ඩැනියෙල් අල්ෆොන්සස් විසින් Daily FT වෙත ලියූ ලිපියකි | පරිවර්තනය දිල්මිණී හසින්තා අබේරත්න
හොරු අල්ලන්න ඕන - හොරා කාපු සල්ලි ආපහු අය කර ගන්න ඕන කියන කතාව තමා කාලෙක ඉඳන් අපිට අහන්න ලැබෙන්නේ. ලංකාව හතර අතින් ඇහෙන මේ කන්නලව්වට ආගම, ජාතිය, භාෂාව කියන කිසිම දෙයක්වත් කුලගොත්වලින්වත් භේදයක් නෑ. හැමෝම පොදුවේ කියන කතාව මේක. අපේ මේ දුක් අදෝනාවලට හේතුව වුණේ දූෂණ - වංචා. මේකෙන් ගැලවීමක් ලැබෙන්නේ ඒ දූෂණ - වංචා කරපු හොරු අල්ලලා, වංචනිකයෝ කොල්ලකාගත්ත දේවල් ආයෙම මහජනතාවගේ අතට ලැබුනාම කියලයි හිතන් ඉන්නේ.
අපොයි, එහෙමයි කියලා මේ විසඳුමෙන් නම් සැනසීමක් ලැබෙන්නේ නෑ. හොරකම් කරපු සල්ලිවලින් වැඩි හරියක් ලංකාව ඇතුලෙදිම ඒ ඒ හොරා කාපු අයගේම කැම්පේන්වලට වියදම් වුණා. බිලියන ගණන්වලින් රටින් පිටට ඇදිලා ගිය ජනතාවගෙන් හොරා ගත්ත සල්ලි වුණත් ආයෙමත් අය කර ගන්න තියෙන ඉඩකඩ හරිම අඩුයි. හොරකම් කරපු වත්කම් යළි ලබා ගැනීම ගැන ලෝක බැංකුවෙන් ඉදිරිපත් කරපු වාර්තාවක මේ ගැන කියලා තියෙන්නේ ‘Few and Far Between’ කියලා. ඒ කියන්නේ ඉතාම කලාතුරකින් සිද්ධ වෙන දෙයක් හරි ඉතාම දුර්ලභ දෙයක් කියන අදහස. ඒකේම කියනවා 2006 - 2012 කාලෙ ඇතුලේ හැම සංවර්ධිත රටක්ම ගත්තොත් එයාලාට හොරකම් කරපු වත්කම්වලින් අය කර ගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඩොලර් මිලියන 423ක් විතරයි කියලා (1). හොරකම්වලට සම්බන්ධ වුණ අයට දඩුවම් කළා කියලා විතරක් මේ හොරකම් ඉස්සරහට සිද්ධ වෙන එක වළක්වන්න අමාරුයි.
ඇත්ත කතාව මේකයි. ලංකාවේ ආර්ථික අර්බුදයට හේතුව දූෂණයම නෙවේ. ඒකට ලොකුම බලපෑමක් කරලා තියෙන්නේ දුර්වල තීන්දු තීරණ. මේ ගැන අදහස් දක්වන මුර්තසා ජැෆර්ජි මහත්මයා කියන විදිහට අර්බුදයට හේතුව හොරකම නෙවෙයි දුර්වල කලමණාකරණය.
