ධනනාත් ප්‍රනාන්දු සහ Advocata ආයතනයේ විද්වත් සාමාජිකයින් විසිනි
කොළඹ Port City නව පරිපාලන කලාපයේ මූලික අවධානය යොමු විය යුත්තේ ව්‍යාපාර පහසුවෙන් කළ හැකි වඩා හොඳ ආර්ථික පරිපාලනයක් සඳහා මිස බදු සහන සහ නොමිලේ ලබාදෙන දීමනා නෙවෙයි
චීනයේ ආර්ථික ප්‍රතිසංස්කරණ මෙහෙයවූ නායක ඩෙන්ග් ෂියෝපින්ට (Deng Xiaoping), 1970 දශකයේ බරපතල ගැටලුවකට මුහුණ දෙන්න සිදු වුනා. තරුණ චීන ජාතිකයන් දහස් ගණනක් සිය ජීවිත පරදුවට තබා හොංකොං (HongKong) බලා යමින් සිටින බවට ඔහුට වාර්තා වුණ. සංක්‍රමණිකයන් මර්දනය කරනවා වෙනුවට ඩෙන්ග් ෂියෝපින් උත්සාහ කලා ඔවුන් චීනය හැරදා හොංකොං (HongKong) බලා සංක්‍රමණය වන්නේ ඇයිද යන්න තේරුම් ගැනීමට.
තරුණ චීන ජාතිකයන් මෙලෙස සංක්‍රමණය වන්නේ චීනයට වඩා හොංකොං හි ආර්ථික අවස්ථා වැඩි නිසා බව ඔහුට අවබෝධ වීමට වැඩි කලක් ගත වුණේ නෑ. චීනයට වඩා පහසුවෙන් ජීවත් වීමට, පහසුවෙන් ව්‍යාපාර කිරීමට, පහසුවෙන් රැකියා සොයා ගැනීම සහ වැඩි පඩියක් ඉපැයීමට හොංකොං (HongKong) වල වැඩි අවස්ථාවක් තිබුණා. ‘ආසියානු ටයිගර්’ (Asian Tigers) යන නාමය පටබැඳි දකුණු කොරියාව, තායිවානය, සිංගප්පූරුව සහ හොංකොං යන රටවල් වල ආර්ථිකයන් සීඝ්‍රයෙන් ඉහළ යාම සහ සිංගප්පූරුවේ නවීකරණය ඩෙන්ග් ෂියෝපින් ගේ සිත් ගත්තා. හොංකොං වැසියන් මෙන් සිංගප්පූරු වැසියන් බහුතරයක් චීන ජාතිකයන්. චීනයට එතරම් සම්පත් තිබියදී, චීනයට කළ නොහැකි වූ ආර්ථික දියුණුව හොංකොං (HongKong) සහ සිංගප්පූරුවට ලබා ගත හැකි වුණේ කෙසේද?
මෙයට පිළිතුර නම් මෙම රටවල චීනයට වඩා හොඳ නීති රීති සහ නිදහස් ආර්ථික පරිපාලන ක්‍රම තිබීමයි. ආර්ථික ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීමට, පුද්ගලික දේපළ ආරක්ෂා කිරීමට (Protection of property rights) සහ විදේශ සෘජු ආයෝජන (Foreign Direct Investment) සඳහා ඉඩ සැලසීමට, චීනය ‘නැවත පණගැන්වීමට’ අවශ්‍ය බව ඩෙන්ග් ෂියෝපින්ට අවබෝධ වුණා.
මෙය කොමියුනිස්ට් චීනයට රැඩිකල් අදහස් බව ඔහු දන සිටියා. එවකට චීනයේ මෙම ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ පිරිසක් ඔහුගේ පක්ෂය තුලම සිටියා. එමෙන්ම දැනට පවතින ක්‍රමයෙන් වැජබි සිටින පිරිස් මෙයට අනිවාර්යෙන් විරුද්ධ වෙන බව ඔහුට වැටහුනා. එම නිසා මෙම නව ආර්ථික පරිපාලන ප්‍රතිසංස්කරණය මලු චිනයේම ක්‍රියාත්මක කරන්න ගියහොත් වැඩේ වරදින බව බව ඩෙන්ග් ෂියෝපින් වටහා ගත්තා. එසේ නම් මෙම ප්‍රතිසංස්කරණ කුඩා පරිමාණයෙන් අත්හදා බැලීමට හොංකොං වලට ආසන්නයේ පිහිටි ෂෙන්ජෙන් නම් කුඩා ගමක් විශේෂ ආර්ථික කලාපයක් ලෙස වෙන් කොට නව විවෘත ආර්ථික ක්‍රමයක් එහි ක්‍රියාත්මක කිරීමට තීරණය කලා. එය “සමාජවාදය” වෙනුවෙන් වෙළඳපොළ ධනවාදය අත්හදා බැලීමේ ව්‍යාපෘතියක් ලෙස ප්‍රචාරණය කරනු ලැබුවා.
