ශ්‍රී ලංකාව මේ වන විට අත්විඳින ලද දරුණුතම ආර්ථික අර්බුදයෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටී. වර්ධනය වන රාජ්‍ය වියදම් පියවා ගැනීම සඳහා රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නොවීම නිසා ඇති වුණ මූල්‍ය හිඟය දරාගත නොහැකි මට්ටමේ ණයක්නිර්මාණය කර ඇත. මෙමගින් රජයට ප්‍රාග්ධන ආයෝජන සිදුකිරීමට සහ අධ්යාපනයසහ සෞඛ්‍ය සේවා වැනි අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා ප්‍රමාණවත් මුදල් වෙන් කිරීමට ඇති හැකියාව අඩාල වී ඇත. ඉහළ ණය මට්ටම් නිසා ආදායමේ විශාල ප්‍රතිශතයක් (මුළුආදායමෙන් 77.7%) පොලී ගෙවීම් සඳහා 2022 දී වියදම් වී ඇති අතර (පුනරාවර්තන වියදම්වලින් 44.5%), අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය (සමෘද්ධි) සඳහා වියදම් කර ඇත්තේ පිළිවෙලින් පුනරාවර්තන වියදමෙන් 9.3%, 7.9% සහ 3.4% පමණි.
සාර්ව ආර්ථික ස්ථාවරත්වය යළි ළඟා කර ගැනීමට නම් ආදායමේ සැලකිය යුතු ඉහළ නැංවීමක් සිදුකළ යුතුවේ. එම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් (IMF) එක්ක ලංකාව එළඹුණ විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනේ එක අංගයක් ලෙස ආදායම් පදනම්කරගත් මූල්‍ය ඒකාග්‍රතාවය පෙන්වා දිය හැක. මේ වැඩසටහනේ ඉලක්කයක් තමයි, බදු ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සහ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ මඟින් 2026 වන විට බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් (අවම වශයෙන්) 14% දක්වා ඉහළ නැංවීම.
සමාජ ගිවිසුමක් ලෙස බදු අය කිරීම
බදුවල ප්‍රධාන අරමුණ මහජන සේවාවන් සඳහා අරමුදල් සැපයීමයි. එපමණක් නොව, එමඟින් අඩු ආදායම්ලාභීන් වෙත මුදල් ගෙවීම් හරහා ආදායම යලි බෙදා හැරීමක් සිදු වේ. බදු අය කිරීම, රටක පුරවැසියන් සහ ඔවුන්ගේ රජය අතර පමණක් නොව පුරවැසියන් අතරත් ඇති සමාජ ගිවිසුමකට උදාහරණයකි. මේ ලිඛිත නොවන ගිවිසුම, රජයෙන් ලැබෙන සේවාවන් වෙනුවෙන් පුරවැසියන් බදු ගෙවීමට ඇති කැමැත්තට බලපායි. රටවල බදු අනුකූලතාවය, බදු ගෙවීම සහ රාජ්‍ය සේවා සැපයීම අතර සම්බන්ධයක් පෙන්නුම් කරන අතර, රාජ්‍ය සේවා සැපයීම පිළිබඳ අතෘප්තිකර ස්වභාවය අඩු බදු අනුකූලතා සමඟ සම්බන්ධයක් දක්වයි. රට තුළ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වැනි පුළුල් පරාසයක මහජන සේවාවන් සැපයීමේ වගකීම රජය සතු වේ. කෙසේ වෙතත්, මෙම රාජ්‍ය සේවාවන් සඳහා මුදල් සැපයීම සඳහා අවශ්‍ය බදු එකතු කිරීම ප්‍රමාණවත් නොවේ. මෙයට හේතුව, සමාජ ගිවිසුමේ පුරවැසියන්ගේ භූමිකාව පිළිබඳ අවබෝධයක් නොමැතිකම හෝ රාජ්‍ය සේවාවන්හි ගුණාත්මක භාවය සහ රාජ්‍ය සේවාවන් ලබා ගැනීමට ඇති අපහසුව නිසා පුරවැසියන් පුද්ගලික සේවාවන් වෙත යොමු වීම සහ ඔවුන් භාවිතා නොකරන බව හැඟෙන පොදු සේවාවන් සඳහා ගෙවීමට අකමැති වීම විය හැකිය. එම නිසා රටේ සියලුම පුරවැසියන්ට උසස් තත්ත්වයේ රාජ්‍ය සේවාවන් සැපයීම සඳහා සැලකිය යුතු ආදායමක් උපයන ශක්තිමත් බදු ක්රමයක්අ ත්‍යවශ්‍ය වේ.
ශ්‍රී ලංකාවේ වත්මන් බදු තත්ත්වය
ශ්‍රී ලංකාවේ බදු ආදායම් එකතු කිරීම 1990 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 19% සිට 2022 දී 7.3% දක්වා ක්‍රමානුකූලව පහත වැටී ඇත. කාලයත් සමඟ, ජාතික ආදායම හා ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 1990 දී US$ 472 සිට 2022 දී US$ 3,474 දක්වා ඉහළ ගියද බදු එකතු කිරීමේ අනුරූප වැඩිවීමක් සිදු වී නොමැත (රූපය 1).
