අද බොහෝ දෙනෙන් අහන දෙයක් තමයි ඇයි ආර්තිකය ගැන සෘණාත්මක දේවල් විතරක් කතාකරන්නෙ ආර්ථිකය ගැන ධනාත්මකව බලන්න බැරිද? කියන එක.
අප සැමට අවශ්‍ය උත්තර මිස ප්‍රශ්න නොවේ. අපි අද ලංකාවෙ තියෙන ආර්තික ප්‍රශ්ණ වලට විසදුම් කතා කරමු. එතනදි තේරුම් ගත යුතු දේ නම් නිවැරදි දේ කිරීමට උත්සාහ කිරීම තරම්ම, වැරදි දේවල් නොකර සිටීම වැදගත් බව.
මං පොඩි කාලේ අපේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් ඇහුවා “ඇයි හාමුදුරුවනේ බුදු දහම මෙච්චර සෘණාත්මක. නිතරම කියන්නෙ ලෝකය දුකයි, අනිත්‍යයි, අනාත්මයි කියල. චතුරාර්ය සත්‍ය පටන් ගන්නෙත් දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැතිකිරීමේ මාර්ගය කියල. නිතරම කියන්නෙ සිහිය පවත්වාගෙන මරණානුස්සතිය වගේ භාවනා වඩන්න, මරණය , හුස්ම ගැනීම ගැන සිහි කරන්න කියල. ධර්මයේ ධණාත්මක මුකුත්ම නැද්ද?” කියල. එතකොට ලොකු හාමුදුරුවො දීපු උත්තරය තමයි “ප්‍රශ්ණයක් තියන බව තේරුම් ගැනීම සහ ඒ ප්‍රශ්ණය විශ්ලේශණය කිරීම සෘණාත්මක දෙයක් නොවෙයි ධනාත්මක දෙයක්. මිරිගුවක ඉන්නවට වඩා සත්‍ය ඇති සැටියෙන් දැකීම සහ යතාර්තවාදී වීම ප්‍රශ්ණයට පිළිතුර සොයා ගැනීමේ මූලික පියවරයි. දුකක් තිබෙන බව තේරුම් නොගෙන දුක නැති කරන්නෙ කොහොමද?. දුක පිළිබදව තේරුම් ගැනීම කොතරම් ධනාත්මකද? කියල මගෙන් පෙරලා ඇහුවා.
ලංකාවෙ ආර්තිකයත් ඔය වගෙයි. බොහෝ අයට ප්‍රශ්ණයක් තියෙන බව නොතේරීම නිසා ප්‍රශ්නය විසදන්න අමාරුයි.
ඒ වගේම ආර්තික ප්‍රශ්නය ඉතාම සංකීර්ණයයි. මේක හරියට අවුරුදු ගාණක් තමංගේ ශරීර සෞඛ්‍ය ගැන හිතන්නෙ නැතුව, වැරදි සෞක්‍ය පුරුදු වලට ඇබ්බැහි වී අසාධ්‍ය රෝගියෙක්ට එක දවසින් එක බෙහෙතක් දී සම්පූර්ණ සුවය දෙනව කියනව වගේ විසදුම් මේ ආර්තික ප්‍රශ්න වලට නෑ. සෑම විසදුමක්ම කාලයත් එක්ක අනුරූප වෙන්න ඕන.
කෙටිකාලීන විසදුම්
ලංකාවේ ආර්තිකයත් දැන් හෙමින් ගමන් කරමින් ඉන්නෙ අසීරු අඩියකට. හරියට හොදටම සීනි වැඩි වෙලා සිහිමුර්ජාවුණ දියවැඩියා රෝගියෙක් වගේ. දැන් මේ රෝගියට මුලින්ම ව්‍යායාම කරන්න, හොද කෑම කන්න කියල කියන්න කලින් සැර බෙහෙතක් දීල සිහිය ගන්න ඕන. ඉක්මනට රුධිරයේ තියෙන සීනි ප්‍රමාණය පහළට ගන්න සැර බෙහෙතක් හෝ ඉන්සියුලින් වගේ ඉන්ජෙක්ෂන් එකක් දෙන්න ඕන. ඒකට තමයි අපේ දැන් තියෙන තත්ත්වය අනුව මුලින්ම අන්තර්ජාතික මුල්‍ය අරමුදලට යන්න වෙන්නෙ. බොහෝ දෙනෙක්ට නොතේරෙන දෙයක් තමයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල කියන්නෙ 1950 අපිම සාමාජිකත්වය ගත්ත ලෝකයේ බොහෝ රටවල් සාමාජිකත්වය අරගෙන තියෙන සංවිධානයක් බව. ශ්‍රී ලංකාව මහ බැංකුව පිහිටවපු දවසට පහුවෙනිදම අපි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සාමජිකත්වය ගත්තා. අපේ මුදල් ඇමැතිතුමා සහ මහ බැංකු අධිපතිතුමා තමයි ඔය සංවිධානයේ ලංකාව නියොජනය කරන්නෙ. අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අපිව මේ ප්‍රශ්ණයෙන් ගොඩ ගන්න මැජික් ක්‍රමයක් නෑ. ඔවුන් සමග වැඩසටහනකට ගියාම වෙන මූලිකම දේ තමයි දැනට අපිට ණය දෙන්න අදි මදි කරන, අපේ රටේ මූල්‍ය ස්තාවරබව ප්‍රශ්ණ කරන ආයෝජකයන් භය නැතුව ඔවුන්ගේ මුදල් රටට රැගෙන ඒම සහ අපිට ණය ලබාදීමට ඉදිරිපත් වීම. මොකද අන්තර්ජාතික අරමුදල යම් කිසි වගවීමක් අපේ ආර්තිකයේ ප්‍රතිසංස්කරණ පිලිබදව ගන්න නිසා. එහෙම වෙද්දි මේ තියන ඩොලර් අර්බුදයෙන් පොඩි හුස්මක් ගන්න අපිට පුලුවන්. ඒක ඉතා කෙටි කාලීන හුස්මක් බව අපි මතක තබාගත යතුයි. දියවැඩියා රෝගියට සිහිය ආපු ගමන් ආයෙත් අයිස්ක්‍රීම් කන්න පුලුවන් වෙන තරමෙ සහනයක් නෙවෙයි ඒක. එමගින් අපේ අපනයක ක්ශේත්‍ර සහ ආනයන වෙළදාම නැවත යතා තත්වයට ගේන්න පුලුවන්. ආර්තිකයට පොඩි පිම්මක් ගන්න පුලුවන්. එතනදි අන්තර්ජාතික මූල්‍ය අරමුදලට යා යුත්තේ නැවත එම ආයතනයට නොයන ආකාරයට අපේ ආර්ථිකය හදන සැලස්මකුත් එක්කයි.
ඒ වගේම කෙටිකාලීනව අපි මුලින්ම අපේ මූලිකම ආනයනය වන ඛණිජ තෙල් මිල ලෝක වෙළදපොලත් එක්ක සමපාත වෙන මිල ක්‍රමයක් හදුනවා දෙන්න ඕන. 30%ක් වන ලංකාවේ ඇති හැකි අය ඛණිජ තෙල් වලින් 70%ක් භාවිතා කරනවා. ලෝක වෙළදපොලේ මිල එක්ක වෙනස් වන ක්‍රමයකින් අපේ වැඩිම ආනයන භාණ්ඩය සහ වැඩිපුරම ඩොලර් වියදම් වෙන ඛණිජ තෙල් වලට වෙන බලපෑම අඩු කරන්න පුලුවන්.
මේ දෙකම ටිකක් තිත්ත බෙහෙත් බොනවා හා සමානයි. නමුත් සිහිය නැතිවෙලා අසාධ්‍ය මට්ටමේ ඉන්න ලෙඩෙක්ට විටමින් සී දිල සිහිය ගන්න අමාරු බව අපි තේරුම් ගන්න ඕන.
ඒ වගේම රජයේ වියදම් සීම කරන්නම වෙනවා. අලුතෙන් රජයට සේවකයන් බදවා ගැනීම නවත්තන්න වෙනවා. දැටමත් අපි එකතු කරන හැම බදු රුපියලකින් ශත 86ක් යන්නෙ රජයේ සේවකයන්ට පඩි ගෙවන්න. ඉතිං තවත් සේවකයන් බදවගෙන පඩි ගෙවන්න සල්ලි කොහෙන්ද? බොහෝ අයට හිතන දෙයක් තමයි රජයේ සේවකයන් බදවා ගැනීමෙන් රට සංවර්ධනය කරන්න පුලුවන් කියන එක. ඒත් එය මිත්‍යාවක් බව නිදහසෙ පසු අවුරුදු 70ම එක ලෙස පෙන්වල තියෙනවා.
