මෙම ලිපිය පෙර පලවුනු” Economic implications of COVID-19”හි පරිවර්තනයකි.
ආචාර්ය සරත් පතිරණ
COVID-19 ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු ආර්ථික බලපෑමක් ඇති කරනු ඇති බවට සැකයක් නැත. මෙම බලපෑම් අතරට වැඩ කරන දින ගණන අහිමි වීමෙන් හා වෛරසය පැතිරීම අවම කිරීමට අවශ්‍ය සමාජ දුරස්ථභාවය නිසා නිෂ්පාදනය ඍජුවම අඩු වීම, වෛරසය වැළඳුනු අය වෙනුවෙන් වූ වෛද්‍ය වියදම් හා අවදානමට ලක්ව සිටින සහ අවශ්‍ය සමාජ දුරස්ථභාවය සම්බන්ධයෙන් උපදෙස් පිළිපැදීමට සූදානම් නැති අය අතර වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා වන වියදම් යන්න ඇතුලත් වේ.
මේ මගින් මිනිසුන්ගේ ආදායමට වහාම බලපෑමක් ඇති වන අතර මෙම වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා භාවිතා කරන ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් මධ්‍ය කාලීන හා දිගු කාලීන බලපෑම් ඇති වේ. ශ්‍රී ලංකාවේ කෝවිඩ් - 19 අසාධන ප්‍රමාණය ගත් විට අප එය හොඳින් පාලනය කර ඇති බව කිව හැක. නමුත් ගැටළුව වන්නේ විශාල පොලිස් හා ත්‍රිවිධ හමුදා භටයන් යෙදවීමෙන් වෛරසය පැතිරීම වැළැක්වීමේ ක්‍රමය අපට දිගටම පවත්වා ගෙන යා හැකිද යන්නයි.
රටේ ආර්ථිකයට ඇති වූ මෙම කම්පනය 2008 සිට 2012 දක්වා අප මුහුණ දුන් ලෝක මූල්‍ය අර්බුදය තත්වයට වඩා විශාල විය හැක. එකල අපගේ ප්‍රධාන අපනයන වෙළඳපොලවල් වුන ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමයේ දළ දේශීය නිෂ්පාදිතයේ, එනම් වසරක කාලයක් තුල රටක නිෂ්පාදනය වන භාණ්ඩ හා සේවා වල මූල්‍යමය වටිනාකමේ වර්ධන වේගය අඩුවීම නිසා එම අර්බුදයෙන් ඇති වූ බලපෑම අවම විය. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර අපගේ සංචාරක කර්මාන්තයට ප්‍රබල බලපෑමක් ඇති කළ අතර කෝවිඩ් - 19 වෛරසය පැතිරීමට පටන් ගත් විට අප තවමත් පෙර ප්‍රහාරයට පෙර පැවති තත්වයට පැමිණ සිටියේ නැත. නමුත් බලපෑම සාපේක්ෂව කුඩා වූ අතර එය එක් අංශයකට සීමා විය.
ආරම්භයේ පැවති තත්වය
කෝවිඩ් - 19 වෛරසය රටේ පැතිරීම ආරම්භ වන අවස්ථාව වන විටත් රට ආර්ථික වශයෙන් දුර්වල තත්වයක පැවතුනි. අපගේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 2019 මුල් භාගයේදී 2.6% ක් වූ අතර, කෝවිඩ් - 19 හි බලපෑමත් සමඟ, ඉදිරි වසර තුන සිට පහ දක්වා සැලකිය යුතු ප්‍රතිසංස්කරණ හා ඍජු විදේශීය අයෝජන ගලා ඒම් නොමැති වූවොත් අපගේ සාමාන්‍ය වර්ධන වේගය (දශක තුනක සාමාන්‍ය 4%) යථා තත්ත්වයට පත් කිරීමට දුෂ්කර වනු ඇත.