අද වන විට අදහ ගත නොහැකි අන්දමට මෙම ව්‍යාපෘතිය සාර්ථක වී තිබෙනේවා . මිනිසුන් 30,000 ට අඩු ධීවර ජනගහයක් සිටි ෂෙන්ජෙන් (Shenzhen) නගරය චීනයේ තුන්වන විශාලතම හා සීඝ්‍රයෙන්ම වර්ධනය වන නගරය බවට පසුගිය අවුරුදු හතළිහ තුළ පරිවර්තනය විය. එහි ආර්ථිකය ඩොලර් බිලියන 366 - එනම් ලංකාව මෙන් හතර ගුණයක් - තරම් සීග්‍ර වර්ධනයකට පත් වී ඇත. ඇමරිකාවේ ඇපල් ආයතනය නිපදන iphone කැලිෆෝර්නියාවේ ඩිසයින් කරත් නිපදවන්නේ ෂෙන්ජෙන් වලය. අද එම නගරය ලොකයේ ගෝලීය සැපයුම් ජාලයේ නැතුවම බැරි කොටසක් බවට පත් වී ඇත.
තවත් මෙවැනි විශේෂ ආර්ථික කලාප බොහොමයක් දැන් චීනයේ සහ ලොව පුරා පවතී.
එක්තරා අතකින් ඩෙන්ග් ෂියෝපින්ගේ (Deng Xiaoping) ගැටලුව දැන් ශ්‍රී ලංකාවේ ගැටලුව බවට පත්වී ඇත . ශ්‍රී ලංකාවේ සිට වෙනත් රටවල් වලට සසංක්‍රමණය වන ප්‍රමාණය එවකට චීනයේ තරමට නොවුවත්, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පරිසරය එවකට චීනයේ රජය වැන් දැඩිව පාලනය නොවුවත්, '77 මුල පිරු විවෘත වෙළඳපොළ පදනම් කරගත් ආර්ථික ප්‍රතිසංස්කරණ සියල්ලම පාහේ දැන් ඇණ හිට ඇත.
චීනයේ මෙන් ශ්‍රී ලංකාවේ ද පවතින තත්ත්වයෙන් ප්‍රතිලාභ ලබන පැලැන්තියක් වත්මන් තත්වය පවත්වා ගැනීමට වසර ගණනාවක සිට උපරිම උත්සහයක් දරමින් සිටියි.
මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ පසුගිය වසර 15 තුළ දැක්වූ ප්‍රගතිය ඉතාම අල්ප වීමයි. යුද්ධයට පසු 2010 - 2012 අතර කෙටි කාලීන ආර්ථික වර්ධනයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පසුබෑමට ලක් වූ අතර දැන් එය එකතැන පල් වෙමින් පවතින තත්වයකට පත්ව තිබේ.
ශ්‍රී ලංකාවට අත්ව ඇති මෙම කණගාටුදායක තත්වය රටක ව්‍යාපාර කිරීමට කොතරම් සුදුසුද, ව්‍යාපාර පරිසරය කාර්යක්ෂමද යන්න මනිනු ලබන විවිධ ශ්‍රේණිගත කිරීම් සහ දර්ශක වලින් පෙන්නුම් කරයි.