අපි දූෂණය ගැන කතා කලොත්, ඒකෙන් අපිට තේරුම් ගන්න බෑ ඇයි ලංකාව වැඩි පොලී අනුපාතවලට විදෙස් මුදල්වලින් ණය ගත්තේ කියලා. ඒ වගේම ඒ සල්ලි යොදවලා ඵලක් නැති, ලාභ නොලබන ව්‍යාපෘති කලේ ඇයි කියලා. ඒ වගේම දූෂණය කියන කාරණයෙන් පැහැදිලි වෙන්නේ නෑ ඇයි ලංකාව මෙච්චර කාලයක් විශාල ආරක්ෂක වියදමක් දරන්නේ කියලා, ඩොලර් මිලියන 500ක් වටින MCC (Millenium Challenge Cooperation) ගිවිසුම, සැහැල්ලු දුම්රිය ගමනාගමනය LRT (Light Rail Transit) ව්‍යපෘතිය අත් ඇරියේ කියලා. ඒ වගේම කාබනික පොහොර ප්‍රතිපත්ති, රුපියල එක අගයක හිර කරගෙන හිටිය එක, බංකොලොත් වෙලා ඉද්දි බදු ආදායම අඩු කර ගත්තේ ඇයි කියන මේ කිසි දේකට දූෂණය කියන එකෙන් පැහැදිලි උත්තරයක් දෙන්න බෑ. කොටින්ම කිව්වොත් ඒකෙන් ලංකාවේ ආර්ථික අර්බුදයට බලපාපු ප්‍රධාන හේතු එකක්වත් හරියට විස්තර කරන්න බෑ. ඒ ඇරුණාම 1970 කාලේ එන්.එම්.පෙරේරා මහත්තයාගෙයි සිරිමා බණ්ඩාරණායක මහත්මියගෙයි ප්‍රතිපත්ති හින්දා ඇති වුණ ආර්ථික අර්බුදය විස්තර කරන්නත් දූෂණය කියන කාරණයෙන් බෑ. එහෙම බැලුවම අර්බුදයට එක හේතුවක් නෑ. එතන තියෙන්නේ දුර්වල තීන්දු තීරණ සහ අහංකාරකම නිසා ඇති වුණ අනාරක්ෂිත බව.
මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගය, නෙළුම් කුළුණ සහ මත්තල ගුවන් තොටුපල කියන ව්‍යාපෘති සලකලා බලද්දි ඒවාට ඩොලර් බිලියන 2කට වඩා වියදම් වෙලා තියෙනවා. ඒවායින් සමහර මුදල් හොරකම් කරලා තියෙනවා. ඒ තමා අපේ දේශපාලනයේ, ආයතනවල සහ ගුණධර්මවල තියෙන දුර්වලකම. ඒ වුණත් මේ කියන වංචා දූෂණ නෙවෙයි ආර්ථික අර්බුදයේ ප්‍රධාන හේතු සාධකය (2).
නාස්තිය නිසා වෙච්ච අර්බුදේ
නාස්තිය, ආර්ථික අර්බුදයට බලපාපු එක හේතුවක්. අපි කරපු සමහර ව්‍යාපෘති කිසිම ලාභයක් නැති, අඩු තරමේ ගත්ත ණය ටිකවත් පියව ගන්න බැරි නාස්තිකාර ඒවා. ලංකාවේ යුද්ධය ඉවර වුණ එක, රට මැදි ආදායම් කාණ්ඩයට ආව එක වගේම ලෝක ආර්ථිකයේ පොලී අනුපාත පහළ වැටීමත් එක්ක වෙළඳපලේ ඇති වුණ මුදල් සුලබතාව හරියට පලවෙනි වතාවට ලංකාවට ක්‍රෙඩිට් කාඩ් එකක් හම්බ වුණා වගේ වැඩක් වුණා. අපි ඒ ක්‍රෙඩිට් කාඩ් එකෙන් අනාගතය ගැන හිතලා ආයෝජනය නොකර ඔහේ හිතුමතේ වියදම් කළා. නෙළුම් කුළුණයි මත්තල ගුවන් තොටුපලයි කියන්නේ ඒ වගේ නාස්තිකාරම ඵල රහිත ව්‍යාපෘති දෙකක්. මොරටුව විශ්වවිද්‍යාලයෙන් කරපු අධ්‍යයනයකින් හොයා ගෙන තියෙනවා මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගයෙන් අපේ ආර්ථිකයට ලැබෙන්නේ සෘණාත්මක බලපෑමක් - පාඩුවක් කියලා. එහෙම බැලුවම ඒ අධිවේගී මාර්ගයෙන් අපි ඇත්තටම යන්නේ කොයි පැත්තටද? මේ කාලේ රජයේ රස්සා පුළුවන් තරම් වැඩි කළා. ඒකෙන් නඩත්තු කරන්න බැරි තරම් විශාල රාජ්‍ය අංශයක් ඇති වුණා. ඒක හොඳටම තේරෙනවා ‘සංවර්ධන නිලධාරී’ තනතුරුවලින්. අපිට තවත් සෑහෙන කාලයක යනකම් ඒ මිනිස්සුන්ගේ පඩි නඩි වගේම විශ්‍රාම වැටුප් ගෙව ගෙව ඉන්න වෙනවා.