2018 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම සැලකිය යුතු ලෙස අඩු වී ඇත. ඒ අනුව සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම විශාල වශයෙන් පහල යනු ඇත. ජංගම ගිණුමේ ගෙවුම් ශේෂයට සහාය වීමට තරම් අපගේ අපනයන ඉහළ ගොස් නැත. මේ අතර, අපේ විදේශ විනිමය සංචිතය ණයට ගත් අරමුදල්වලින් කොටසක් ද ඇතුළුව ඩොලර් බිලියන 7.0 ක් තරම් අඩු මට්ටමක පවතී. අවසාන වශයෙන්, 2020-2023 ඉදිරි සිව් වසර තුළ ඩොලර් බිලියන 16 .0 ක් පමණ විශාල ණය ප්‍රමාණයක් ආපසු ගෙවීමට අපට සිදුවේ.
කෝවිඩ් - 19 හි ආර්ථික බලපෑම
වෛරසය පැතිරීමෙන් ඍජු හා වක්‍ර සැලකිය යුතු ආර්ථික බලපෑමක් අපට අපේක්ෂා කළ හැකිය. මෙහිදී වැදගත් වන්නේ කෝවිඩ් - 19 මගින් ඇති වන වක්‍ර ආර්ථික බලපෑම් වේ. මෙහි ඇති සෘජු බලපෑම නම්, මේ දක්වා ශ්‍රමය නිරෝධායනය තත්වයන් තුළ අකමැත්තෙන් හෝ පැවතීමට සිදු වීමයි. එපමණක් නොව වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා මීට පෙර අයවැය ගත කර නොමැති අරමුදල් වැය කිරීමට සිදු වේ. සහන ලබා දීම සදහා ඊට වඩා වියදමක් කිරීමට සිදුවේ.
ඔවුන් සඳහා විශේෂ මුදල් වෙන් කිරීමක් කල යුතුය. වෙනත් රටවල අත්දැකීම් දෙස බැලීමේදී ඉදිරියේදී මෙම ආසාදන වීමේ හැකියාව ඇතත්, අපි නිසි ක්‍රම අනුගමනය කරන්නේ නම්, විශේෂයෙන් සමාජ දුරස්ථභාවය තුළින්, අපගේ ආසාදන අඩු මට්ටමක පවත්වා ගැනීමට හැකි වේ. රෝගය පැතිර යාම වැලැක්වීම සදහා වෛද්‍ය සේවාවන් ලබා ගැනීමට අවස්තාව ලබා දීමට නිසි ක්‍රියා පටිපාටි ඇති කිරීම මගින් ඒවායේ බලපෑම අවම කර ගත හැකිය. වැඩි වශයෙන් පරීක්ෂණ සිදු කිරීම හා පුහුණුව ලැබූ වසංගත රෝග විශේෂඥයින් මත විශ්වාසය තබා ගැනීම උපකාරී වේ.
වෛරසය හේතුවෙන් ආර්ථිකය මත ඇති ඍජු වියදම ඇති වන්නේ සියලුම අංශ වල නිෂ්පාදනය මුළුමනින්ම නැවතී නිෂ්පාදනය අඩු වී ඇති නිසාත් ඇඳිරිනීතිය ඉවත් කර ඇති ප්‍රදේශ වල පමණක් නිෂ්පාදනය වැඩි වී ඇති නිසාත් ය. නමුත් බොහෝ කම්කරුවන් වැඩි මිනිසුන් ප්‍රමාණයක් වෙසෙන කොළඹ, ගම්පහා සහ කළුතර යන ප්‍රදේශ වල ජීවත් වන අතර ඔවුන්ට තවමත් නිවෙස් වලට වී සිටින්නට සිදු වී ඇත. ජාතික ආදායම ගත් කල වැටුප්, ලාභ සහ පොලී ආදායම නුදුරු කාලීනව අඩු මට්ටමක පවතිනු ඇත. අපි හදිසි අවස්ථාව පාලනය කරන අතරම, නිසි ප්‍රතිපත්ති ඇති කිරීම සඳහා නුදුරු කාලයෙන් ඔබ්බට සිතිය යුතුය. මෙම හදිසි අවස්ථාව සඳහා ගනු ලබන පියවර මධ්‍ය කාලීන හා දිගු කාලීනව බලපානු ඇත
කෝවිඩ් - 19 හි බලපෑම අවම කිරීම සඳහා රජයේ වැඩසටහන්
සහන ලබා දීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සම්පූර්ණ ලැයිස්තුවක් රජය විසින් යෝජනා කර තිබේ. මේවාට ඇතුළත් වන්නේ:
වැට් හා අදායම් බදු ගෙවීමට, රියදුරු බලපත් අලුත් කිරීමට, ජල බිල්පත් ගෙවීමට, රුපියල් 15 000 කට අඩු බදු තක්සේරු කිරීමට, රුපියල් 50 000ට අඩු ක්‍රෙඩිට් කාඩ් බිල්පත් ගෙවීමට අප්‍රේල් 30 දක්වා සහන කාලයක් දීම.
