ලංකාවේ power cut එකක් කියන්නේ අපිට නම් අලුත් දෙයක් නෙමෙයි. අඩුම තරමේ මාසෙකට එක පාරක් හරි power cut එකක් එනවාමයි. හැබැයි ගිය අවුරුද්දේ මැද ඉදලා මේ විදුලිය විසන්දි කරන එක ගැන ගොඩක් දෙනෙක් කතා වුනා. මේකට ප්‍රධානම හේතුවක් උනේ දෙසැම්බර් 3 වෙනිදා මුලු ලංකාවේම විදුලිය විසන්දි වීමත් එක්කයි. ඒක නම් සිදු වුනේ බියගම හුවමාරුවේ සිදු වුනු බිදවැටීමක් නිසයි.
2022 අවුරුද්ද පටන් ගත්තත් හරි අපේ රටේ විදුලිය විසන්දී වීම් එන්න එන්නම වැඩි වුනා. එතකොට ලංකා විදුලි බල මණ්ඩලයෙන් විදුලිය කපන කාල සටහනුත් නිකුත් කලා. අපි දැන් බලන්න ඕනේ ඇයි මේ කවදත් නැතුව මේච්චර power cut කරන්නේ කියලා.
එක ප්‍රධාන හේතුවක් තමයි ලංකවේ එන්න එන්න වර්ෂාපතනය අඩුවෙනවා. මහ බැංකුවට අනුව නොවෙම්බර් මාසයේ හා දෙසැම්බර් මාසයේ, විදුලි බල නිෂ්පාදනයට,ජල විදුලි දායකත්වය 68.4% හා 62.6% වුනා. ජනවාරි මාසය වෙනකොට මේ දායකත්වය 33.6%ට අඩු වුනා. එතකොට මේ අඩු වෙච්ච් විදුලි බල නිෂ්පාදනය පුරවන්න වුනේ තාප බල විදුලියෙන්. එතකොට අපිට පේනවා තාප විදුලි බල ජනනය, වැඩිවෙලා තියෙන විදිහ. දැනේ මේ තාප විදුලි බල ජනනය ප්‍රධාන වශෙයන්ම සිදු වෙන්නේ මේ ගල් අගුරු හා තෙල් යොදා ගෙනයි.
දැන් මේ වර්තමාන විදුලි කප්පාදු කිරීමට බලපාලා තියෙන එක ප්‍රධාන හේතුවක් තමයි රටට, විදුලි බලය නිෂ්පාදනය කරන්න අවශ්‍ය තෙල් හා ගල් අගුරු ලංකාවට ආනයනය කරන්න අවශ්‍ය ඩොලර් නැහැ.
මහ බැංකුවට අනුව අපේ සංචිත ඇ.ඩොලර් බිලියන 3.1 එකක් තියෙනවා. මේක භාවිතා කරලා තමයි , රටේ පවතින අවශ්‍යතාවන්ට අවශ්‍ය දේවල් ආනයනය කරනනේ. උදාහරණයක් විදියට බෙහෙත්, ආහාර, පොහොර වගේ දේවල්. ඊට අමරව මේකෙන් තමයි අවශ්‍ය අපි ණය ගෙවන්නෙත්. ඉතින් ඒ හැමදේටම වියදම් කරලා තමයි තෙල් හා ගල් අගුරු ගේන්නේ.. ඉතින් ඇත්තටම බලනකොට අපිට ඩොලර් ප්‍රමාණය මදි මේ හැමදේම කරගන්න.