අපි කතා කරපු මේ හැම දෙයක්ම වළක්වා ගන්න නම් අපිට කරන්න තිබ්බේ යුද්ධෙන් පස්සේ අපි දිගින් දිගටම ගත්ත ණය වාසිදායක, ලාභදායී ව්‍යාපෘතිවලට යොදවන්න. ප්‍රවාහන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් දියුණු කරන්න අවශ්‍ය සැහැල්ලු දුම්රිය ගමනාගමනය ක්‍රම, අපනයන සංවර්ධනය වෙනුවෙන් කාර්මික කලාප, විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය (STEM - Science, Technology, Engineering, and Mathematics) ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම, වගේම කෘෂිකර්මාන්තය නවීකරණය කරන්න ඒ ණය මුදල් යොදා ගන්න තිබුණා. එහෙම කළා නම් රටේ ආර්ථිකය වර්ධනය කර ගන්නත්, බදු ආදායම වැඩි කරගන්න වගේම අපේ ණය තුරුස් ගෙවා දාන්නත් පුළුවන්කම ලැබෙනවා.
දූෂණ වංචා ඔය විදිහෙන්ම තියෙද්දි වුණත් ආර්ථිකයේ මීට වඩා හොඳ වෙනසක් කරන්න තිබුණා. උදාහරණයක් විදිහට මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගය හදන වෙලාවේ කොළඹ - කුරුණෑගල අධිවේගී මාර්ගය හදන්න තිබුණා. නෙළුම් කුළුණ හදන වෙලාවේ කැලණිවැලි දුම්රිය මාර්ගය හරියට හදන්න තිබුණා. මේ දේවල්වලින් වුණත් වංචා කරන්න දූෂිතයන්ට ඕන තරම් පුළුවන්කම තියෙනවා. ඒත් මේ විදිහට දේවල් වෙනස් වුණා නම් සාමාන්‍ය ජනතාවට වඩා හොඳ ප්‍රතිලාභයක් ලැබෙන්න තිබුණා. ආර්ථිකයේ වර්ධනයක් එක්ක ජනතාවගේ ජීවන මට්ටම් ඉහළ යන්න තිබුණා. දූෂිතයන්ට පවා තමන්ගේ ප්‍රතිරූපය, ජනප්‍රිය බව දියාරු වෙන්න නොදී ජනතාවගේ හොඳ හිත දිනා ගන්න තිබුණා තත්ත්වය මේ විදිහට වෙනස් වෙලා තිබුණා නම් (3).
ඒ තර්කය ඉදිරිපත් කරන්න පදනම වෙන්නේ සරල උදාහරණ කීපයක්. නිකමට හිතන්න, බිලියන ගණනක් ණයට ගනිද්දි ඔය කරලා තියෙන වංචා - දූෂණ, අකාර්‍යක්ෂම රාජ්‍ය ව්‍යවසාය පවත්වාගෙන යන්න, අතිවිශාල ආරක්ෂක වියදමක් දරන්න වියදම් නොකර, ලාභයක් ලැබෙන ව්‍යාපෘතියකට යෙදෙව්වා නම් මොකද වෙන්නේ කියලා. එහෙම වුණා නම් ලංකාවටත් තිබුණා කලාපයේ ඉන්න සමහර රටවල් වගේ දියුණු වෙන්න. ඒ විදිහට තත්ත්වය වෙනස් වුණා නම් කොච්චර පෝසත් සහ දූෂිත දේශපාලනඥයෝ හිටියත් අපේ රටේ ආර්ථික අර්බුදයක් ඇති වෙන්නෙත් නෑ.