ත්‍රිරෝද රථ සඳහා ලිසිං වාරික ගෙවීම මාස හයකට අත්හිටුවීම.
මැයි 30 වනදා දක්වා රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයින්ගෙන් ණය ගෙවීම් අයකර නොගැනීම.
රුපියල් මිලියන 1ක් දක්වා පුද්ගලික ණය ආපසු ගෙවීම අත්හිටුවීම.
පුහුණුව ලැබීමට තෝරාගත් උපාධිධාරීන්ට රුපියල් 20,000 ක දීමනාවක් ගෙවීම.
කෝවිඩ් වැළක්වීමේ කටයුතුවල නියැලී සිටින සෞඛ්‍ය සේවකයින් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් සඳහා අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ දෙගුණ කිරීම.
සංචාරක හා කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟලුම් ව්‍යවසායකයින්ට මාස හයක ණය සහනයක් ලබා දීම.
7% ක පොලී අනුපාතයකට මුදල් වෙළඳපොළ ස්ථාවර කිරීම සඳහා ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, EPF සහ සේවක භාර අරමුදල ඒකාබද්ධව භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමට නියමිතය.
මෙම තීරණ මිල ක්‍රමය මත පදනම් නොවන බව සැලකිය යුතුය. බොහෝමයක් නියමයන්, විධානයන් සහ ප්‍රමාණාත්මක පියවර මත පදනම් වේ.
සහන ලබා දීම සඳහා අමතර ක්‍රියාමාර්ග
දේශීය ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු සඳහා රුපියල් 50 000 වන තෙක් උපරිම වශයෙන් 15% ක පොලී අනුපාතයක් සහ අවම මාසික ගාස්තු 50% කින් අඩු කිරීම.
සියලුම බැංකු ශාඛා ඇඳිරි නීතිය නැති විට පැය කිහිපයක් හෝ විවෘතව තිබිය යුතුය.
අදාළ පුද්ගලයින්ට අත්‍යවශ්‍ය ආහාර, පොහොර, ඖෂධ සහ ඉන්ධන අඛණ්ඩව නිකුත් කිරීම සඳහා වරාය, රේගු සහ වෙනත් නියාමන ආයතන කටයුතු කල යුතුය.
සමෘද්ධි ප්‍රතිලාභීන් සහ සමෘද්ධි කාඩ්පත් හිමියන්ට පොලී රහිත අත්තිකාරම් හෝ රු. 10,000 ක් සමෘද්ධි බැංකු හරහා ලබා දීම.
අඩු ආදායම්ලාභී පවුල් සඳහා පෝෂ්‍යදායී ආහාර ද්‍රව්‍ය වහාම නිකුත් කිරීම සඳහා හිමිකම් සහතික නිකුත් කිරීමට සමෘද්ධි අධිකාරිය කටයුතු කිරීම.
සතෝස සහ සමුපකාර වෙළඳසැල වැට් බද්දෙන් සහ වෙනත් බදු වලින් නිදහස් කිරීම.