ලෝක බැංකුව විසින් අධීක්ෂණය කරනු ලබන ලෝකයේ රටවල් වල ව්‍යාපාර කිරීමේ පහසුව, ව්‍යාපාර නියාමන පරිසරය ශ්‍රේණිගත කරන Ease of Doing Business දර්ශකයට අනුව, ශ්‍රී ලංකාව රටවල් 190 කින් ශ්‍රී ලංකාව 99 වන ස්ථානයේ ශ්‍රේණිගත කර ඇත. මුල් කාලයේදී කලාපයේ ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීම අතින් පෙරමුණේ සිටි ශ්‍රී ලංකාව වර්තමානයේ දී ඉන්දියාව, භූතානය, නේපාලය වැනි රටවලට වඩා අද පසුපසින් සිටියි.
ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය දිහා බලන විට, එය ලෝකයේ අකාර්යක්ෂමතාවයකින් යුත් නීති පද්ධතිවලින් එකක් වෙයි. ලෝක බැංකුව ලෝක බැංකුවේ නීතිය බලාත්මක කිරීමට පහසුකම මනින දර්ශකයෙන් රටවල් 190 න් ශ්‍රී ලංකාව 164 ස්ථානයට ශ්‍රේණිගත කර ඇත. ලංකාවේ කොන්ත්‍රාත්තුවක් බලාත්මක කිරීම සඳහා (Contract Enforcement) සාමාන්‍යයෙන් වසර හතරකට ආසන්න කාලයක් ගතවන අතර සිංගප්පූරුවේ ඒ සදහා ගත වන්නේ මාස පහකට ආසන්න කාලයක් පමණි.
එහෙයින් විදේශීය ආයෝජකයින් තම ප්‍රාග්ධනය යෙදවීමට ව්‍යාපාර පහසුවෙන් කිරීමට හැකි ගමනාන්ත වලට කැමති වීම පුදුමයක් නොවේ. වියට්නාමය, සහ අනෙකුත් ආසියාතික රටවල් ඩොලර් බිලියන ගණන් විදේශ ආයෝජන ගෙන්වා ගද්දී, ලංකකව ඉතාම පසුගාමී තැනකට පසු වීමට ප්‍රධාන සාදකයක් ලෙස මෙය හඳුන්වා දිය හැක.
කොළඹ වරාය නගරයේ අවශ්‍යතාවයට ප්‍රධාන තර්කය ද මෙය වේ . ව්‍යාපාර කිරීමට අපහසු වීම, ආර්ථික නිදහස මදි වීම සහ ආර්ථික අස්ථාවරත්වය, රටවල සීග්‍ර සංවර්ධනයට බාධකයක් වුවත් හොඳ ආර්ථික පසුබිමක් සඳහා පුළුල් ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කිරීම අතිශයින් දුෂ්කර ය. ඊට හේතුව පවතින පවතින ආර්ථික ක්‍රමයෙන් වාසි ලබන සීමිත පිරිස එයට ඉඩ නොදීමයි. විශේෂ පාලන කලාප (Special governance zones) ගොඩනැගීමෙන්, එම කලාප තුළ රජයට රටේ සෙසු ප්‍රදේශවල පවතින ගැටලු මඟහරවා ගත හැකි නව පාලන ක්‍රමවේදයන් අනුගමනය කළ හැකිය.
මෙම විශේෂ කලාප ව්‍යාපෘති සහ ක්‍රියාපටිපාටියන් පූර්ව අනුමත කිරීම් තුලින් සහ ඉතා කාර්යක්ෂමව අඩු කාලයකින් ක්‍රියාත්මක වන අධිකරණ පද්ධති සහිත “සියලු පරිපාලන සහ අවසරපත් එකම වහලක් යටින් ලබා ගැනීමේ සංකල්පය” (“one stop shops”) මත ක්‍රියාත්මක වේ. එමඟින් ව්‍යාපාර කටයුතු පහසු කිරීම තුලින් විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට හැකියාව පවතිනවා.
විශේෂ ආර්ථික කලාප ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තයෙන් වැඩි ප්‍රමාණයක් ජීවත් වන්නේ රටේ පිහිටා ඇති නිදහස් වෙළඳ කලාපවල ය (Free Trade Zones). කොළඹ වරාය නගරය මේවාගෙන් වෙනස් වන්නේ ජාත්‍යන්තර ක්‍රියාකරුවෙකු විසින් කළමනාකරණය කරනු ලබන පළමු විශේෂ කලාපය වීම නිසායි. නිදහස් වෙළෙඳ කලාප මෙන් නොව, මෙය අපනයන නිෂ්පාදනය වෙනුවට ගෝලීයව වැඩ කරන සේවා අංශයේ ව්‍යාපාර සහ මූල්‍ය සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස දියුණු කිරීමට සැලසුම් කර ඇත.