සංවර්ධනය වෙමින් තියෙන රටවල් දිහා බලලා හරියටම ලංකාවේ තත්ත්වය මැනලා බලන්න බැරි වුණත්, 1980 සහ 1990 කාලවල තමිල්නාඩුව, චීනය සහ අග්නිදිග ආසියාවේ බොහෝ රටවල් එක්ක බලද්දි ලංකාව ඒ තරම් දූෂණය වෙලා නෑ. Billionaire Raj කියන පොතේ ජේමිස් ක්‍රැබ්ට්‍රී කියලා තියෙනවා දූෂණය කියන කාරණය දකුණු ඉන්දියාවේ සාර්ථකත්වයට බාධාවක් නෙවෙයි කියලා.
“ජයලලිතා මිය යන වෙලාව වෙද්දිත්, අතලොස්සක් ඇරෙන්න හැමෝම වගේ කිව්වේ ජයලලිතගේ ප්‍රාන්තය පුරා පැතිරිලා තිබ්බේ දූෂණ වංචා” කියලයි. උසාවි වාර්තාවලින් ඔප්පු වුණා ඇයගේ වත්කම ඩොලර් මිලියන 10කට ආසන්නයි කියලා. එතුමියට සහය දක්වන පිරිස් නිතරම කිව්වේ දිල්ලියේ ඉන්න දේශපාලනඥයෝ ඔයිටත් වඩා මුදල් ගසා කාලා තියෙනවා කියලා. කොහොම වුණත් ඒ කියන දේශපාලනඥයෝ හම්බ කරගෙන තිබුණ දේවල් ජයලලිතා සහ ඇගේ සෙසු තමිල්නාඩු නායකයන් තමන්ගේ දේශපාලන ව්‍යාපාරවලට යොදවපු මුදල්වලට වඩා අඩුයි. ඒ තරම් වංචා දූෂණ තියෙද්දි වුණත් ජයලලිතා ඇතුළු පිරිස, දිල්ලිය පවා කඩා වැටෙන වෙලාවකදි වුණත්, තමන්ගේ ප්‍රාන්තයේ ආර්ථිකය කඩා වැටෙන්න දුන්නේ නෑ
ඉන්දියාවේ තියෙන ගජමිතුරු ධනවාදය නිසා උතුරු ඉන්දියාවේ තියෙන දුප්පත් ප්‍රාන්තවලට වඩා දකුණු ඉන්දියාවවේ කේරළ, තමිල්නාඩු, කර්නාටක, තෙලන්ගානා සහ ආන්ද්‍ර ප්‍රදේශ් කියන ප්‍රාන්ත පහ වෙනස්. කේරල ප්‍රාන්තය ඇරුණාම අනිත් හැම දකුණු ඉන්දියානු ප්‍රාන්තයක්ම හරිම දූෂිතයි. වැඩියෙන්ම දූෂිත කියලා සලකන්නේ කර්නාටක ප්‍රාන්තය. දූෂිත මට්ටම අතරින් ආන්ද්‍ර ප්‍රදේශ් සහ තමිල්නාඩුව තරමක් සමානයි. ඒත් මේ කියන ප්‍රාන්ත පවා ආර්ථිකමය වශයෙන් සාර්ථකයි. ඒවායේ , සංවර්ධන මට්ටම් සසඳන්න පුළුවන් වෙන්නේ උප සහරා අප්‍රිකානු රටවල් එක්ක නෙවෙයි - අග්නිදිග ආසියා රටවල් එක්ක. පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා මහාචාර්යවරයෙකු විදිහට වැඩ කරන දේවේෂ් කපූර් පැහැදිලි කරනවා, 'දකුණේ දේශපාලනඥයන් සොරකම් කිරීමට ඉගෙන ගත්තේ ආර්ථිකය ද පුළුල් කරමිනි. උතුරු ඉන්දියාවේ අය තමන්ට හැකි උපරිම ප්‍රමාණයෙන් තමන්ට හම්බ කරගත්තා මිසක් කාටවත් කිසිම දෙයක් ඉතුරු කලේ නැත” කියලා.
නුවණක්කාර ප්‍රතිපත්ති තීරණ ගන්නේ කොහොමද?
අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි දූෂණය අඩු කරන්න අපි කරන්න ඕනේ මොකක්ද කියන එක. ඒක හොඳ ප්‍රශ්නයක්. ඒත් එක්කම අහන්න ඕන තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ‘අපි කොහොමද බුද්ධිමත් තීරණ ගන්නේ කියන එක’. ඒවට දෙන්න තියෙන උත්තර නම් සරල කෙටි ඒවා නෙවෙයි. ඒත් ඒ අතරින් එක උත්තරයක් අරන් බැලුවොත් අපිට පුළුවන් ආර්ථිකයේ අපිට වැරදුණු සමහර තැන් හරිගස්සන්න. 1978 ඉඳලම ආර්ථිකයේ තීන්දු තීරණ ගන්න බලය තියෙන්නේ ජනාධිපතිවරයාට. මෑතකදි හඳුන්වා දුන්න මහ බැංකු පනතින් ජනාධිපතිවරයාගේ ඒ බලය යම් දුරකට අඩු කළා. ඒත් විධායක ජනපති කියන කෙනා සියල්ලටම වඩා බලවත්, සර්ව බලධාරී වගේ ආර්ථිකය ඇතුලෙත් බලය පතුරුවාගෙන ඉන්නවා. උදාහරණයක් විදිහට, මුදල් ඇමතිවරයාට පුළුවන් තමන්ට ඕන ඕන විදිහට බදු වෙනස් කරන්න. ඒ වගේ අසීමාන්තික බලයන් ඉවත් කරන එක මේ සිස්ටම් චේන්ජ් එකේ මුල්ම පියවරක් කිව්වොත් වැරදි නෑ. මොකද අපි හිතා ගන්න බැරි තරම් බලයක් එකම එක මනුස්සයෙක්ට දීලා තියෙනවා. ඒ තනතුරට හොඳටම ගැලපෙන කෙනෙක්ට වුණත් ඒ යටතේ තියෙන්නේ ඉතාමත් විශාල සහ භාරදූර වගකීමක්. ඒ නිසා ඒ කියන බලය එක කෙනෙක් වටේ සංකේන්ද්‍රණය වෙනවට වඩා සමූහයක් අතර බෙදිලා යන විදිහට පාර්ලිමේන්තුවේ පිරිසගේ සාමූහික තීරණ ගැනීම යටතට පත් කරන්න ඕන.
විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා එක මනුස්සයෙක් අතේ අසීමිත බලයක් පැටවෙන එක නැති කරපු ගමන්ම ඉතාමත් හොඳ ප්‍රතිපත්ති තිරණ ඇති වෙයි කියලා හිතන්න බෑ. ඒත් ඒකෙන් ඉස්සර ජයවර්ධන සහ රාජපක්ෂ ජනපතිවරුන් අතින් සිද්ධ වුණ ජාතියේ වැරදි වෙන්න තියෙන ඉඩ අඩු වෙනවා.
හරියටම හරියන ප්‍රතිපත්ති හදන එක බොහොම සංකීර්ණ වැඩක්. ඒ වගේ දෙයක් කරන්න ගුණාත්මක සිවිල් සේවයක්, බුද්ධිමත් දේශපාලනඥයින්, අවදියෙන් ඉන්න මාධ්‍ය වගේම විධිමත් විශ්වවිද්‍යාල පද්ධතියක් තියෙන්න ඕන. ටිකක් අමාරුයි වගේ පෙණුනට මේ දේවල් කරන්න බැරිකමක් නෑ. ඒ අතරින් කඩිනමින් කරන්න පුළුවන් දේවල් තමයි:
පරිපාලන සේවා සහ නීති විද්‍යාල ප්‍රවේශය සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගවල සිදුවන අක්‍රමිකතා නිවැරදි කර එම විභාගවල ගුණාත්මක බව වැඩි කිරීම
මනුෂ්‍ය වර්ගයාට තරඟ කිරීමට සහ ජයග්‍රහණය කිරීම උදෙසා සාරවත්බව, කැපවීම සහ අභිලාෂය ඇති පිරිමින්ට සහ කාන්තාවන්ට හැකිවන පරිදි මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම. මිශ්‍ර මන්ත්‍රී ක්‍රමය ආරක්‍ෂිත ආසන ක්‍රමයක් නිර්මාණය කිරීමට සහ පක්ෂ ලැයිස්තු ප්‍රමාණය වැඩි කිරීමට උපකාරී වේ.