සෞඛ්‍ය හා සමාජ සත්කාර සඳහා සහන සැලසීම සඳහා ජනාධිපති අරමුදලේ BOC හි විශේෂ ගිණුමක් විවෘත කරන ලදී අතර රුපියල්. මිලියන 100 ක් වෙන් කර ඇත. සහල්, පරිප්පු සහ ලුණු සතිපතා ලබා දීම. දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන්හට අරමුදලට දායක වීම සඳහා බදු සහ විදේශ විනිමය සීමා කිරීම් අත්හැර දමන ලදී.
මේ සියලු ක්‍රියාමාර්ග තිබියදීත්, දුප්පතුන්ට සහ විශේෂයෙන් රැකියා විරහිතයින්ට සහ ස්වයං රැකියාවල නියුතු අයට ආර්ථික සහන ලබා දීම දුෂ්කර ය. එයට හේතුව සමෘද්ධිය නිසි ලෙස ඉලක්ක කර නොගැනීමයි. උපකාර ලැබිය යුතු සමහර පුද්ගලයින්ට මෙම ආදායම් සඳහා ප්‍රවේශයක් නොමැති අතර ඉහළ ආදායමක් ඇති අනෙක් අයට සමෘද්ධි අරමුදල් ලැබේ. සුදුසුකම් ලත් දුප්පතුන්ට උපකාර කිරීම සඳහා අපගේ අනාගත වැඩසටහන් වලදී මෙම ගැටළුව විසඳිය යුතුය. සුදුසුකම් ලත් දුප්පතුන්ට උපකාර කිරීම සඳහා අනාගත වැඩසටහන් වලදී මෙම ගැටළුව විසඳිය යුතුය.
චිලී වැනි අනෙකුත් රටවල සවිස්තරාත්මක පවුල් හා ආදායම් දත්ත මත පදනම්ව එවැනි ආදායම් හුවමාරු ක්‍රමයක් තිබේ. ඒ අනුව සමෘද්ධි ලාභීන්ට නොව ඉතා දුප්පත් අයට සලාක කාඩ්පත් ලබා දීමට රජය විසින් මෑතකදී ගත් පියවර උපකාරී වනු ඇත. නමුත් මධ්‍යම හා දිගු කාලීනව අප සමෘද්ධි වැඩසටහන ප්‍රතිසංස්කරණය කළ යුතු අතර සුදුසුකම් ඇති අයට ප්‍රතිලාභ ඉලක්ක කළ යුතුය. මේ අතර, මහා බැංකුව පනවා ඇති ණය සීමාවන් හඳුන්වා දීම හරහා ආනයන පාලනයන් මඟින් ආර්ථිකයේ මධ්‍ය හා දිගු කාලීන විකෘතිතා ඇති වන අතර ඉහළ උද්ධමනයකට මග පාදනු ඇත. මිල තුලින් තරඟකාරී විනිමය අනුපාතයක් ඇතුළුව ආර්ථිකය පාලනය කරනවාට වඩා මෙම ප්‍රතිපත්ති ප්‍රමාණාත්මක මිනුම් මත වැඩි විශ්වාසයක් තබන බව සංඥා කරයි. මිල ක්‍රමය භාවිතා නොකරන විට අධිකාරියක් හෝ බලවත් පුද්ගලයකු විසින් ප්‍රමාණ වෙන් කළ යුතුයි. ඒ මගින් නොමනා ආකාරයට ප්‍රතිපාදන වෙන් කිරීම හා දුෂණය ඇති වේ.
නිගමන
කෝවිඩ් - 19 විසින් නිර්මාණය කරන ලද කෙටිකාලීන තත්ත්වය, විශේෂයෙන් පරිභෝජන පැත්තෙන් විසඳීම සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනා කරන ලද පියවර සුදුසු ය. නමුත් පුද්ගලික ඔසුසැල් සම්පූර්ණයෙන් වසා දැමීම වැනි ක්‍රියාමාර්ග දියවැඩියාව, නිදන්ගත හෘද රෝග සහ ඇදුම ඇති දිනපතා ඖෂධ අවශ්‍ය රෝගීන්ගේ සෞඛ්‍ය පවත්වා ගැනීම අපහසු කරයි. පසුව පුද්ගලික ඔසුසැල් විවෘත කිරීමට ඉඩ දීම වැනි පාලනය ලිහිල් කිරීමට හැකි බව සොයා ගන්නා ලදී.
