම්වලට වඩා වැදගත් සාධක ලැයිස්තුව - එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (යුනිඩෝ) විසින් 2010 දී කරන ලද අධ්‍යයනයකි:
ආර්ථික ස්ථාවරත්වය
දේශපාලන ස්ථාවරත්වය
අමුද්‍රව්‍ය සඳහා වැය වන පිරිවැය
දේශීය වෙළඳපොල
නෛතික රාමුවේ විනිවිදභාවය
පුහුණු ශ්‍රමය ලබා ගැනීමට තිබෙන හැකියාව
කම්කරුන් සඳහා යන පිරිවැය/ වියදම්
විදේශගත කාර්ය මණ්ඩලයේ ජීවන තත්වයේ ගුණාත්මකභාවය
දේශීය සැපයුම්කරුවන් සිටීම
ද්විපාර්ශ්වික වෙළඳගිවිසුම් සහ අන්තර්ජාතික ගිවිසුම්