රූපය 1: දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව බදු පහත වැටීම
මූලාශ්‍රය: මහ බැංකු වාර්ෂික වාර්තා
ලංකාවේ බදු ආදායම සමතුලිත නොවේ. එයට හේතුව මුළු බදුවලින් 69.5% වක්‍ර බදු ආකාරයෙන් අය කිරීමයි. මේ වක්‍ර බදු මත අනවශ්‍ය ලෙස රඳා පැවතීම සිදුව ඇත්තේ ‘බදු අය කර ගැනීමට අපහසු’ විශාල අවිධිමත් අංශය නිසාය. සෘජු හා වක්‍ර බදු අනුපාතය අඛණ්ඩව 20:80 අනුපාතයේ කාලයත් සමඟ පැවතිණි. ඒ මුළු බදු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස සෘජු බදු ප්‍රමාණය 2000 වසරේ 15% ක පමණ ආදායමේ සිට 2022 දී 31.5% දක්වා ක්‍රමයෙන් වැඩි වී ඇත. එය ආර්ථිකයේ වර්ධනයට සමපාත වී නැති බව පෙන්වමින්, ප්‍රතිශතයක් ලෙස දළ දේශීය නිෂ්පාදිතය පසුගිය දශක දෙක තුළ 2% ක පමණ පහළ මට්ටමක පවතී.
රූපය 2: බදු ආදායමේ සංයුතිය
මූලාශ්‍රය: මහ බැංකු වාර්ෂික වාර්තා
ආදායම් හිඟයට, බදු ක්රමයේ දුර්වලතා හේතු වී තිබේ. බදු එකතු කිරීම සම්බන්ධයෙන්පවතින ප්‍රධාන ගැටළු වන්නේ බදු අනුපාත, සීමාවන් සහ නිදහස් කිරීම්වලට අදාළව තාවකාලික ප්‍රතිපත්ති වෙනස් කිරීම් සහ ඊට සුළු හෝ ආර්ථිකමය වශයෙන්තාර්කිකත්වයක් නොමැති වීමයි. නිරන්තරයෙන් බදු ප්‍රතිපත්තියේ වෙනස්කම් සිදුවීම නිසා පවතින අනුකූලතා ගැටලු මෙන්ම පරිපාලන ගැටලු ද නරක අතට හැරේ. එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය ආදායම අහිමි වීම, ආදායම් විෂමතා නරක අතට හැරීම සහ අත්‍යවශ්‍ය මහජන සේවාවන් සඳහා පවතින අරමුදල් අඩු කරයි.
මේ වගේ ඉහළ මට්ටමකට බදු ආදායම ගෙන යාමට නම් දැනට පවතින බදු ක්‍රමය ඉතාම හොඳින් අධ්‍යනය කරලා පුළුල් වශයෙන් කොටස් තුනක් යටතේ බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න අවශ්‍යය වෙනවා. එනම්, 1) ආදායම් බදු (පුද්ගලික සහ ආයතනික) වැනි ඉපැයීම් මත පනවන බදු; (2) අගය එකතු කළ බද්ද (VAT) වැනි මිල දී ගන්නා දේ මත පනවන බදු; සහ (3) ඉඩම් බදු වැනි අයිති දේ මත පනවන බදු. සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය වන බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම සහ ආදායම් එකතු කිරීම ප්රශස්ත කිරීම සඳහා මෙම එක් එක් බදුවල ඇති ගැටලු හඳුනා ගැනීම වැඳගත් වේ.
සාරාංශය
බදුකරණය හරහා ඵලදායී මූල්‍ය සමාජ ගිවිසුමක් ගොඩ නැගීම වත්මන් බදු ක්රමයේ පවතින ගැටලු විසඳීමට වැදගත් වේ. බදු ගෙවන්නන්ගේ මුදල් වගකීමෙන් හා ඵලදායී ලෙස එම මුදල් භාවිතා කිරීමට රජය ඊට බැඳී ඇත. විනිවිදභාවය සහ වගකීම් සහගත වියදම් සිදු කිරීම මගින් මුදල් අවභාවිතය වැළැක්විය හැකිය, එමගින් කාර්යක්ෂමව සම්පත් වෙන් කිරීම දිරිමත් කළ හැකි අතර රජය සහ එහි පුරවැසියන් අතර විශ්වාසය පිළිබඳ හැඟීමක් වර්ධනය කළ හැකිය. එය මිනිසුන්ට ස්වේච්ඡාවෙන් ආදායම් එකතු කිරීමට දායක වීමට පෙළඹවීමක් ඇති කරන අතර, ඔවුන් දුක් මහන්සියෙන් උපයාගත් මුදල් සමාජයේ යහපත සඳහා යොදවන බව සහතික වන බැවින් සමස්ත බදු අනුකූලතාව වැඩි වීමක් සිදු වේ.
Roshan Perera is a Senior Research Fellow at Advocata Institute. She can be contacted via roshananne@gmail.com. Janani Wanigaratne is a Research Consultant at Advocata Institute. She can be contacted via janani.advocata@gmail.com. Thashikala Mendis is a Data Analyst at Advocata Institute. She can be contacted via thashikala@advocata.org . The opinions expressed are the author’s own views. They may not necessarily reflect the views of the Advocata Institute or anyone affiliated with the institute.