එමෙන්ම යෝජිත නෛතික ව්‍යුහය මඟින් ලංකාවේ දැනට පවතින පෝට් සිටි නගරයට අදාළ නොවන නීති හතක් ලැයිස්තුගත කර ඇති අතර තවත් 14 ක් යෝජිත අධීක්ෂණ මණ්ඩලය විසින් ප්‍රදේශයෙන් නිදහස් කළ හැකිය. පෝර්ට් සිටි සැකසුම අණුව (Port City Master Plan) දියුණු මට්ටමේ ජීවන පහසුකම්, විනෝදාස්වාදය, මූල්‍ය සේවා සහ ව්‍යාපාර රට තුළට ගෙන ඒමට නව බලාපොරොත්තු වේ.
එහෙත් පෝට් සිටි හි සාර්ථකත්වය සහ රටට එහි ඇති වැදගත්කම ඇත්ත වශයෙන්ම රඳා පවතින්නේ එයට උසස් පරිපාලන ක්‍රමයක් සැපයීමට ඇති හැකියාව මත පමණි. සාර්ථක වීමට නම් පෝර්ට් සිටිහි ආයෝජකයින්ට වැඩි ආර්ථික නිදහසක් සහතික කිරීම, පැහැදිලි පුරෝකථනය කළ හැකි නීති සහිත කාර්යක්ෂම නීති පද්ධතියක් අත්‍යවශ්‍ය වේ. එය කොමසාරිස්වරුන්ගේ අභිමතය අවම කර සාධාරණ හා විනිවිද පෙනෙන නියාමන ව්‍යුහයකින් සමන්විය යුතු වේ. හොංකොං සහ සිංගප්පූරුව වැනි කුඩා නගර කිහිපයක් සමෘද්ධිමත් කර ඇති තීරණාත්මක ලක්ෂණ මේවායි.
රටට අවශ්‍ය කරන වරාය නගරය එයයි. සෘජු විදේශ ආයෝජන (FDI) සහ දක්ෂ පුද්ගලයින් ආකර්ෂණය කරන, දැනුම ව්‍යාප්ත කිරීමට සහ ප්‍රතිපත්ති අත්හදා බැලීමට සුදුසු ස්ථානයක් ලෙස උපයෝහී කළ හැකි වඩා හොඳ පාලන කලාපයකි අවශ්‍යතාවය රටට ඇත.
වරාය පනතේ නිශ්චිත විධිවිධාන දූරදර්ශීද යන්න ඉදිරි සතිවලදී අප රටේ විවාදයට භාජනය වනු ඇත. ශ්‍රේෂ්ඨාධීකරණය දැනටමත් එහි ව්‍යවස්ථානුකූලභාවයට අභියෝග කරන පෙත්සම් 19 ක් විභාග කර තම තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. මේ ආකාරයේ ඕනෑම ව්‍යාපෘතියක් මෙන් මෙහි දේශපාලන හා ආර්ථික අවදානම් ද සලකා බැලිය යුතුය.
භූදේශපාලනික අවදානම කළමනාකරණය කිරීම ශ්‍රී ලංකාවට කල් පවතින අභියෝගයක් වනු ඇත. යල් පැන ගිය සීතල යුද්ධ මානිසිකත්වයෙන් මිදී, පුළුල් මධ්‍යස්ත විදේශ ප්‍රතිපතියක් සහ චින්තනයක අවශ්‍යතාවය පන නැගී ඇත.
පෝට් සිටි ව්‍යාපෘතියේ සාර්ථක බවට තවත් අවදානමක් වන්නේ ආර්ථික සහ වෙළදපොළේ සිදුකරන විකෘති කිරීම් ය. වරාය නගරය ක්‍රියාත්මක වීමෙන් පසු, ඔබේ ව්‍යාපාරය පිහිටා ඇත්තේ කොළඹ චෛත්‍ය පාරේ කුමන පැත්තේද යන්න මත පදනම්ව ව්‍යාපාරිකයෙකුගේ ජීවිතය බෙහෙවින් වෙනස් විය හැකිය. ඔබ එකම සම්පත් සඳහා තරඟ කරන නමුත් වෙනස් නීති හා බදු වලට මුහුණ දිය හැකිය.