ඉතින් අපි හැමෝම දන්න විදියට අපේ රටට ඩොලර් ගලා ඒම ප්‍රධාන ලෙසම අඩුවෙන්න ප්‍රධානම හේතුවක් වුනේ covid-19 වසංගත තත්ත්වයයි. නමුත් ඩොලර් අඩු ප්‍රශ්ණය අද ඊයෙ ආපු ප්‍රශ්ණයක් නෙවෙයි. කාලාන්තරයක් තිස්සේ ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ කරපු නැති නිසා ආපු ප්‍රශ්ණයක්. Covid -19 ප්රශ්නය තවත් වැඩි කරා. Covid -19 එන්න කලින් ලංකාවට වැඩිපුරම විදේශ විනිමයක් ගලගෙන ආවේ Tourism, විදේශ ප්‍රේෂණ (remittences) සහ ඇගලුම් කර්මාන්ත තුලින්. මේ හැම අංශයකටම මේ වසංගත තත්ත්වය බලපෑවා. හැබැයි මීට අමතරව ආණ්ඩුව විසින් ගෙන ඇති වැරදි ආර්ථික ප්‍රතිපත්ති (ඩොලරයට පාලන මිලක් යෙදීම) මේ තත්ත්වය දරුණු කරන්න බලපාලා තියෙනවා.
මේ ප්‍රශ්න වලට අමතරව තව තියෙන ප්‍රධාන ගැටළුවක් තමයි, ලංකා විදුලි බල මණ්ඩලයට තියෙන ණය ප්‍රමාණය. මුදල් අමාත්‍යංශයේ 2020 වාර්තාව අනුව ලංකා විදුලි බල මණ්ඩලය බැංකු වලින් ගත් ණය ප්‍රමාණය රු.බිලි. 96 විතර වෙනවා වගේම, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ස්වාධීන විදුලි සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ණය ප්‍රමාණය රු.බිලි. 133 වෙනවා. එතකොට විදුලි බල මණ්ඩලය 2020 අවුරුද්දේ දුවලා තියෙන්නේ රු.බිලි.62 පාඩුවක් තියාගෙන. ඒ පාඩුව දළවශයෙන් මුලු අවුරුද්දෙම දුප්පත් මිනිස්සුන්ට සමෘධියට වියදම් කරනවා වගේ මුදලක්.
විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවන්න තියෙන ණය ප්‍රමාණය ගෙව්වේ නැති නිසා තමයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවශ්‍ය තෙල් ටික දීලා නැත්තේ. අපි අදුරේ ඉදියත්,බැලු බැල්මට නම් කරපු වැඩේ සාධාරනයි කියලා හිතෙනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රු.බිලි. 529 බැංකු වලට ණය ගෙවන්න ඕනේ.
පහුගිය දවස් වල සපුගස්කන්ද හා කැළණිතිස්ස විදුලි බලාගාර, වහලා දැම්මා ක්‍රියාත්මක වෙන්න තෙල් නැතුව. ඒවගේම නොරොච්චෝලේ විදුලි බලාගාරයෙත් විවිධ බිද වැටීම් තිබුණා. හැබැයි ඔන්න අද (27) ඉදලා තව දවස් 10 සදහා විදුලිය සම්පාදනය කරන්න අවශ්‍ය තෙල් ප්‍රමාණය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබාදීලා කියලා වාර්තා වුනේ.
අපිට හැමදාම මෙහෙම දුවන්න පුලුවන්ද ? රාජ්‍ය ආයතන එකිනෙකාට ණයයි. දුවන්නේ loss පිට. රටක් නෙමෙයි සාමාන්‍ය ගෙදරක්වත් වැඩි කල් දුවන්න බෑ මේ විදියට. අපි රටක් විදියට බලන්න ඕනේ ඊලග දවස හරි මාසේ හරි දුවන්නේ කොහොමද කියලා නෙමෙයි. ස්ථිරසාර ලෙස මේ ප්‍රශ්නෙන් ගොඩ එන්නේ කොහොමද කියලා.
අපි හැමදාම කියනවා වගේ රජයේ පාඩු ලබන ආයතන ප්‍රතිවුහගත කරන්න ඕනේ. රටේ තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඕනේ. මේ හැම දේකටම තවකාලික විසදුම් හොයන්නේ නැතුව ස්ථිරසාර විසදුම් වලට ගිහින් අපි මේකෙන් ගොඩ එන්න ඕනේ. මොකද මේ ප්‍රශ්න වලින් අන්තිමට බැට කන්නේ හරියට වෙලාවට බදු ගෙවන සාමාන්‍ය අපිමයි.
තත්සරණී සිරිවර්ධන
(2022.01.29)