කෙසේ වෙතත්, අප දැනටමත් දුර්වල ආරම්භක තත්වයන්ගෙන් ආරම්භ කරන බැවින්, කාර්යය පහසු නැත. ආර්ථිකය පාලනය කිරීම වැඩි වීම හා ආර්ථිකයේ රජයට ඇති කාර්යභාරය වඩා පුළුල් වීමේ අනතුරක් ඇත. තවත් විටක ආදායම් හුවමාරු කිරීම් ඇතුළු සහන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම රාජ්‍ය සේවය මත බෙහෙවින් රඳා පවතින නිසා ආර්ථිකයේ රජයට ඇති කාර්යභාරය අඩුවෙන් සිදු කිරීමක් ද සිදුවිය හැක. ඒ රාජ්‍ය සේවය කාර්යක්ෂමව හා ඉක්මණින් ක්‍රියාකිරීම නොකරන නිසාය.
මෙම තත්වයට මුහුණ දීමට රජයේ කරන මැදිහත් වීම් වැඩි වන විට, රජයට දීර්ඝ කාලීනව අතිරේක හා ස්ථිර බලයක් ලැබීමේ අන්තරාය පවතී. 1970-1977 කාලය තුළ ආදායම් සීමාවන් සහිතව හා වී ප්‍රවාහනයට 100% ආනයන පාලක සීමාවන් ඇති කිරීමෙන් එම අත්හදා බැලීමේ ප්‍රථිපල අපි දැක ඇත්තෙමු. රජයේ මේ වැඩි අතපෙවීම් එම කාලය තුළ විනාශකාරී ප්‍රථිපල කරා අප ගෙන ගිය අතර සේවා නියුක්තිය මෙන්ම ජීවන තත්වයන් තියුණු ලෙස අඩුවීමත් සමඟ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය පහත වැටුණි.
ඒ අනුව මහා බැංකුව ණය පරිමාවට බලපෑම් කිරීම සඳහා සෘජු ප්‍රමාණාත්මක පියවර ගැනීමෙන් වැළකී සිටීම කළ යුතුය. එය කොවිඩ් 19 නිසා ඇති වූ කම්පනය සමඟ කටයුතු කිරීමට ආර්ථිකයේ නම්‍යශීලී බව අඩු කරන අතර විශේෂයෙන් නම්‍යශීලී හා තරඟකාරී විනිමය අනුපාතයන් වළක්වා ගනිමින් සංචිත කළමනාකරණය ඇතුළු ප්‍රමාණාත්මක පියවරයන් සඳහා ඇති කැමැත්ත සංඥා කරයි.
ඍජු පියවරයන් තරඟකාරී නොවන ආර්ථිකයකට මඟ පෑදිය හැකි අතර විශේෂයෙන් අපගේ අපනයන වර්ධනයට එය හානිකර වේ. ආනයන කෙලින්ම තහනම් කිරීම අපනයනයට එරෙහිව නැඹුරුවක් ඇති කරනු ඇත. ආර්ථිකයේ ඵලදායිතාව ඉහළ නැංවීමෙන් අපගේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය ඉහළ නැංවීම සඳහා දිරිගැන්වීමේ ප්‍රතිසංස්කරණ මත අපට බලාපොරොත්තු තබා ගැනීමට සිදුවේ. කෙටිකාලීනව සිදු කර ඇති දේ අවශ්‍ය විය හැකිය, නමුත් නමුත් මධ්‍යම හා දිගු කාලීන වර්ධනය සහතික කිරීම සඳහා ඒවා ප්‍රමාණවත් නොවේ.
මෙහි ප්‍රකාශිත අදහස් කතුවරයාගේ ම අදහස් වේ. ඒවා මගින් ඇඩ්වෝකාටා ආයතනයේ හෝ ඊට සම්බන්ද කිසිවකුගේ අදහස් පිළිබිඹු නොවේ.