බදු ප්‍රශ්නය ඊටත් වඩා බැරෑරුම් එකකි. ලංකාවට තම ජාත්‍යන්තර ණය බැඳීම් පවා පියවා ගැනීම සඳහා දැනටමත් සිටින අපහසු තත්වයක් තුල, වරාය නගරය රජයෙන් පිටතට බදු කාන්දු වන ස්ථානයක් බවට පත්වීමටද අවස්තාවක් ඇත්තේ යෝජනා කර ඇති සමහර බදු සහන නිසායි.
අවසාන වශයෙන්, කොළඹට ආසන්නව තිබියදී, පවත්නා අකාර්යක්ෂම ක්‍රමය තුළ වෙළදපොළ විකෘති කරමින් අධික ලාභ ලබන ප්‍රභූ පැලැන්තියම එම නියාමන රාමුව (Regulatory framework) අල්ලා ගැනීමේ අවදානමක් ඇත. ෂෙන්ෂෙන් වැනි සාර්ථක කලාප බීජිං වැනි බලවත් නගර වලින් දුරස් වී පැවැත්වීම අහම්භයෙන් නොවන්නේය.
මෙම අභියෝග ජය ගත හැක්කේ හොඳ නීති, වෙනස් නොවන ස්ථායි ප්‍රතිපත්ති සහ නිසි අධීක්ෂණයෙන් පමණි. බදු සහන සහ දීමනා ලබා දීමට වඩා හොඳ පාලනයක් කෙරෙහි අවධානය යොමු කිරීම පද්ධතිය පිළිවෙලට තබා ගැනීමට උපකාරී වේ.
සත්‍ය වශයෙන්ම ව්‍යාපාර කටයුතුවල පහසුව වැඩි කරන වඩා හොඳ නීතිරීති හා කාර්යක්ෂම පද්ධති මගින් මුළු රටම පාලනය කිරීම වඩා හොඳ වේ. එනමුත් එය කිරීමට අප අපොහොසත් වී තිබේ.
වරාය නගරයට ප්‍රාතිහාර්යයන් කළ නොහැක. මෙය ෂෙන්ජෙන් මෙන් ඉතා විශාල කලාපයක් නොවේ. තවද එම කලාපය මෙන් වාරය නගරය භාණ්ඩ අපනයන මත පදනම් වුවක් ද නොවේ. නමුත්, මෙම කලාපය තුල සිදු කරන වෙනස්කම් සමහරක් රට තුළට නිසි ලෙස ගෙන ඒමට පෝට් සිටි උත්ප්‍රේරකයක් වනු ඇතැයි අපට බලාපොරොත්තු විය හැකිය.
මෙම ව්‍යාපෘතියම ශ්‍රීලංකාවේ ප්‍රතිපතිකරණයේ තිබන පරපතල ගැටලුව පෙන්වා දෙයි . කළ යුතු දේ ශ්‍රී ලංකා නායකයින් දැන සිටියද, පසුගාමී චින්තනය, දේශපාලන අවස්ථාවාදය, වෙනස් කම් වලින් අසතුටන පත් වුවන්ගේ කකුලෙන් ඇදීම සහ රාජ්‍ය යාන්ත්‍රණයේ නොහැකියාව වැනි දේ නිසා ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීමට නොහැකිව , ශ්‍රී ලංකාව ඉතා මන්දගාමී ආර්ථික ගමනක සිටී.
රටට සැබවින්ම අවශ්‍ය වන්නේ ව්‍යාපාර කිරීම ලෙහෙසි කරන ලාංකිකයන්ගේ ආර්ථික නිදහස වැඩි කරන ප්‍රතිපති මුලු රට තුලතම ක්‍රියාතමක කිරීමයි. වැඩි ලාංකිකයන්ට ආර්ථික ප්‍රතිලාබ ලබා ගත හැක්කේ එවිටයි. එය කර ගත නොහැකිව තිබෙන තත්වයක් තුල වරාය නගරය විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා කෙටිමඟක් සලසා දීමට හැකි වේ.
2021 අප්‍රියෙල් 30 දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්