මධ්‍යකාලීන විසදුම්
තිත්ත බෙහෙත් වර්ග තුනක් එක ළග බිව්වම පොඩ්ඩක් අපිට ඔලුව උස්සන්න පුලුවන් වෙනවා. නමුත් අපේ සමාජයේ ඉන්න දුප්පත්ම පිරිසට වෙන පීඩනය අවම කරන්න අපි ඉක්මනටම ක්‍රමයක් හදන්න ඕන. දැනට ඒකට තියෙන ක්‍රමය නම් සමෘද්ධිය. ඒත් සමෘද්ධිය සැබෑවට හිමිවිය යුතු අයයි, හිමිනොවිය යුතු අයත් ඒක ලබාගන්නව. ඒවගේම සමෘධිය ලැබෙන්න ඕන විශාල පිරිසකට ඒක ලැබෙන්නෙ නෑ. ඒ නිසා සමෘද්ධි ලැයිස්තුව සුද්ද කරන්න ඩිජිටල් ක්‍රමයක් හදුන්වා දිය යුතුයි. ඒ වගේම සමෘධිය ස්ථර කීපයකට තිබීම වැදගත්. දුප්පත්ම අයට වැඩි මුදලකුත්, ඊට වඩා තමක් දුප්පත්කම අඩු අයට සදහා ඊට අඩු මුදලකුත් ඉලෙක්ට්‍රොනික ක්‍රමයක් හරහා යන ආකාරයට හදන්න ඕන. යම් විදියකින් තෙල් මිල වැඩි වීම, කිරිපිටි ඉල වැඩි වීම, ගෑස් මිල වැඩිවීම, විදුලි මිල වැඩි වීම වගේ අවස්තාවලදි දුප්පත් කම වැඩිම පිරිසට මිල වැඩිවීමට අනුරූප සහනාධාරයක් මුදල් වශයෙන් සෘජුව ලබාදීමට හැකියාවක් ලැබෙනවා. එමෙන්ම මිල අඩු වෙද්දි එම සහනාධාරය නැවත අඩු කිරීමට හැකියාවක් ලබා දෙනවා. සරළව කියනවනම් හැම මාසෙකටම එකම සමෘධි මිලක් වෙනුවට ජීවන වියදමත් එක්ක ඉහළ පහළ යන සමෘධි ක්‍රමයක් සැදිය යුතුය. එවිට සමාජයේ දුප්පත් පිරිසට එයින් ගොඩ එන්න අවස්ථාව හිමිවෙනව.
ඉන්පසු මධ්‍යකාලීනව කිසිම තේරුමක් නැති විශාල පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූගගත කිරීම අනිවාර්යයි. අර්බුදයෙන් ගොඩ ඒමට නම් බොහෝ ඒවා පෞද්ගලීකරණය කරන්න වීම නවත්වන්න අපහසුයි. ඒ සදහා දේශීය ආයෝජකයන්ට සහ දේශීය සහ විදේශීය ව්‍යාපාර සංකලන වලට අවස්තාව ලබා දිය හැකියි. බොහෝ දෙනෙක් නොදන්න දෙයක් නම් මේ ආයතන වල විශාල පාඩු ගෙවන්නේ සාමාන්‍ය දුප්පත්ම ජනතාව බව. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම පළමු මාස 4ට පමණක් බිලියන 24ක් පාඩු ලැබුවා. මාස 4ට ලැබූ පාඩුව අපි සමෘද්ධියට මුලු අවුරුද්දටම වෙන් කරන මුදලින් අඩකට සමානයි. මේ දක්වා එම ආයතයන ලබා ඇති මුලු පාඩුව බිලියන 372ක්. එය මේ වසරේ සමෘධියට වෙන් කර ඇති මුදල වගේ 7 ගුණයක්. තවත් සරල කරනවා නම්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු නොලැබුවේ නම්, ඒ මුදලින් පමණක් මේ වසරරේ සමෘධිය 7 ගුණයක් වැඩි කිරීමේ හැකියාව තිබුණ.
එතරම් පාඩු ලබන ආයතන තබා ගෙන මේ ආර්තික අර්බුදයෙන් ගොඩ එන එක පහසු නෑ. ශ්‍රී ලංකන් කියන්නෙ මේ වගේ පාඩු ලබන එක ආයතනයක් පමණයි. මෙවැනි රජයට අයිති ආයතන 527කට ආසන්න සංඛ්‍යාවක් තිබෙනවා. ඉතින් ඒවයින් සැලකිය යුතු වෙනසක් නොකර මේ ප්‍රශ්නයෙන් ගොඩ ඒම දවල් දකින සිහිනයක්. මේ සමහර තීන්දු තිත්ත බෙහෙත් වගේ ජනප්‍රිය නොවන තීන්දු වීමට ඉඩ තිබෙන බව රහසක් නොවෙයි. ඒ බවත් අපි විවෘතව පිළිගැනීමට නිහතමානී විය යුතුයි.
මීළග මධ්‍යකාලීන විසදුම සදහා දැනටමත් ජනාධිපතිතුමා කමිටුවක් පත් කරනු ලැබූවා. ඒතමයි අනවශ්‍ය නීති රීති සහ බාධාවන් ඉවත් කිරීමේ කමිටුව. ඒ හරහා ව්‍යාපාර කිරීමට තිබෙන අනවශ්‍ය නීති ඉවත් කිරීම අනිවාර්යයි. එතකොට ව්‍යාපාර වල පිබිදීමක් නිරායාසයෙන් ඇති වෙනවා.