ප්‍රාග්ධන ප්‍රවාහය තීරණය කරන බැංකු සඳහා අප දැනටමත් කර ඇති පරිදි, තොරතුරු ගලායාම තීරණය කරන මාධ්‍ය ආයතන සඳහා හිමිකාරිත්වය සහ හෙළිදරව් කිරීමේ අවශ්‍යතා නීතිගත කිරීම.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නවීකරණය කිරීම, පත්වීම් වඩාත් විවිධාකාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට යටත් කිරීම
පොදු සම්පත් නාස්ති නොකර බුද්ධිමත්ව පාවිච්චි කිරීමට අමතරව රජය ආර්ථිකයට තියෙන බාධාවන් ඉවත් කරන්න ඕන. ඒකේ අදහස වෙන්නේ රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීම, තීරුබදු අඩු කිරීම, සාධක වෙළඳපලවල් ප්‍රතිව්‍යුහගත කිරීම වගේ දේවල් කරන්න වෙනවා කියන එකයි. මේ කියන වෙනස්කම් හැම එකක්ම වැඳගත්. ඒත් අද සටහනේ අරමුණ ඒවා ගැන කතා කරන එක නෙවෙයි. IMF වැඩසටහන වැඳගත් එකක් වුණාට ඒකෙන් විතරක් අපිට සෑහීමට පත් වෙන්නත් බෑ.
ඇත්තෙන්ම දූෂණය කියන්නේ පරිහානියට හේතුවක්. ඒ නිසයි සදාචාරය සලකලා දූෂණයට නීතියේ ආධිපත්‍යයෙන් උපරිම දඩුවම් ලැබෙන්න ඕනෙත්. ඒ වුණත්, දූෂණයට වඩා මම බය වෙන්නේ දුර දිග නොබලා ගන්න මෝඩ තීරණවලට. ලංකාව ඉස්සරහට ආයෙමත් කඩා වැටෙන්නේ නෑ කියලා තහවුරු කරන්න නම්, සදාචාරයටත් වඩා වැඳගත් පියවර වෙන්නේ වැරදි තීරණ ගන්න ක්‍රමය වෙනස් කරන එකයි.
වාසනාවකට වගේ, දූෂණයට එරෙහිව සටන් කිරීමත් මෝඩකමට එරෙහිව සටන් කිරීමත් අතර ගැටුමක් නෑ. ඒ දෙකටම බලපාන හේතු සමානයි: ඉතා සුළු පිරිසකගේ අතේ ඕනෑවට වඩා බලය සංකේන්ද්‍රණය වී තිබීම, නිපුණතාවයට වඩා පක්ෂපාතීත්වය අගය කරන දේශපාලන සංස්කෘතියක් තිබීම සහ මෝඩකම සහ දුෂ්ටකමට පාර හදලා දෙන ආයතන ඒ අතර තියෙනවා. දූෂිතයන් හිරේ දාන එක ඇරුණාම සැබෑවටම සිස්ටම් චේන්ජ් කියලා කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ සාකච්ඡාමය ආයතන නවීකරණය කිරීම වගේ දේවල්වලට. ඒ වගේම සිස්ටම් චේන්ජ් කියන්නේ අදහස්වලට. අපේ හිත් නිදහස් කර ගත්තාමයි අපට කරුණු මත ඉඳලා න්‍යායාත්මකව නෙවෙයි ප්‍රායෝගිකවම ඇත්ත මොකක්ද කියලා හොයා ගන්න පුළුවන් වෙන්නේ.
(1) https://star.worldbank.org/blog/fifteen-years-star In its 15 years of existence the Bank’s much vaunted StAR unit only succeeded in freezing or recovering $1.9 billion. For context, Sri Lanka’s external debt alone, standing at $36 billion, is more than 18 times greater than this sum.
(2) බොහෝ දුරට භාවිතයට නොගත් ඩොලර් මිලියන 164 මැදවච්චිය-මන්නාරම දුම්රිය මාර්ගය ඉදිකිරීමට සමාන අනුවණ ක්‍රියාවකි.
(3) වර්ධනයත් සමඟ අනාගත ව්‍යාපෘති සඳහා ඔහුගේ 10% ත්‍යාගය වැඩි වනු ඇත.