දිගු කාලීන විසදුම්
දිගු කාලීනව අපි මුලින්ම අපේ ඉඩම් ප්‍රශ්නය විසදිය යුතුමයි. දැනට ලංකාවෙ ඉඩම් වලින් 80%ක් අයිති රජයට. ඒ නිසා අපේ තියන මූලික ප්‍රශ්නය තමයි ඉඩම් නිසි පරදි ඵලදායීව භාවිතා නොකිරීම. එය අපේ ගොවිතැන, කෘෂිකර්මය වගේම අපේ වනාන්න්තර සදහාත් මේ ඉඩම් අයිතිය බලපානවා. අපේ කෘෂිකර්මාන්තයට තාක්ෂණය සේන්දු වීමට නම් ඉඩම් වල සින්නක්කර අයිතිය සහ ඔප්පු ජනතාවට ලැබීම සිදුවියම යුත්තක්. එහිදී බැංකු හරහා මුදල් මූල්‍ය පද්ධතියට මුදල් එකතු වීමෙන් ආර්තිකයේ විශාල පිම්මක් ඇති කළ හැකියි. ඉඩම්වල අයිතිය ජනතාව ලැබුණු විට ඒ හරහා ණය ලබා ගැනීමෙන් විවිධ ව්‍යාපෘති ආරම්භ කිරීම, කෘෂිකර්මාන්තයට ඉඩම් අවශ්‍ය තාක්ෂණය ගෙන ඒමට කරන ඉදිකිරීම් වශයෙන් විශාල තාක්ෂණික සහ ආර්තික විප්ලවයකට පාර කැපිය හැකියි.
එමෙන්ම මෙරට උසාවි වල විශාල ලෙස එකතුවී තියෙන නඩු හබ බොහොමයක් ඉඩම් නඩු. ඒ අනුව උසාවි වල නඩු එකතු වීමෙන් අධිකරණ ක්‍රියාවලියම සම්පූර්ණයෙන්ම අකාර්යක්ෂම වෙලා තිබෙනවා. අධිකරණ කාර්යක්ෂම කිරීමෙන් අපේ ව්‍යාපාර කාර්යක්ෂම කිරීමට අවස්තාව ලැබෙනවා. ඒ වගේම දැනටමත් ක්‍රියාත්මක වෙන අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම ඉක්මනින් කල යුතුමයි. අධිකරණ ක්ශේත්‍රය කාර්යක්ෂම කිරීම ව්‍යාපාර සංවර්ධනයට විශාල ලෙස බලපානු ලබනවා.
මීලගට අප දීර්ගකාලීනව අපේ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීම අනිවාර්යයෙන්ම සිදු විය යුත්තක්. අපේ මහ බැංකුවට මුදල් සැපයුම අඩු වැඩි කරන්න පුලුවන් ප්‍රමාණය ගැන නිසි නීති ගෙන ඒම, අපට ස්වාධීනව ණය කළමණාකරණය කළ හැකි ආයතයක් පිහිටවීම සහ මුදල් විෂය භාර වෙනම ඇමතිවරෙක් සිටීම (ජනාධිපති හෝ අගමැති නොවන) වැනි සමස්ත මූල්‍ය පද්ධතියම ආරක්ශාවන දිගු කාලීන විසදුම් අවශ්‍යමයි. මහ බැංකුව අනුගමනය කරන මූල්‍ය ප්‍රතිපත්තිය ස්තාවර කරන, අපට තිබෙන සංචිත මත පමණක් මුදල් සැපයුම වැඩි කල හැකි ක්‍රමයක් සකස් නොකර මේ ප්‍රශ්ණයෙන් ගොඩ එන්න අපහසුයි.
එම දිගු කාලීන විසදුම් හරියට දිය වැඩියා රෝගියා තරමක් සුවය ලැබූ පසු නැවත ව්‍යායාම සඳහා යොමු වීම වගේයි.
මේ ඉදිරිපත් කර තිබෙන්නේ විසදුම් වලින් කිහිපයක් පමණයි. අපි නිවැරදි තීරණ නොබියව, නිසි කලට ගතහොත් අපිට මේ අර්බුදයෙන් ගොඩ ඒමට පුලුවන්. එම නිසා අප කළ යුත්තේ නොබියව තීරණ ගනිමින් ඉදිරියට යාමයි. ප්‍රශ්නය ඇති සැටියෙන් දැකීමෙන්ම ප්‍රශ්ණයෙන් 50%ක් විසදෙන බව අපි මතක තබා ගමු. ඒ වගේම දුක අවබෝධ කර ගැනීම දුක නැති කිරීමේ පළමු පියවර අපි සිහියේ තබා ගමු.
2021 ජූලි 09 වන දින අරුණ පුවත්පතේ පළ වූ ලිපියක්